Chapter 33

240 42 7
                                    

match එක ඉවර වෙලා කට්ටියම කන්න ගියා.මිනිහෙක් මැරුනත් treat ඉල්ලන lucasවගේ යාලුවෝ ඉන්නකොට taeyutaට අදනම් ගැලවීමක් තිබුනෙම නැහැ. sowon දැන් ටිකක් රෑ වෙලත් නිසා මන් ඔයාව ගෙදරට drop කරන්ම යන්නම්.යන්න කිට්ටු වෙද්දී yuta ,sowonට කිව්වා.නැහැ කමක් නැහැ yuta.minhyuk එනව කිව්වා මාව ගන්න.sowon කිව්වා.
ඒක කියද්දියි මතක් වුනේ. මට ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා.මායි minhyuk කුයි ළගදිම engage වෙනවා.ඔයාල ඔක්කොම එන්න ඕනි.specially ඔයත්.sowon ,yuta දිහා බලලා එහෙම කිව්වා.sowon එහෙම කියද්දී කට්ටිය හොදටම පුදුම වුනා.yutaගේ මූනෙනම් තිබුනෙ ලොකු බලාපොරොත්තු කඩවීමක්.
ඒයි sowon ඔයා කවද්ද minhyuk ද මොකාද කියන එකත් එක්ක යාලු වුනේ.අපි දන්නෙත් නැහැනේ.soyeon ඇහුවා.
සොරි ඔයාලට කියන්න බැරිවුනාට.ඒ මගේ පොඩිකාලේ යාලුවෙක්.එයා ගිය සතියේ අපේ අම්මලට proposal එකක් ගෙනල්ලා.ඉතින් අම්මලා කැමති වුනා.sowon එහෙම කියද්දිම එයාට cl එකක් ආවා.minhyuk ඇවිත් වගේ.මන් යන්නම්.Gn all.
Sowon එතනින් ගිය ගමන්ම dk ඉස්සර වුනා.උඹ කවද වෙනකන් හිතනවද බන්.උඹනම් මහ පිස්සෙක්.yuta දිහා බලලා dk කිව්වා.
අනේ යකෝ මූ බලහන්කෝ.umjiට තාම කියාගන්න බැරුව ඉන්න එකා yutaට උපදෙස් දෙනවා.lucas එහෙම කියලා විහිලු කරද්දී අනිත් කට්ටියත් හිනාවුනා.මේ එයාට විහිලු කරන්නෙපා හොඳද ඔයාලා.එයා මගෙන් ask out කරන එක ගැන ඔයාලා වද වෙන්න එපා.මොකද එයා මගෙන් ගිය සතියේ ask out කරා.umjiගෙ කටින් එයා කියන්න නොහිතපු දෙයක් පිටවුනා.දැන් ඉවරයි.කට්ටිය වුන දේ හිතාගන්න බැරුව ඉන්න ටිකට අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු dk,umjiවත් ඇදගෙන ඉක්මනට එලියට පැන්නා.ඒයි උඹල දෙන්නා අපෙන් මේක හැංගුව නේද.යකෝ මූ මී පැටිය වගේ කට පියන් හිටියට මුන් දෙන්නා අපි ඔක්කෝටම කොලේ වහලා.දුවන්නැතුව ඔහොම හිටපන් අපි එනකන්.lucas,soyeon දෙන්නා dk,umji පස්සෙන් එලෙව්වා.
මට important call එකක් ගන්න තියෙනවා.මන් කෝල් එක අරගෙන එන්නම්.taeyong බොරුවක් කියලා එතනින් ගියේ yutaට minju එක්ක පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න.මොකද yuta එක්ක කතා කරන්න සුදුසුම කෙනා minju කියලා taeyeon දන්න නිසා.
ඒයි මෝඩයෝ..ඔයා කොච්චර දවසක් මෙහෙම ඉන්නද.මේ අහන්න yuta,ඔයා හිතනව ඇති ඔයා මට කැමති වෙලා ඉදලා දැන් ආයි වෙන girl කෙනෙක්ට ආදරේ කරොත් ඒක වැරදි වැඩක් කියලා.ඒත් ඒක වැරදියි.මන් කවදාවත් ඔයා ගැන වැරදියට හිතන්නේ නැහැ.ඔයාගේ ඇස්වල sowonටත් ඉඩක් තියෙනවා කියලා මන් දන්නවා.ඔයාට එක පාරටම වෙනස් වෙන්න ඕනි නැහැ.ටික ටික වෙනස් වෙන්න.මන් හිතනවා ඔය දෙන්නා ගොඩක් ලස්සන couple එකක් වෙයි කියලා.එයා ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන කරයි.ඔයා තාමත් පරක්කු නැහැ.මට විශ්වාසයි එයත් ඔයා වෙනුවෙන් බලන් ඇති.හොද තීරණයක් ගන්න.minju එහෙම කියලා yutaගේ ඔලුව අත ගාලා එතනින් ගියා.

3 Seconds (Completed)Where stories live. Discover now