Chapter 19
එදා හවස Soyeonට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා.
හේයි Soyeon.මන් lucas.Lucasගේ නම ඇහුන ගමන් Soyeonට පුදුම හිතුනා.ඒයි ඔයාට කොහොමද මගේ නම්බර් එක හම්බුනේ?soyeon ඇහුවා.ඔයාට වගේ තමයි බබා.අපිටත් නම්බර්ස් දෙන්න පුලුවන් අය ඕනි තරම් ඉන්නවා.Lucas තමන් ගැන හරි ආඩම්බරෙන් කිව්වා.හරි දැන් ඔයා කෝල කරපු හේතුව මට කියන්න.නැත්තම් මන් ෆෝන් එක තියනවා හොදේ.soyeon එහෙම කියපු ගමන් lucas කලබල වුනා.හරි හරි.මන් මේ කතා කරේ අපේ Taeyongගේ වැඩේට sup කරන්න කියන්න.Minju ගැන විස්තර, තව එයා යන එන තැන් ගැන එහෙම.ඔන්න බෑ කියන්න එපා ඩාලින්.මන් තියනවා එහෙනම්.බායි....
Soyeon බැහැ කියලා කියන්න කලින් lucas තමන්ට ඕනි විස්තර ඔක්කොම කියලා ඉක්මනට ෆෝන් එක තිබ්බා.මේ කපටියනම්.soyeon තමන්ටම එහෙම කියාගත්තේ හිනාවෙන ගමන්මයි.පහුවදා yuta ,taeyong දෙන්නටම basketball practice.කට්ටිට practice කරනකොට එක ලමයෙක්ගේ කකුල පෙරලුන පාර minju ඒ ලමයව බලන්න ගියා.Minju ඒ ලමයගේ කකුල්වල අයිස් තියනවා , හොයලා බලනවා දැකපු yuta ,taeyong දෙන්නට කරගන්න දෙයක් නැතුව හිටියේ.
අනිත් දවසේ උදේ පීරියඩ් දෙක බාස්කට් බෝල් practice වලට ගත්තේ ඒ විෂය කරන සර්ට ඒ සතියෙම ඉස්කෝලෙ එන්න වෙන්නෙ නැති නිසා.taeyong practice කරන අස්සෙත් කල්පනා කරේ ඊයෙ අර පිරිමි ලමයා වැටුන වෙලාවේ minju ඒ ලමයව බලාගත්තු හැටි.මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි කියලා හිතපු taeyong practise කරද්දී දෙතුන් පාරක්ම වැටෙන්න යන්න try කරත් ඒක හරිගියේ නැත්තේ taeyongට කරදරයක් වෙන්න නොදී yuta ,taeyongව ආරක්ශා කරපු නිසා.Taeyong වැටෙන්න යන හැම වෙලාවකම yuta ,teyongට වැටෙන්න නොදී අල්ලගෙන Yuta ,taeyong දිහා බලලා හිනවුනේ උඹගේ plan එක මන් දන්නවා .මන් ඒක කීයටවත් වෙන්න දෙන්නෙ නැහැ වගේ බැල්මකින්.කොහොමහරි yuta අහක බලපු තප්පරයට ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තු taeyong උවමනාවෙන්ම ලග හිටපු ලමයෙක්ගේ කකුලේ පැටලිලා බිමට වැටුනා.Oh no..බයවෙන්න එපා මන් ඉන්නවා.එහෙම කියපු කටහඬක් ඉක්මනටම taeyong ගාවට දුවන් ආවා.ඒත් ඒ කටහඩ taeyong බලාපොරොත්තු වුන කටහඩ නෙමෙයි.
Lucas උඹ....taeyongගේ බලාපොරොත්තු කඩවුනා.උඹ කොහෙද මෙතන?
Taeyongට කෝ minju කියලා අහන්න ඕනි වුනත් taeyong එහෙම ඇහුවේ නැත්තේ team එකේ ඔක්කොම taeyong ගාවට වටවෙලා හිටපු නිසා.මන් ගැන නෙමෙයි උඹ ගැන බලපන්.මූ අද කැඳ බීලද කොහෙද තුන් හතර පාරක් වැටෙන්න ගියා.කෝ උඹට තුවාලද? Lucas ඇහුවා.taeyong බොරුවට වැටුනත් ඇත්තටම ටිකක් තුවාල වෙලා තිබුනා.බෙහෙත් දාන්නම වෙයි.වරෙන් යන්න sick room. Lucas ,taeyongවත් එක්කගෙන ගියා.
මේ බන්.ඇයි minju වෙනුවට උඹ එතන හිටියේ.Minju කෝ? Sick room යනගමන් taeyong ,lucasගෙන් හිමීට ඇහුවා.ආ එයා මට choco milkshake එකක් අරන් දෙනවා කියලා පෙරේදා ඉදන් පොරොන්දු වෙලා තිබ්බේ.මන් ඉතින් එයාව යැව්වා මට එක අරන් එන්න කියලා.lucas එහෙම කියද්දී taeyong ,lucas දිහාට ඔරවලා බැලුවා.හරි හරි බන්.යකා නගින්න ඕනි නැහැ.මන් ඒකෙන් උඹටත් භාගයක් දෙන්නම් බොන්න.තමන් කලින් කියපු දේ නිසා taeyongගේ මූන අවුල් වෙනවා දැකපු lucas ආඩම්බරෙන් එහෙම කිව්වේ තමන් තමන් වගේ යාලුවෙක් ලැබුන එක ගැන taeyong සතුටු වෙන්න ඕනි කියලා හිතන ගමන්.
අනේ උඹනම් මාව කන්න ආපු යකෙක්.යකෝ මන් අද වැටුනේ minjuට පේන්න.උඹ එතනට පැනලා ඔක්කොම වැඩ අවුල් කරා.අතඇරපන් මාව.taeyong ,lucasව අත ඇරලා තනියම කොර ගගහා sick room එක පැත්තට ගියා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...