Minju ,taeyongට කැමති නැහැ කියලා දවස් තුන හතරක් ගෙවුනා.Taeyong ඒ දවස් ටිකේ ගොඩක් දුකින් හිටියේ.දැන්වත් මේක අත ඇරලා දාපන් කියලා lucas කොච්චර කිව්වත් taeyong ඇහුවේ නැහැ.මේ දවස්වල yutaත් හිටියේ ගොඩක් කුතුහලයකින්.මොකද minju තමන්ටත් ඇත්තටම කැමතිද නැද්ද කියලා.ඒ දවස් ටිකේම minjuගේ තාත්තට වැඩ ගොඩක් වැටිලා තිබුන නිසා Minju දවස් දෙක තුනක්ම ගෙදර ගියේ Umjiගේ හරි Soyeonගෙ හරි කාර් එකේ.minjuගේ ගෙදරින් එන්න පරක්කු වුන දවසක minjuගේ ගෙදරින් එනකන් ටිකක් එහාට වෙන්න taeyong එයාගේ කාර් එක නවත්තන් බලන් හිටියා minjuගේ ආරක්ශාවට.taeyong තමන් ගෙදර යනකන් ඉන්නවා කියලා නෝට් කරන් හිටපු minju අනිත් දවසේ ඉස්කෝලේ ආපු ගමන් taeyongව හම්බුනා.taeyong මන් ඔයාට කිව්වනේ මට ඔයාට කැමති වෙන්න බැහැ කියලා.ඒත් ඔයා දිගටම ඇයි මේ වගේ හැසිරෙන්නේ.ඔයා ඔහොම කරන එක මට කරදරයක්.minju බොරුවට taeyongට බැන්නේ taeyong තමන් වෙනුවෙන් බොරු බලාපොරොත්තු තියන් ඉන්න එකෙන් taeyongට හොදක් වෙන්නෙ නැති නිසා .එදායින් පස්සේ taeyong ,minju අකමැති නිසා minjuගේ ගෙදරින් එනකන් හිටියේ නැහැ.ඊට දවස් තුන හතරකට පස්සේ ඉස්කෝලෙදී Yuta අන්තිමේදී තීරණය කරා එයාට එදා minjuට දෙන්න බැරිවුන gift එක හෙටවත් minjuට දෙන්න ඕනි කියලා.yuta ඉස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න තියලා හෙට හම්බවෙන්න එනවද කියලා minjuගෙන් අහන්න ගියත් library එකට එන්න කියලා yutaට පනිවිඩයක් ආපු නිසා yutaට ඒ ගැන අහන්න බැරිවුණා.
එදා ඉස්කෝලේ ඇරිලා minju ගොඩක් වෙලා බලන් හිටියත් Minjuගේ ගෙදර වාහනේ පේන්න නැහැ.බලන් හිටපු බැරිම තැන minju driverට කෝල් කරාම එන අතරමග වාහනේ කැඩුන නිසා හදන් එන්න ටිකක් වෙලා යයි කියලා driver කියපු නිසා taxi එකක් අරන් ගෙදර යන්න minju කල්පනා කරා.scl gate එකෙන් අඩි 10ක්වත් minjuට යන්න ලැබුණේ නැහැ .කවුද දරදඬු අතක් minjuගේ කට තදකරන් වාහනයකට දාගත්තා.ඒ වෙන කවුරුවත් නෙමෙයි එදා taeyongට හොදටම ගහපු Hason.Hason ,minjuට දාපු බැල්ම පුරාම තිබ්බේ අන්තිමේදී තමන්ගේ වාරය ආපු එකට තිබුන
ලොකු සතුටක්.Hason ,minjuව එදා පරන ගබඩාවටම අරගෙන ගිහින් පුටුවක ගැට ගහලා taeyongට කෝල් එකක් ගත්තා.Taeyong උඹේ කෙල්ල මන් ගාව.පැය භාගයක් ඇතුලත එදා තැනටම වරෙන්.හැබැයි මේ ගැන කාටහරි කිව්වොත් කෙල්ලට කරදරයක් වෙයි.හොදට මතක තියාගනින් හරියටම පැය භාගයයි මන් උඹට දෙන්නේ.Hason ,taeyongට කෝල් කරපුවා Minjuට ඇහුණත් taeyong දීපු උත්තරේ minjuට ඇහුනේ නැහැ.තමන් taeyongට බැනපු නිසා ඒ තරහෙන් taeyong තමන්ව බේරගන්න එයි කියලා Minjuට විශ්වාසයක් තිබ්බෙ නැහැ .ඉතුරු කාලය ඇතුලතම Hason හිටියේ Minju දිහා හරි ජරා විදිහට බලාගෙන minju එක එක දේවල් කියන ගමන්.අද taeyong ආවත් ඌටවත් ඔයාටවත් මගෙන් බේරෙන්න බැහැ වස්තුවේ.මන් ඌට එන්න කිව්වේ ඔයාව බේරගන්න නෙමෙයි ඔය දෙන්නවම එක පාර හම්බවෙන්න.Hason එහෙම කියන ගමන් Minju දිහා බලලා හිනාවුනා.Hason ,taeyongට දුන්නු පැය භාගේ ඉවර වුනත් taeyong ආවේ නැතිපාර Hason ,minju ගාවට ගියා.ඔන්න taeyong නම් ආවෙ නැහැ .කමක් නැහැ මන් ඉන්නවනේ ඔයාට.hason එහෙම කියන ගමන් minju දිහා බලලා හිනාවෙද්දී minjuට ඇඬුනා.
ඔයා අඩනවද මැණික.කෝ බලන්න ඔයාගේ මූන.hason එහෙම කියන ගමන් minjuව අල්ලන්න යන්න හදද්දීම එකපාරට ඇතුලට ආපු කෙනෙක් Hasonට පාරක් ගැහුවා.මන් කිව්වනේ ඔහේට එයාට කිසි දෙයක් වෙන්න මන් ඉඩ දෙන්නෙ නැහැ කියලා.එහෙම කියන ගමන් taeyong එතන හිටපු කට්ටිය එක්ක ගහගත්තා.ශා.. උඹ දැන් දියුනු වෙලා නේද?Hason ,taeyongගෙන් එහෙම ඇහුවේ කලින් දවසට වඩා Hasonගෙ පිලේ තුන් දෙනෙක් වැඩිවුනත් taeyong ඒ ඔක්කෝටම ගහනවා දැකලා.මේ පාර taeyongව පාලනය කරන්න පුලුවන් වෙයි කියලා Hason හිතුවත් Taeyong කට්ටියටම ගහනවා දැකපු Hason පරාජය බාරගන්න ලෑස්ති වුනේ නැහැ.උඹට මේ පාර මන් දිනන්න දෙන්නේ නැහැ.උඹගේ කෙල්ලට හරි විදවන්න වෙයි කියපු hason පොල්ලක් අරගෙන Minju ගාවට ගියා.Hason ,minjuට පොල්ලෙන් ගහද්දිම එතනට පැන්න Taeyong ,minjuට පොලු පාර නොවැදෙන්න minjuව කවර් කරපු පාර පොලු පාර taeyongගේ ඔලුවට වැදුනා.Taeyongගේ ඔලුවෙන් ලේ ගැලුවත් taeyong ගොඩක් අමාරුවෙන් ඔලුව අල්ලගන්න ගමන්ම Hasonට ගැහුවා.එයාට කරදරයක් වෙන්න මන් ඉඩ තියන්නේ නැහැ.ඒ වගේම මන් දැන් උඹව ඉතුරු කරන්නෙත් නැහැ .එහෙම කියන ගමන් taeyong ,hason අතේ තිබුන පොල්ල උදුරන් hasonට හොදටම ගැහුවේ Hasonට ආයි නැගිටගන්න බැරිවෙන්නමයි.Taeyong,minju ගාවට බොහොම අමාරුවෙන් ගිහින් minjuව ගැට ගහලා තිබ්බ තැනින් ගැලෙව්වා.
Taeyong ඔයාගේ ඔලුවෙන් හොදටම ලේ .....minjuට එච්චරයි කියන්න හම්බුනේ.Taeyong සිහි නැතුව වැටුණා.මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව minju ඉක්මනට yutaට කෝල් කරා.yuta..MS factory එක ගාව තියෙන පරන ගබඩා හරියට ඉක්මන් කරලා එන්න පුලුවන් වෙයිද ඔයාට?අනේ taeyongට හොදටම අමාරුයි.minju අඬ අඬ කිව්වා.හරි මන් මේ ලගමයි ඉන්නේ.මන් විනාඩි 10න් ඔතන.විනාඩි කීපෙකින් එතනට ආපු yuta ,minjuත් එක්ක taeyongව හොස්පිටල් එකට එක්කන් ගියා.Taeyongගේ ඔලුව උකුල උඩ තියාගෙන Minju ඒ වෙලාවෙම හිටියේ හොදටම අඬ අඬ.
Hospital එකට ගිය ගමන් doctorsලා Taeyongව emergency unit එකට ඇතුල් කරා.Minjuට සහනයක් දැනුනේ තුවාලය ගොඩක් බරපතල නැහැ කියලා doctorsලා කියපු දෙයින්.ඊට ටික වෙලාවකින් Vත් එතනට ආපු නිසා yuta ඉක්මනට එතනින් ගියා.
මන් tyව hospital එකට ගෙනාවේ කියලා කාටවත්ම කියන්න එපා.yuta hospital එකෙන් යන්න කලින් minjuගෙන් ඉල්ලුවා.Taeyongව admit කරලා තිබුනේ Minjuලගේ hospital එකකට.Minjuගේ තාත්තා පිට වැඩකට එලියට ගිහින් හිටපු නිසා hospital එකේදී තාත්තගේ ප්රශ්න වලින් බේරිලා ඉන්න minjuට පුලුවන් වුනා.ඒ වගේම අද ප්රශ්නේ ගැන minju හැමෝටම බොරු කිව්වේ taeyongගෙන් අහන්නේ නැතුව මේ ගැන කාටවත් කියන එක හොද නැති නිසා.
ඉතුරු දවස් දෙකේම minju ,taeyongව බලන්න hospital එකට ආවා.තුන්වෙනි දවසේ minju උදේ ඉස්කෝලේ යන්න කලින් taeyongව බලන්න ආවත් ඒ වෙද්දී taeyongව ගෙදර යවලා කියලා දැනගන්න ලැබුණා.එයාට මාත් එක්ක තරහා ඇති.ඒකයි එයා මට එයාව ගෙදර යැව්වා කියලා msg එකක්වත් දැම්මේ නැත්තේ.minju එහෙම දුක් වෙන ගමන් ඉස්කෝලෙට යද්දී car park එකේ taeyongගේ කාර් එක නවත්තලා තියෙනවා දැක්කම minju පුදුම වෙලා ඉක්මනට පන්තියට ගියත් පන්තියේ taeyong පේන්න හිටියේ නැහැ.කෝ taeyong ?minju ,lucasගෙන් ඇහුවා.හුලන් ටිකක් වදින්න ඕනි කියලා ඔය rooftop එක පැත්තට ගියේ.
Minju දුවන් rooftop එකට යද්දී taeyong ලොකු කල්පනාවක හිටියේ.minju එකපාරටම ගිහින් taeyongව බදාගත්තේ taeyongවත් පුදුම කරන ගමන්.මන් ගොඩක් බයවුනා ඔයාට මොනව හරි වෙයි කියලා.thanx ඔයාට මුකුත්ම නොවුනට.taeyongව බදාගෙනම minju එහෙම කිව්වේ අඬන ගමන්.මට තිබ්බ ලොකුම බය ඔයාට කරදරයක් වෙයි කියලා.ඔයාට මේ හැම ප්රශ්නයක්ම මන් නිසා.I'm sry.taeyong කිව්වා.
ඔයාට පිස්සුද මෝඩයෝ මන් එහෙම හිතන්නේ නැහැ.ඒත් මට තියෙන ලොකුම ප්රශ්නේ තමයි මන් ඔයාට කැමති නැහැ කියලා කිව්වටත් පස්සේ ඔයා තමන්ගේ ජීවිතෙත් අනතුරේ දාන් මාව බේරගන්න ආපු එක.minju ,taeyongගෙන් ඇහුවා.මොකද මොන දේ වුනත් මන් ඔයාට ගොඩක් ආදරේ නිසා.taeyong කිව්වා.minju,මන් ඔයාගෙන් අන්තිම පාරටත් ආයි අහන්නම්.ඊට පස්සේ මන් ඔයාට කරදර කරන්නේ නැහැ.I love you Minju.ඔයා මට කැමතිනම් 3 seconds ඇතුලත උත්තරේ දෙන්න.නැත්තම් මන්....
I love you too Taeyong.taeyong කියලා ඉවර වෙන්නත් කලින් Minju උත්තර දුන්නා.sry මන් මේක කියන්න මෙච්චර කල් ගත්තට.ඔයාට මන් ඇත්තටම ආදරෙයි කියලා මන් තේරුම් ගත්තේ එදා ඔයාට තුවාලවුන දවසේ.මන් ගොඩක් බයවුනා ඔයාට මොනවහරි වෙයි කියලා.Minju එහෙම කිව්වේ Taeyongව බදාගෙන ඉන්න ගමන්මයි.Thanx minju,ඔයා මට chance එකක් දුන්නට.එහෙම කියන ගමන්ම taeyong ,minjuව kiss කරා.මේ දෙන්නා එකතු වුන එක ගැන ඔයාලා මොකද ගිතන්නේ?
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...