Chapter 13

240 57 2
                                    

එදා taeyong chips ටිකකුයි ,තව ඕනි කරන බඩු වගයකුයි ගන්න supermarket එකට ගියා.taeyong බඩු ටික අරන් cashier ගාවට යද්දිම taeyongට කෝල් එකක් ආවා.ආ hyung ,මන් මේ supermarket එකට ආවා.තව පොඩ්ඩකින් එනවා.taeyong එහෙම කියලා ආයි ආවේ බඩු ටිකට ගෙවන්න.සර් අර මැඩම් සර්ගේ බඩු වලට ගෙව්වා.taeyong සල්ලි ගෙවන්න යද්දී එතන හිටපු cashier කියපු දෙයින් taeyong පුදුම වෙලා වටපිට බැලුවේ ඒ කවුද කියලා බලන්න.
    ඔයාට මගේ බඩු වලට ගෙවන්න කියලා කවුද කිව්වේ?ගෙවපු කෙනාව අදුරගත්තු ගමන් taeyong එතනට ගිහින් ඇහුවා.කොහොමද පුතා ඔයාට?ඒ ගෑනු කෙනා taeyongගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට taeyongගේ සැපදුක ඇහුවා.
    පුතා..ඔයාට ලැජ්ජාවක් නැතිව තාමත් ඒ වචනේ කියන්න පුලුවන්ද ?ඔයාට මට පුතා කියන්න තිබ්බ අයිතිය නැතිවුනේ දැන් අවුරුදු ගානකට කලින්.අනික මේකත් ඔයා හොදට මතක තියාගන්න ,මගෙයි අයියගෙයි ,තාත්තයි අම්මයි මැරිලා ගොඩක් කල්.ඒක මතක තියන් වැඩ කරන්න.ඒ වගේම තමයි මට මේවා අරන් දෙන්න උවමනාවක් නැහැ.ඔයාගේ පිහිටෙන් මායි අයියයි තනියම නැගිටින්න ඉගෙන ගත්තා.taeyong අම්මා ඉස්සරහාම බඩු ටික කුනු කූඩෙට දාලා ගියා.

දවස් දෙක තුනකට පස්සේ minju ,yuta දුන්නු පොත කියවලා ඉවර වෙලා yutaට දුන්නා.මන් ඔයාට කිව්වේ මේ පොත ගන්න කියලා.නැතුව ආයි මට දෙන්න කියලා නෙවෙයි .අනික මන් වගේ කෙනෙක් දුන්නු පොතක් තියාගන්න ලැබුණ එකට සතුටු වෙන්න.yuta එහෙම කියන ගමන් හිනාවෙලා ගියා.හැබැයි ඒ හිනාව අවඥාවෙන් වුන හිනාවක් නොවී සුහදව වුන හිනාවක් නිසා minju ටිකක් පුදුම වුනා.

ඒ දවස් දෙක තුන minju ,taeyongගේ මූන දිහාවත් බැලුවේ නැහැ.taeyong සමාව ඉල්ලුවට පස්සේ පොඩ්ඩක් හරි ශේප් වෙලා හිටපු minju ආයිත් තරහින් ඉන්නේ ඇයි කියන එක taeyongට ලොකු ප්‍රශ්නයක් වුනත් taeyong ඒක අහන්න නොගියේ අහන්න ගියත් මොකක් කියලා අහන්නද කියලා නොදන්න නිසා.හතරවෙනි දවසේ උදේම taeyongට පන්තියට යන අතරමගදී umji ,soyeon දෙන්නව හම්බුනා .පොඩ්ඩක් නවතින්න.umji ,taeyongව නැවත්තුවා.ඔයා එදා සමාව අරගෙනත් ඇයි minjuට ආයි කරදර කරන්නේ.ඒ msg වලින් එයා හරියට වද විදිනවා.එයාට නම්බර් එක මාරු කරන්නත් බැහැ මොකද ගෙදර කට්ටිය අහයි මොකද කියලා.soyeon ,taeyongගෙන් ඇහුවා.
මොකක්ද ඔයාලා මේ කියන්නේ?මට පැහැදිලි නැහැ.soyeon කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැතිපාර taeyong ඇහුවා.
ඔයා minjuගේ නම්බර් එක කොල්ලොන්ට දීලා දැන් minjuට කොල්ලොන්ගෙන් හරි හරියට msg එනවා කරදර කරලා.soyeon කිව්වා.
මොකක්?taeyong පුදුමෙන් එහෙම කියලා කෙලින්ම ගියේ minjuව හම්බෙන්න.

මට ඉක්මනට ඔයාට අර messages ආපු නම්බර්ස් පෙන්නන්න.taeyong ,minjuව හම්බෙලා එහෙම කිව්වා. ඔයා මගේ නම්බර් එක දීපු කට්ටියව ඔයාටම මතක නැද්ද?minju ,taeyongගෙන් එහෙම ඇහුවත් taeyong මුකුත් කියන්න ගියේ නැහැ. minju ,taeyong කියපු දේ මුලින් ගනන් ගත්තේ නැති වුනත් taeyongගේ සීරියස් පෙනුම දැකලා messages ආපු නම්බර්ස් පෙන්නුවා.
මන් හිතන්නේ මෙතන එක නම්බර් එකක් මන් දන්නවා.අනිත් අය මුකුත් කියන්නත් කලින් Taeyong ඉක්මනට ගියේ lucasව හම්බෙන්න.
උඹ උඹේ phone එක මේ ටිකේ කාටහරි දුන්නද?taeyong හදිස්සියෙම තරහින් වගේ එහෙම අහද්දී lucas ටිකක් පුදුම වුනා.හ්ම්ම්..අදනම් නැහැ.හැබැයි පෙරේදද කොහෙද දුන්නා.හැමදාම අපේ Kim soohul ලයගේ ෆෝන් එකේ data විතරයි සල්ලි නැහැනේ.ඌ ෆෝන් එක ඉල්ල ගත්තා ගෙදරට කෝල් එකක් ගන්න කියලා.lucas එයාලගේ සෙට් එකේ කෙනෙක්ගේ නම කිව්වා.ඒත් ඇයි උඹ අහන්නේ?
මම හිතුවා හරි.කෝ දැන් ඌ?lucas අහපු දේට උත්තර නොදී taeyong ඇහුවා.ආ මන් ඌව කන්න මොනාහරි ගේන්න යැව්වා.දැන් මග එනවා ඇති.taeyong ටික දුරක් යද්දිම soohulව මගදී හම්බුනා.මට උඹගේ ෆෝන් එක පෙන්නපන්.taeyong ,soohulට කිව්වත් soohul පෙන්නුවෙ නැහැ.ඒ මොකෝ taeyong ?soohul ඇහුවා.
මන් දැන් එකපාරක් කිව්වම ඇහෙන්නේ නැද්ද .ඕක පෙන්නපන්. taeyong එහෙම කියද්දී බයවුන පාර soohul ලොක් එක ඇරලා taeyongට දුන්නේ කරන්න දෙයක් නැතිපාර.උඹයි එහෙනම් ඒ msg යැව්වේ.ඇයි උඹ එහෙම කරේ.ෆෝන් එක බලපු taeyong ,soohulගෙන් ඇහුවා.ඔය වගේ ලස්සන කෙල්ලෙක්ගේ නම්බර් එකක් හම්බුනාම ආතල් එකක් නොගෙන පුලුවන්ද බන්.අනික උඹත් සතුටු වෙයන් .ඒ කෙල්ල උඹෙත් හතුරා.soohul කිසි ගානක් නැතුව කියනකොට minjuත් ඒ හරියට ආවා.කෙල්ලෙක්ට msg දදා කරදර කරලා මදිවට උඹ තව කියවනවද?taeyong ,soohulට ගැහුවා.අනික ඒක අපේ ප්‍රශ්නයක්.උඹට ඒවට අදාලත්වයක් නැහැ.taeyong ,soohulට දෙවෙනි පාරටත් අත උස්සන්න යද්දී minju කෑ ගැහුවා.මේක නවත්තන්න.minju තව වචනයක්වත් නොකියා taeyongව එතනින් ඇදගෙන ආවා.
ඔය ඇති.

ඔයා කියන්නේ ඌව එහෙම අතඅ‍රින්න කියලද?taeyong ඇහුවා.ප්‍රශ්න විසදන එකම ක්‍රමය ගහගන්න එක නෙමෙයි.අනේ මන්දා ඒත් ඔයා දන්න එකම ක්‍රමය ඒකද කොහෙද?මේක ඉස්කෝලයක්.නැතුව ගහගන්න තැනක් නෙමෙයි.අනික ඔයාව මැරයෙක් වෙන්න කියලද ඔයාගේ අම්මලා ඔයාව ඉස්කෝලේ එවන්නේ.minju එහෙම කියනකොටම taeyongගේ මූන වෙනස් වුනා.තමන් කියන්න ඕනි නැති දෙයක් කිව්වේ කියලා minjuට එතකොටයි මතක් වුනේ.
සොරි ඔයාට කවුරු වැරැද්දක් කරත් ඒකට මමනේ වැරදී.ඔයාට මාව හැම වෙලාවෙම මැරයෙක් වගේ පේන එකටත් සොරි.taeyong එහෙම කියලා එතනින් ගියේ minju තමන් කියපු දේ ගැන පසුතැවෙද්දී.             

3 Seconds (Completed)Where stories live. Discover now