අනිත් දවසේ Dk ඉස්කෝලේ ආවේ නැතිනිසා yuta හිටියේ පාලුවෙන්.කට්ටිය interval එකට කෑම කන්න යනකොට yuta ,minjuගේ අතින් අල්ලගත්තා.මාත් එක්ක කන්න යන්.yuta එහෙම කියන ගමන්ම minjuගේ අතින් අල්ලගෙන කැන්ටිම පැත්තට එක්කන් ගියා.ඒත් අයියෝ.minju කතා කරන්න හැදුවත් yuta නැවත්තුවා.
මුකුත් කියන්නෙපා.අද dkත් ඉස්කෝලේ ආවේ නැහැ.මට තනියම කන්න කම්මැලියි.දැන් ඔයා කියන්න එපා මට තනියම කන්න කියලා.yuta කිව්වා.
හරි මන් එන්නම් .ඔක්කෝටම කලින් කෑම එකක් බෙදන් එන්නම්.minju එහෙම කියලා කෑම එකක් බෙදන් ඇවිත් yuta ගාවින් වාඩිවුනා.
අර බලන්නකෝ බන් yuta කාත් එක්කද කන්නේ කියලා.ෆෝන් එකේ video එකක් බල බල කෑම කකා හිටපු taeyongගේ මූන ,lucas පෙන්නපු දෙයින් වෙනස් වුනත් taeyong ඒ ගැන මුකුත් කතාකරන්න ගියේ නැහැ.එදා ඉස්කෝලේ ඇරුනමත් umji,soyeon දෙන්නා minjuට බැන බැන ආවේ.මෙයාට අද ඊයේ හම්බුන යාලුව නිසා අපි දෙන්නව මතක නැහැ.කතා කරන්නෙපා අපි එක්ක.යාලුවෙන්න ඕනිනම් හෙට අපිට pizza අරන් දෙන්න.දෙන්නත් එක්ක එහෙම කියලා ගියා.අම්මෝ මේ දෙන්නනම්.minju එහෙම කියලා අනිත් පැත්ත බලද්දිම කාගෙද පර්ස් එකක් වැටිලා.පර්ස් එකේ taeyongගේ Id එක ඉස්සරහින්ම තිබ්බේ ලයිසන් එකත් එක්කමයි.අයියෝ මේ මෝඩයනම්.minju වටපිට බලද්දිම taeyong කාර් එකට නගිනවා.minju ,taeyongට කෑ ගැහුවත් taeyongට ඇහෙන්නේ නැතුවම කාර් එකට නැග්ගා.මේ ටිකේම පාරෙ හැමතැනම පොලීසියෙන්.මෙයාගේ ලයිසන් එකත් මෙතන.
Taeyongගේ පර්ස් එක දෙන්න හිතාගෙන minju ඉක්මනට ලග තිබුන taxi එකක නැගලා taeyongගේ පස්සෙන් ගියා.මෙයාගේ ෆෝන් එකත් busy.අයියෝ මට දෙන කරදර.taeyongගේ කාර් එක 1km විතර ගිහින් ගබඩාවක් වගේ තැනකින් නවත්තනවා minju ඈතදීම දැක්කා.thanx uncle.මෙන්න සල්ලි.minju ඉක්මනට taxi එකට සල්ලි දීලා බැස්සේ taeyongට ඉක්මනට පර්ස් එක දීලා ගෙදර යන්න.මෙයා මේ වගේ තැනකට මොකට ආවද අනේ.minju වටපිට බලන ගමන් taeyongට ආයි කෝල් එකක් ගත්තා.මේ මෝඩයා මේක ගන්නේ නැති හැටි.minju එහෙම කියද්දිම කවුද අතක් Minjuගේ කට වහගෙන ගබඩාවේ පිටිපස්සට ඇදලා ගත්තා.ඒ කෙනා එක අතකින් minjuව බිත්තියට හේත්තු කරලා අනිත් අතින් minjuගේ කට වහන් හිටියා.දෙන්නගෙම ඇස් දෙක එකම මට්ටමකදී හම්බුනා.ඔයා මොනවද මෙතන කරන්නේ?එතන තිබ්බ නිශ්ශබ්දතාවය බිදින ගමන් taeyong ,minjuගෙන් ඇහුවාම minju කරේ ඔලුව හොලවන එක විතරයි.ආ සොරි..තමන් තාමත් minjuව බිත්තියට තද කරන් කටත් වහන් ඉන්නවා කියලා මතක් වුන taeyong ලැජ්ජාවෙන් ඉක්මනට minjuව අත ඇරියා.ඔයා පර්ස් එක වට්ටගෙන ආවා.මන් ඒක දෙන්න මෙච්චර වෙලා පස්සෙන් ආවේ.minju කිව්වේ දැන් වුන දේ අමතක කරන්න උත්සාහ කරන ගමන්.ඔයා මහ මෝඩියක්.එක තැනකට වෙලා මට කෝල් කරානම් මන් එනවනේ.taeyong කිව්වා. හරි ඉතින්.ඒත් ඔයා මොකද මේ වගේ තැනක?minju ඇහුවා.දැන් ඒවා විස්තර කරන්න වෙලාවක් නැහැ.ඔයා ඉක්මනට මෙතනින් යන්න.මෙතන එච්චර හොද තැනක් නෙමෙයි.taeyong එහෙම කියලා minjuව එතනින් යවන්න හදද්දීම එතනට වාහනයක් එන සද්දයක් ආවා.ශිට්.දැනටමත් උන් ඇවිත්.taeyongට කරන දෙයක් හිතාගන්න බැරිවුණා.තමන්ට කෙසේ වෙතත් minjuට කිසිම කරදරයක් වෙන්න දෙන්න බැහැ කියලා taeyongට හිතෙන්න ගත්තා.මේ අහන්න.මොන දේ වුනත් මෙතනින් එලියට එන්න එපා.මන් කියපු දේ ඇහුණනේ.taeyong එහෙම කියලා එලියට යන්න හදද්දීම minju ,taeyongගේ jacket එකෙන් අල්ල ගත්තා.minju එහෙම කරද්දී තමන් නිකන් අඩපන වෙනවා වගේ taeyongට දැනුනේ.plz..ඔයා පරිස්සම් වෙන්න.minju ,taeyongට කිව්වා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...