Chapter 32

210 45 3
                                    

Taeyong ,yutaව ඇදන් පරන ගබඩා කාමර පැත්තට ගියා.උඹ කොයි ජාතියෙ එකෙක්ද කියලා මන් දැන් හරියටම දන්නවා.උඹ හැමදාම මට කරේ මාව විඳවන වැඩ.උඹ මගේ අම්මවත් මගෙන් උදුර ගත්තා.මගේ ජීවිතේ මට අයිති හැම සතුටක් නැතිවෙන්න පටන් ගත්තේ එදායි.උඹ දන්නවද මායි අයියයි ඒ කාලේ ගතකරේ කොච්චර අමාරුවෙන්ද කියලා.මන් මෙච්චරකල් උඹ කරන කියන දේවල් ඉවසන් හිටියා.ඒත් තවත් නැහැ.taeyong එහෙම කියන ගමන්ම yutaට වැටෙන්න පාරක් ගැහුවා.උඹ හිතන්නේ මාත් හැමදාම උඹ ගහද්දී ,මට බනිද්දී ඉවසන් ඉදී කියලද.තවත්නම් නැහැ.අනික වැරදි කරපු ඇවුන්ව වැරදි වලට අල්ල ගනින්.එහෙම කියලා නැගිටපු yuta ,taeyongට පාරක් ගැහුවා.මන් මේ කාලේ සතුටක් වින්දෙ නැහැ යකෝ.මන් හැමදාම මැරි මැරී ඉපදෙනවා.ඒත් උඹ..උඹ හැමදාම දන්නේ මට කියවන්න විතරයි.උඹ හිතන්නේ හැම වෙලාවෙම උඹ හරි කියලද.yuta දිගටම taeyongට ගැහුවා.මේ වෙද්දී ළමයි ගොඩක් මෙතන වට වෙලා හිටියත් එක්කෙනෙක්වත් බේරන්න ආවේ නැත්තේ taeyong,yuta දෙන්නව පාලනය කරන්න ඒ කාටවත් බැරි නිසා.ඒ වෙද්දී දෙන්නත් එක්ක එකිනෙකාට නොදෙවෙනි වෙන්න දෙන්නම ගහගන්න අතරේ දෙන්නටම හොදටම තුවාලත් වෙලා තිබ්බා.taeyong,yuta...දෙන්නම නවත්තනවා ඕක.එකපාරටම ආපු කටහඩකින් taeyong,yuta දෙන්නම ගහගන්න එක නවත්තලා ඒ කෙනා දිහා හැරිලා බැලුවා.ඒ වෙද්දී taeyong හිටියේ yutaව බිම දාන් බෙල්ලෙන් අල්ලගෙන.ඔය දෙන්නට මොනවද වෙලා තියෙන්නේ.කියනව බලන්න මෙතන වුන දේ?taeyongගේ අම්මා කෑ ගැහුවා.අම්මාට එහා පැත්තේ minju හිටියේ කරන දේ හිතාගන්න බැරුව.මෙතන මොනාහරි වුනානම් ඒ ඔක්කොම ඔයයි ඔයාගේ ආදරනීය පුතා නිසයි වුනේ.නැහැ මට වැරදුනා.මේ ඔක්කොම මගේ වැරදි.ඔයාට මට ඕනි විදිහකට බනින්න.නැහැ නැහැ ..ඔයාගෙ පුතාට ගැහුවා කියලා මාව පොලීසියට භාර දෙන්න.ඔයාට කොහොමත් අපිව දාලා යනඑක මහලොකු දෙයක් නෙමෙයිනෙ අම්මේ.taeyong එහෙම කෑ ගහලා කියද්දී taeyongට ඇඩුනා.අනිත් පැත්තෙන් yutaගේ ඇස්වල කදුලු.ඔයාලා දෙන්නගේ ජීවිත වලට මන් අදින් පස්සේ කරදර කරන්නෙ නැහැ.ඒක නිසා දැනට විතරක් මාව පොඩ්ඩක් හම්බෙන්න එන්න.minju..පුතේ මේ දෙන්නා එක්කගෙන මාත් එක්ක යන්න එන්න.මේ දෙන්නටම මට දෙයක් කියන්න තියෙනවා.ඒත් මෙතන සෙනග ගොඩේ මට ඒව කියන්න බැහැ.taeyongගෙ අම්මා කිව්වා.taeyuta දෙන්නා අකමැති වුනත් minjuගේ බලකිරීමට අම්මව හම්බෙන්න ආවා.දෙන්නගෙම තුවාල වලින් ලේ ගලනවා.ඒත් දෙන්නගෙම තුවාල වලට වඩා හිතේ තුවාලේ ලොකු නිසා තුවාල වලට බෙහෙත් දාන්න කතා කරත් එන්නෙ නැතිවෙනවා කියලා minju දන්න නිසා දැනට කටවහන් හිටියා.

3 Seconds (Completed)Where stories live. Discover now