මචන්,උඹත් මීට පස්සෙ ටිකක් පරිස්සම් වෙයන්.මොකද අද මට ගහපු එකා ඇමැති කෙනෙක්ගේ පුතෙක්.ඉතින් ඌ ආයි අපෙන් ගේම ඉල්ලන්න බැරි නැහැ.ඌට දැන් උඹත් එක්කත් ලොකු තරහක් ඇති.lucas taeyongට කිව්වා.
උඹ දන්නවනේ උන්ට බැහැ කියලා මාත් එක්ක
හැප්පෙන්න.ඉතින් බය නැතුව හිටපන්.taeyong ,lucasව සැනසුවා.Taeyongට ඒ දවස් ටිකේම තිබුන ප්‍රශ්නේ තමයි කවුද එයාට මේ msg කරපු කෙනා කියලා.ඒ කාලය අතරතුර taeyong තව තවත් minjuට ලං වෙන්න උත්සාහ කරා.
ඒයි බන්,මොකෝ දැන් උඹගේ බොරු affair එකේ තත්වේ .lucas ,taeyongට කෝල් කරා.උඹට ඔක්කොම ඇස් දෙකට පේන්න තියෙද්දිත් උඹ මාව චාටර් කරන්න අහන හැටි.taeyong ,lucasට බැන්නා.
නැහැ බන් කලින් කෙල්ල උඹ දුන්නු බීම එහෙම අපිට පේන්නම විසික් කරානේ.ඒත් එදා උඹ ගිහින් බොරුවට සමාව ඉල්ලපු දවසේ ඉදන් කෙල්ල ටිකක් වෙනස් වගේ නේද?lucas කුතුහලෙන් ඇහුවා.හ්ම්.ඒකනම් මටත් නෝට් වුනා.මන් හිතන්නේ මන් දැන් දෙවෙනි පියවරට යන එක හොදයි.taeyong කිව්වා.
උඹ දන්නවද බන් .මන් කෙල්ලව යාලු කරන් පස්සේ කෙල්ලට දරාගන්න බැරි තරමට ඒ කෙල්ලගේ හිත කඩලා විතරක් මදී කියලා මට දැන් හිතෙනවා.කොහොමද අපි කටකතාවක් යැව්වොත් minju කලින් ඉදන්ම කොල්ලො ගොඩක් එක්ක යාලුයි.එයා කොල්ලො එක්ක රට වටේ යන මහා ජරා කෙල්ලෙක් කියලත්?taeyong තමන්ගේ අදහස ගැන lucasගෙන් ඇහුවා.අම්මෝ ඒකනම් සුපිරියි බන්.ඔය වගේ කටකතාවක් කෙල්ලෙක්ට කියද්දි කාටද දරාගන්න පුලුවන්.මන් ඔන්න උඹට full sup එක දෙනවා.lucas කෝල් එක කට් කරේ taeyongගේ අදහස ගැන සතුටු වෙන ගමන්.පහුවදා taeyong ගෙදර යන්න කාර් එකට නගිද්දිම minju එතනට ආවා.මාවත් ගෙදරින් drop කරන් යන්න.taeyong හා කියන්නත් කලින් minju කාර් එකට නැග්ගා.taeyongට වුන දේ හිතාගන්නත් බැහැ.තමන්ට ඕනි දේ තමන්ගේ උදව්වක් නැතුවම minju කරලා දෙනවා.plan එකේ දෙවෙනි පියවර ,ඒ කියන්නේ minjuට අනිද්දට film එකක් බලන්න යන්න කතා කරන්න ඕනි දැන් තමයි කියලා taeyong කල්පනා කරා.මම..taeyong කතා කරන්න හදද්දිම minju කතා කරා.කාර් එක පොඩ්ඩක් ඔය ඉස්සරකින් නවත්තන්න.minjuගේ කටහඩේ තිබුනේ අණක්.එත් ඔයාගේ ගේ මේ හරියෙද?taeyong ඇහුවා.
මට ඔයත් එක්ක ගෙදර යන්න නෙවෙයි ඕනි වුනේ ටිකක් කතා කරන්න.minju එහෙම කිව්වම taeyongට හරි සතුටුයි.taeyong කාර් එකෙන් බැස්ස ගමන් minju ,taeyongට කම්මුල් පාරක් ගැහුවා.ඔයා බලනවා ඇති නේද ඔයාට මොකද එකපාරටම කම්මුල් පාරක් ගැහුවේ කියලා. ඔයා වගේ කෙනෙක්ට මේක තමයි ලැබෙන්න ඕනි.ඔයා හිතනවා ඇති නේද ඔයාගේ මහලොකු plan එක ගැන මන් දන්නේ නැහැ කියලා.ඔයා මුලදී මාත් එක්ක හරි හොදින් එහෙම හැසිරෙද්දී මන් ගොඩක් පුදුම වුනා.ඒත් ඔයා එදා දවසක් මට ජූස් එක දීලා යද්දී මන් කල්පනා කරා ඔයත් එක්ක කතා කරන්න මොකක්ද මේ විකාරේ කියලා අහන්න.ඒක ගැන අහන්න මන් උඩ තට්ටුවට එද්දී ඔයා ඔයාගේ මහලොකු plan එක ගැන lucasට කියනවා.ඊට පස්සේ මාත් තීරණය කරා ඔයා මොනවද කරන්නෙ කියලා පොඩ්ඩක් ඉදලා බලන්න.සාමාන්‍යයෙන් කොල්ලො කොල්ලො රන්ඩු වෙනවා ,අනිත් අය එක්ක ගහගන්න යනවා ඒක සාමාන්‍යයි.ඒත් ඔයා...ඔයා පලිගැනීමක් නිසා කෙල්ලෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න ගියේ.ගොඩක් කොල්ලොන්ට ආදරේ සෙල්ලමක් වුනාට කෙල්ලෙන්ට එහෙම නැහැ.අනික මේ වගේ ප්‍රශ්න නිසා ගොඩක් කෙල්ලෝ තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න උත්සහ කරනවා.ඔයා කොච්චර නරක වෙන්න පුලුවන් .ඒත් කවදාවත් ගෑනු ලමයෙක්ගේ හැඟීම් එක්ක ,ගෞරවේ එක්ක සෙල්ලම් කරන්නෙපා.ඔයාට මන් රැවටුනානම් සමහරවිට මන් මාස කීපෙකින් ආයි යථා තත්වෙට පත් වෙයි.ඒත් එහෙම නොවෙන ගෑනු ලමයිනුත් ඉන්නවා.අනික ඔයාට idol look එකක්,සල්ලි මේ මොනා තිබ්බත් වැඩක් නැහැ හොද හදවතක් නැත්තම්.අනික ඔයාගේ දෙමව්පියෝ හරි අවාසනාවන්තයි ඔයා වගේ පුතෙක් ඉන්න එකට.minju එහෙම කියද්දිම taeyongට මොකක්දෝ ලොකු දුකක් ආවා.minju ,taeyongට ඒ ටික කියලා එතනින් ගියා.Minju ,taeyongට බැනලා එතනින් ගියේ ගෙදර යන්න taxi එකක් නවත්තගන්න.ඒ හරියේ taxi එකක් පේන්න නොතිබුන නිසා minju පාර පනින්න ගියේ එහා පැත්තට ගිහින් taxi එකක් නවත්තගන්න හිතාගෙන.ඒ වෙලාවෙත් taeyong ගැන හිත හිතා minju ගොඩක් තරහෙන් හිටිය නිසා කල්පනාවක් නැතුව පාර පනින්න යද්දිම එහා පැත්තෙන් කාර් එකක් ආවේ minjuට එහාට පනින එක ගැන හිතන්නත් කලින්.ඒත් කාර් එකට හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දී කවුද ශක්තිමත් අතක් minjuව තමන් ගාවට ඇදලා ගත්තා.කාර් එකේ හැප්පෙනවා වෙනුවට minju හිටියේ අර පුද්ගලයා minjuව බදාගෙන.තමන්ව බේර ගත්තේ කවුද කියලා minju දකිද්දී minjuට හිතුනේ තමන් කාර් එකට හැප්පුනා නම් හොදයි කියලා.thanx ඔයාට.minjuට yutaට කියන්න පුලුවන් වුනේ එච්චරයි.
මේ එදා මට අර පොත කියවන්න දුන්නු එකට ගෙවපු ණය කියලා හිතාගන්න.එහෙම විතරක් කියපු yuta එතනින් ගියා.
Minju ලග තිබ්බ taxi එකකට ඉක්මනින් නැගගත්තේ අද දවසට ශාප කරන ගමන්.Taeyong සාමාන්‍යයෙන් කවුරුවත් කියන දේවල් ගනන් ගන්නෙ නැති වුනත් අද minju කියපු දේවල් taeyongට දිගටම මතක් වෙන්න ගත්තා.වැඩිපුරම දෙමව්පියෝ ගැන කියපු දේ.taeyongට ගෙදර ගිහින් වැඩිවෙලාවක් කල්පනා කර කර ඉන්න හම්බුනේ නැහැ V ,taeyongව හම්බෙන්න ආවා.මල්ලි මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි.V එහෙම කිව්වම taeyong පුදුම වුනේ Vගේ mood එක සීරියස් නිසා.
මේකයි මට ඇහුනා එදා ඔයයි lucas තුයි අර girl කෙනෙක් ගැන කතා වෙන ටික.මේකයි මල්ලි .මන් මෙච්චරකල් ඔයා කරන කිසිම දේකට වැරදියි කිව්වෙ නැහැ .අඩුම තරමේ ඔයාට ගහනවා තියා සැර කරෙත් නැහැ .ඔයාට මොනවද ඕනි ඒ හැමදේම අරන් දුන්නා.මොකද අපේ දෙමව්පියෝ නැති වුනාම අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි.ඔයාට කිසිම දුකක් දෙන්න මන් කැමති වුනේ නැහැ .හැබැයි ඔයා මේ කාලෙදි ගොඩක් දරුනු වෙලා කියලා මට හිතෙනවා.අපිට පහුගිය කාලෙ වුන දේවල් මේවට බලපෑව නිසා වෙන්නැති .ඒත් මල්ලි මේ ඉස්සර හිටපු ඔයා නෙමෙයි.අනික ගෑනු ලමයෙක්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න යන්නෙපා.අනික මන් lucasගෙන් දැනගත්තු විදිහට එතන ඔයාලගෙයි වැරද්ද.ඉතින් ඒ ලමයා එක්ක තියෙන ප්‍රශ්නේ අත් අරින්න.V එහෙම කියලා taeyongගේ ඔලුවත් අත ගාලා එහෙම ගියා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්‍රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...