අනිත් දවසෙත් minju ,taeyongට ඔරව ඔරව හිටියේ.අර බලපන්කෝ minju මගේ දිහා බලන්නෙවත් නැහැ.Taeyong තමන්ගේ දුක lucasට කිව්වා.උඹ එක පාරටම කේක් එක මෙලෝ රහක් නැහැ කියලා ඒ කෙල්ලව බයිට් කරපු නිසානේ ඔක්කොම.අනේ යකෝ කෙල්ලෙක් හදපු කෑමක් කන්න බැරිම වුනත් කවදාවත් ඒක මූනට කියන්න යන්න එපා.මූනට නෙමෙයි වටින් කොනින්වත් කියන්න යන්න එපා.එතන මිනී මැරුමක් වෙන්නත් ඉඩ තියෙනවා.minju මේකට ලුනු ටිකක් වැඩිවෙලා වගේ නේද කිව්වනම් ටිකක් හරි ගානක් නැහැ.අපෝ උඹනම්.Lucas ,taeyongට බැන්නා.හිටපන්කෝ මන් soyeonගෙන් උපදෙස් ටිකක් අරන් උඹට කියන්නම්.ඒ කියන විදිහටම වැඩ කරපන්.ආ තව දෙයක්.ටිකක් romantic වෙයන් අර yuta වගේ.Lucas එහෙම කියලා එතනින් ගියා.
ටික වෙලාවකින් minju rooftop එක දිහාවට යනවා දැකපු taeyong නුත් minjuගෙ පස්සෙන් ගියා.ඒයි මොකද මගෙ පස්සෙන් එන්නේ.Taeyong තමන්ගෙ පස්සෙන් ආවා කියලා දැකපු minju ඇහුවා.ඔයාගෙ පස්සෙන් ආවේ ඔයාව හම්බවෙන්න.Taeyong එහෙම කිව්වේ minju දිහා බලලා හිනාවෙන ගමන්මයි.එහෙමද Mr.Taeyong.ඔයා ඔය කතා කරන්න ආවේ ඊයේ cake එක ගැනනම් මගෙන් මැරුම් නොකා යනවා හොදඳ.නැත්තම් මන් යන්නම්.minju එහෙම කියලා යන්න හදද්දිම Taeyong ,minjuගේ අතින් අල්ල ගත්තා.ඔයාට පොඩ්ඩක් මෙතනට වෙලා ඉන්නම වෙනවා.එහෙම කියපු taeyong එකපාරටම minjuට kiss එකක් දුන්නා.ඒ වෙද්දි minju හිටියේ වුන දේ හිතාගන්න බැරුව.kiss එක දුන්නු ගමන්ම taeyong කතා කරා.I love you minju.මට ඔයාට කියන්න ඕනි වුනේ මෙහෙම නෙමෙයි.ඒත් මන් මෙහෙම නොකිව්වනම් ඔයා හිතයි මන් joke එකක් කරනවා කියලා.අනික ඔයාට හොදට උයන්න බැරිවුනත් බය වෙන්න එපා.මන් හොඳ cook කෙනෙක්.Taeyong එහෙම කියලා හිනාවුනා.තව දෙයක්.මන් දන්නවා තාමත් ඔයාට මේ වුන දේවල් පුදුමයක් කියලා.ඔයා කැමති වෙලාවක මට උත්තරයක් දෙන්න.ඒත් එතකන් මාව මඟ අරින්න එපා.plzz..taeyong එහෙම කියලා minjuගේ අත අතඇරියා.taeyong අත ඇරපු ගමන්ම minju ඉක්මනට එතනින් ගියේ වුන දේ හිතාගන්න බැරුව.එතකොටම ඉස්කෝලෙ ඉවර වෙන්න බෙල් එක ගහපු නිසා Soyeonලා එනකන්වත් ඉන්නෙ නැතුව බෑග් එක ගත්තු ගමන් minju ගෙදර ආවා.
ඊට පැයකට විතර පස්සේ soyeon ,umji දෙන්නා minjuව හොයාගෙන ගෙදරට ආවේ minjuට මොකක්ද මේ හදිස්සියෙම වුනේ කියලා බලන්න.මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා.minju ,taeyong එයාගෙන් කැමැත්ත ඇහුවා කියලා කිව්වත් අනිත් දෙන්නා ඒකට පුදුම වුනේ නැති එක minjuට ලොකු ප්රශ්නයක් වුනා.ඔයාලා දෙන්නා ඇයි මන් මේක ගැන කිව්වම පුදුම නොවුනේ? Minju ඇහුවා.මොකද taeyong ඔයාට කැමතියි කියලා අපි කලින් ඉදන් දන්නවා.ඔයා දැන් taeyongට මොනවද කියන්නේ.Soyeon ඇහුවා.මටනම් මුකුත් හිතාගන්න බැහැ.එයාට මන් බැහැ කියලා කියනවා.හැබැයි දැන්ම කිව්වොත් හරි නැතිවෙයි.ඒක නිසා ටික දවසක් බලනවා.minju එහෙම කිව්වට තමන් වැරැද්දක් කරනවා වගේ හැඟීමක් minjuට ආවේ.අනේ මන්දා මොනාවුනත් හොදට හිතලා තීරණයක් ගන්න.Umji කිව්වා.
එක්කෙනෙක්නම් කිව්වා.yutaත් ලගදිම කියයි වගේ.සමහරවිට minju ,yutaට කැමති වෙන්නත් පුලුවන්.නැත්තම් කොල්ලො දෙන්නටම අකමැති වෙයිද කියලත් දෙවියො තමයි දන්නේ.Minjuලගේ ගෙදරින් එන ගමන් umji, soyeonට කිව්වා.
එදා දවසෙම minju කල්පනා කරේ තමන් මොකක්ද කරන්නෙ කියලා.
අනිත් දවසේ minju ඉස්කෝලෙට ආපු ගමන්ම yuta ඇවිත් minjuගේ එහා පැත්තෙන් වාඩි වුනා.මොකෝ මේ ලොකු කල්පනාවක වගේ.පොඩ්ඩක් වෙනද වගේ ඉන්නකෝ.yuta එහෙම කියන ගමන් minjuගේ කම්මුල් දෙක මිරිකුවා.
මේ ඒක නෙමෙයි අද හවස මාත් එක්ක ගමනක් යන්.yuta film tickets දෙකක් පෙන්නුවා.ඔන්න බැහැ කියන්න බැහැ.ඔයා ආවෙ නැත්තම් මාත් නොගිහින් ඉන්නවා.yuta එහෙම කිව්වම minjuට බැහැ කියන්න බැරිවුනා.හරි මන් එන්නම්.එදා interval එකේදී Yutaලා Minjuලා ,taeyongලා ඔක්කොම එක මේසෙ හිටියේ.Minju එතන ඉන්න නිසා නැගිටලා යන්න බැරිකමටයි taeyuta එතන හිටියේ.කෑම කන වෙලාවෙදිවත් minju ,taeyongගේ ඇස් දිහා කෙලින් බැලුවේ නැහැ.lucas නම් කල්පනා කර කර හිටියේ taeyong ට minjuව සෙට් කරන්න ආයි soyeonගෙන්වත් උපදෙසක් ගන්න.ඒක නිසාම lucas බලෙන්ම වගේ soyeon ගාවින් වාඩි වුනා.කන වෙලාවෙදිත් yuta ,taeyong දෙන්නා තරගෙට වගේ minjuගේ අවදානේ ගන්න උත්සහ කර කර හිටියේ.
ඉස්කෝලෙ ඇරුන ගමන් taeyong ,minju ගාවට ආවා.අපි අද කොහේහරි යමුද?taeyong ලැජ්ජාවෙන් වගේ minjuගෙන් ඇහුවා.උඹ ඒකට වෙන දවසක් දාගනින්.අද minju මාත් එක්ක යන්න promise වෙලයි තියෙන්නේ.Yuta එහෙම කියලා minjuව එක්කන් ගියා.Taeyongට දැනුනේ Yuta ,minjuව තමන්ගෙන් අරගනියිද වගේ දුකක්.ඒ වෙලාවේ minju තමන් එක්ක යන්න ආවට yutaත් ගොඩක් ලොකු ප්රශ්නෙක හිටියේ.Taeyong ඊයේ minjuගෙන් කැමැත්ත අහලා කියලා yuta ඒ වෙද්දිත් දැනන් හිටියේ.තමන්ට මුලින් කියන්න බැරිවුනා කියලා yutaට දුකක් දැනුනත් minju තාම taeyongට උත්තරයක් නොදුන්න එක ගැනනම් yuta සතුටු වුනා.
ඔයාලා කවුරු එකතු වෙයි කියලද හිතන්නේ?
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...