හැබැයි කවදාවත් මට අයිති දේවල් අල්ලන්නවත් හිතන්නෙපා එපා" එහෙම කියන ගමන්ම taeyong ,yutaගේ මූනට පාරක් ගැහුවා.
මට උඹේ කාර් වලින් වැඩක් නැහැ යකෝ.මන් ඒක කැඩුවනම් ඒක කියන්න බයත් නැහැ .yuta එහෙම කිව්වත් Taeyong ඒක පිලිගන්න ලෑස්ති නැහැ.
හරි එහෙමනම් මාත් ලෑස්තියි .ගහපන් බලන්න ආයි.Yuta එහෙම කිව්ව ගමන් taeyong තව පාරක් yutaට ගහන්න හදනකොටම කාවද ලමයෙක් එක්කන් dk එතනට ආවා.මෙයාගෙ අතින් තමයි එයාගේ බයික් එක පාක් කරද්දී අත් වැරදීමකින් කාර් එක හැප්පිලා තියෙන්නේ.Yutaගේ කිසි සම්බන්දයක් නෑ මේකට. dk එක්කන් ආපු පිරිමි ලමයව පෙන්නලා කිව්වා.
හරිනෙ දැන් ඉතින් අපි යන්.මෙතන වුන දේ හොයාගත්තනේ.lucas ,taeyongව එක්කගෙන එතනින් යන්න හැදුවත් yuta නැවත්තුවා .ඇයි මට එක නීතියක් අනිත් අයට තව නීතියක්ද?yuta එතන හිටපු පිරිමි ලමයව taeyong ගාවට තල්ලු කරා.
ඔව් ඒක ඇත්ත taeyong .උඹේ නීති අදාල yutaට විතරක් නෙමෙයි කියලා පෙන්නපන්.yutaට හිතවත් කෙනෙක් taeyongට කිව්වා.
හරි මන් මේක ඉවරයක් කරලා දාන්නම් කියන ගමන් Taeyong තමන් ගාව පින්සෙන්ඩු වෙවී හිටපු පිරිමි ලමයගේ කොලර් එකෙන් අල්ලගත්තේ Yutaගේ අභියෝගය භාර ගන්න ගමන්.
මෙ බන්,ඒ කොල්ලා උවමනාවෙන් ඒක කරේ නැහැනෙ .අනේ බන් ඕක අත ඇරලා දාපන්.lucas එහෙම කිව්වත් taeyong ඒක අහන්නෙ නැතුව අර පිරිමි ලමයට පාරක් ගහන්න යද්දිම minju මැද්දට පැන්නා .එහාට වෙනවා තමුන්ට මේ ප්‍රශ්නෙට අදාලත්වයක් නැහැ .taeyong ,minjuට තර්ජනය කරා.
මගේ ඉස්කෝලේ ලමයෙක් එයාගෙන් වුන අත් වැරැද්දක් නිසා ගුටිකන එක මට අදාලත්වයක් නැති වෙන්නෙ කොහොමද .ඔය දෙන්නා මැරයෝ දෙන්නෙක් වගේ මෙහෙම ජරා විදිහට හැසිරෙන්නෙ ඇයි.අර පිරිමි ලමයව අත අරින්න.minju ,taeyongගේ ඇස් දෙක දිහා බලන් කිව්වා.
ඔයා කියන දේ අහන්න මන් කවුරු කියලද හිතන් ඉන්නේ.අනික තමන්ට ගැලපෙන අයත් එක්ක හැප්පෙනවා.තමුන් වගේ පහත් කෙල්ලෝ අඩුම තරමේ මේ වාහනයක් මීට කලින් දැකලවත් තියෙනවද?ඉතින් මේ ප්‍රශ්නෙට ඇඟිලි නොගහා ඉන්නවා.taeyong එහෙම කිව්වේ minju කියන දේ ගානකටවත් නොගෙන.මුලින්ම මේක අහගන්න.ඔයා මගේ යාලුවට හරියට අපහාස කරනවා.ඔයා minju කවුද කියලා ඇහුවනේ . Minju තමයි කොරියාවේ ලොකුම hospital ප්‍රමාණයක් අයිතිකාරයගේ දුව.ඉතින් ඔයා එයාට අපහාස කරන්න කලින් එයාගේ background එකත් පොඩ්ඩක් හොයලා බලන්න.මොකද ඔයාට කොච්චර සල්ලි තිබ්බත් හදිස්ස්සියෙවත් ඔයා ඔය රන්ඩුවක් වුන වෙලාවක තුවාලයක් වෙලා බෙහෙත් දාගන්න hospital එකකට යන්න වුනොත් minjuලා එපා කිව්වොත් ඒ කිසිම hospital එකකින් ඔයාව බාරගන්න එකක් නැහැ .taeyongලා හැමදාම තමන්ගේ යාලුවට අපහාස කරනවා බලන් ඉන්න බැරිපාර Soyeon කතා කරා.minju කවුද කියලා දැනගත්තම ගොඩක් ලමයි පුදුම වුනා.
මෙයාලා මිනිස්සුනේ තත්වේ මනින්නේ සල්ලි වලින් විතරයි Soyeon.
මේ අහන්න.මේ ලමයව දැන්වත් අත අරින්න.ඒ පාර minju කතා කරා.මොකද මෙයා දැනුවත්ව කරපු වැරැද්දක් නෙමෙයිනේ මේ.minju ආයිත් කිව්වා.
ඒත් නීතියට අනුවනම් හිතලා කරත් නොදැන කරත් මොකක් හරි දඩුවමක් විදින්න ඕනි නේද ?taeyong කතාකරා.
ඔව්.හැබැයි මේ වගේ වැරැද්දකට ගහනවා මන් ඇහුවාමයි.ඒක නිසා අපි ඔයා ඔය කියන විදිහට මේකත් නීතියට අනුව විසදමු.එහෙම කරාම කාටත් හොදයි.මෙන්න මෙතන හිස් චෙක් එකක් ඇති.ඔයාගේ වාහනේට වුන පාඩුව මේකෙන් ගන්න.minju එයාගේ බෑග් එකෙන් චෙක් එකක් අරන් taeyongගේ කාර් එක උඩින් තියලා ගුටිකාපු පිරිමි ලමයවත් එක්කන් ගියේ taeyong මුකුත් කියන්නත් කලින්.
බලපන් බන් එකෙක් කෙල්ලෙක්ගෙන් හොදටම චාටර් වුන හැටි.yutaටත් හිනා වෙලා එහෙම කියාගෙන ගියා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...