Minju එදා ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දී හුරුපුරුදු කාර් එකක් වත්තේ නවත්තලා තිබ්බා.ගෙදරට ආපු අමුත්තා දැකපු ගමන් minjuට දැනුනේ ලොකු සතුටක්.මාමේ ඔයා කොයි වෙලාවෙද ආවේ?minju මාමගේ බෙල්ලේ එල්ලෙන ගමන් ඇහුවේ ගොඩ කාලෙකින් මාමව දැකපු සතුටට.මේ දැන් පොඩ්ඩකට කලින් දූ මන් ආවේ.කොහොමද ඉස්කොලේ හොදයිද?මාමා ඇහුවා .
ඔව් හොදනම් තමයි.හැබැයි ඒකේ director නම් කිසි වැඩක් නැහැ .එයාගේ ඉස්කෝලෙට එයාගේ අයියගේ දුව ආවත් පොඩ්ඩක්වත් එයාව බලන්න ආවෙ නැති හැටි.minju මාමට එහෙම කිව්වේ බොරු තරහා මූනක් මවාගෙන.
හරි හරි ඔන්න මන් මගේ වැරැද්ද පිලිගත්තා.කොහෙද දූ මේ ඉස්කෝලෙට අලුතෙන් ලමයි ගන්න එකේ වැඩ ගිය ටිකේ එක දිගට තිබ්බ නිසා මට වෙලාවක් නැතුව හිටියේ.ඒකයි මන් ප්රින්සිපල්ට විතරක් ඔයා මගේ කවුද කියලා ඔයා ගැන බලාගන්න කිව්වේ.අනික දූ අද තවත් පොඩි ප්රශ්නයක්.අපි ඉස්කෝලෙට ඔයාලගේ වයසේ හොද දක්ශ ලමයෙක්ව ගත්තා.එයා ඉන්නේ A2 එකේ .ඒත් ඒ ලමයා හදිස්සියෙම මගෙන් ඉල්ලීමක් කරා එයාගේ පන්තිය මාරු කරන්න කියලා.එයා ඒකට හේතුවක් කියන්නෙත් නැහැ .Minjuගේ මාමා කිව්වා.
මොකක්ද මාමෙ එයාගෙ නම ?
ම්ම්ම්.Seul min .ඔව් ඒක තමයි නම.minjuගේ මාමා ටිකක් කල්පනා කරලා බලලා කිව්වා.
මේ අර ඊයේ කාර් පාර්ක් එකේ ප්රශ්නෙට අහු වුන පිරිමි ලමයා නේද?minjuට එක පාරට මතක් වුනා.
මාමා දැන් ඉතින් මොකද කරන්න හිතන් ඉන්නේ.Minju ඇහුවා .
මෙහෙමයි.ඔය ඉල්ලීම වෙන ලමයෙක් කරානම් මන් සලකලා නොබලන්න ඉඩ තිබ්බා.ඒත් මේ වගේ දක්ශ ලමයෙක් ඉල්ලද්දී මට මේක අහක දාන්නත් බැහැ.ඒත් පුතේ මෙතන පොඩි අවුලක් තියෙනවා.A1 එකට තව ලමයි දාන්න ඉඩ තිබ්බත් අනිත් කිසිම clz එකකට ලමයි දාන්න ඉඩ නැහැ .ඉතින් අර මොකක් හරි පන්තියකින් ලමයෙක්ව A1එකට මාරු කරන්න ඕනි අනිත් පන්තියක ඉඩක් ගන්න.minjuගේ මාමා තමන්ගේ ප්රශ්නේ minjuට කිව්වා.මාමට පුලුවන්ද මට Seul minගේ නම්බරේ මට දෙන්න මන් එයත් එක්ක කතා කරලා මේ ප්රශ්නේ විසදන්නම්.........පහුවදා උදේ පන්තිය පටන් ගද්දී A1 එකේ පන්තිභාර සර් Mr.Yong පන්තියට ආවේ වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා.හරි ලමයි අපි අද පන්තිය පටන් ගන්න කලින් කරන්න පොඩි දැනුම් දීමක් තියෙනවා.අපේ පන්තියට අද අලුතෙන් ලමයි 3න් දෙනෙක් එකතු වෙනවා.ඇත්තටම කිව්වොත් එහා පන්තියේ ලමයි තුන්දෙනෙක් මේකට ඇවිත් මේකේ Seul min එහා පන්තියට යනවා.මේක seul minගේ පෞද්ගලික හේතුවක් නිසා වෙන දෙයක්.කෝ ලමයි ඔයාලා පිලිගන්න අපේ අලුත් ලමයි තුන්දෙනා Umji,Minju,Soyeon .
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...