Chapter 22

232 47 1
                                    

එදා දවසෙම Taeyong ,yuta දෙන්නත් එක්ක ගොඩක් අවුලෙන් හිටියේ.match එක පරාද වුනාටත් වඩා දෙන්නට ගොඩක්ම දුක minju තරහා වුන එකට.minju දෙන්නගේ  එක කෝල් එකකටවත් answer කරේ නැහැ.yuta ගෙදර ගිහිල්ලත් minju තරහා වුන එක ගැන හිත හිත ඉන්නකොට එකපාරටම නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා.හෙලෝ...............

       හරි මන් කැමතියි.එහා පැත්තෙන් කතා කරපු කෙනා කියපු දේවල් අහන් හිටපු yuta කිව්වා.

අනිත් දවසේ උදේ minju library එකට පොඩ්ඩක් එහාට වෙන්න බෙන්ච් එකක වාඩිවෙලා ඉද්දී දෙන්නෙක් minjuව හොයන් ආවා.Yuta,Taeyong දෙන්නම එකට.දෙන්නව දැකපු ගමන් minju එතනින් නැගිටලා යන්න හැදුවත් ඊට කලින් yuta කතාකරා.minju පොඩ්ඩක් ඉන්න.අපි දෙන්නට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
අපි දෙන්නා ඔයා කියපු දේ අහන්න තීරණය කරා.අපි මීට පස්සේ පිට දේවල්වලට අපේ පෞද්ගලික දේවල් ගාවගන්නෙ නැහැ.අපි මීට පස්සේ රන්ඩු නොකර basketball play කරන්නම්.
හැබැයි අපි දෙන්නට යාලුවො වෙන්නනම් කියන්න එපා.අපිට ඒක කරන්න බැහැ.yuta අන්‍තිම වාක්‍යනම් කිව්වේ ටිකක් හිමින්.
ඉතින් දැන්වත් අපිට සමාව දෙන්නකෝ.taeyong හරි අහිංසක විදිහට ඉල්ලුවා.
හරි ඔන්න සමාව දුන්නා.හැබැයි කියපු විදිහට කරන්න.minju එහෙම කියාගෙන ගියා.

එදා minju washroom එකට යද්දී එකපාරටම taeyong එතනට ඇවිත් minjuගේ අත්දෙකෙන් අල්ලන් minjuගේ ඇස් දිහා බැලුවා.මොනවද කරන්නේ?එකපාරටම එහාට වෙන ගමන් Minju ඇහුවා.
ඔයා මට දැන්වත් කැමතිද කියලා බැලුවේ.මට පේන්නේ මට තව ඉවසන්න වෙයි.කමක් නැහැ පන,ඔයා වෙනුවෙන් මන් ඉවසන්නම්.taeyong එහෙම කියන ගමන් හිනාවුනා.ඒත් taeyong ...minju එහෙම කියද්දිම taeyong,minjuව නැවත්තුවා.ශ්...ඔයා ඔය කියන්න හදන්නේ ඔයාගෙ හිතේ මන් ගැන කැමත්තක් නැහැ කියලනම් ඒක දැන්ම කියන්න එපා.කවදහරි ඔයා මට කැමති වෙයි කියලා මට ටික දවසකට හරි සතුටෙන් බලාගෙන ඉන්න පුලුවන්නේ.taeyong එහෙම කියලා එතනින් ගියේ minjuවත් පුදුම කරන්.

Taeyong පන්තියට ආපු ගමන් lucas කතා කරා.මේ බන් .minju උඹට කැමති‍යි වගේ කියලා දැන් පේනවද?lucas ඇහුවා.අනේ මන්ද බන්.තාම මුකුත් නැහැ.taeyong එහෙම කියන ගමන් මේසේ ඔලුව තියාගත්තා.taeyongගේ වචනේ ඇහුණ ගමන් lucasට ලොකු සැනසීමක් දැනුනා.අද interval එක වෙලාවෙදී වුන දේ lucasට එකපාරටම මතක් වුනා.lucas interval එක වෙලාවෙදී කෙලින්ම ගිහින් බලෙන්ම වගේ වාඩිවුනේ soyeon ගාවින්.මෙයා නිකන් මගේ bfවගේ යන යන තැන මගේ පස්සෙන් .අපේ minju ඉක්මනට අර දෙන්නගෙන් එක්කෙනෙක්ට කැමති වුනොත් හොදයි.එතකොට මේ මෝඩයගේ කරදරෙනුත් මට ගැලවෙන්න පුලුවන් .soyeon කියපු ටික lucasට මතක් වුනා.taeyong උඹ දැන්ම minju එක්ක යාලු නොවී හිටපන්.අසරණ lucasට ඒක කෙලින්ම taeyongට කියන්න බැරි නිසා තමන්ටම කියාගත්තා.

3 Seconds (Completed)Where stories live. Discover now