Chapter 29

207 48 10
                                    

පහුවදා උදේම minjuගේ තාත්තා taeyongට ආයි කෝල් කරලා taeyong විතරක් අද ආවම ඇති කියලා කිව්වා.
taeyong ගෙදරට එනකන්ම minjuගේ තාත්තා ඒ ගැන මුකුත් minjuට කියලා තිබුනෙ නැහැ.දෙන්නම එකම clz එකේලු නේද ඉන්නේ.එතකොට taeyong LSM එක ඔයාලගේ තාත්තගේ නේද?
Minjuගේ තාත්තා එහෙම අහද්දී Taeyong ,ඔලුව වනපු එක විතරයි කරේ.Taeyong මට දැනගන්න ඕනි ඔයා ඉස්කෝලේ ගිහින් ඉවර වුනාට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා?මොකද මන් මගෙ දුවගේ අනාගතය ගැන ගොඩක් හොයලා බලන්න ඕනි.එයාව සුදුසුකමක් නැති කෙනෙක්ට දෙන්න මට බැහැ.Minjuගේ තාත්තා කිව්වා.
අන්කල් මන් scl එකෙන් out වුන ගමන්ම මාත් company එකේ business වලට join වෙනවා.මගෙ අයියා ගොඩක් කල් ඉදන් තනියම මේ ඔක්කොම වැඩ කරනවා.මට එතකොට පුලුවන් එයාට support එකක් වෙන්න.
හ්ම්ම්.හොදයි..
මේ අහන්න ලමයිනේ,ඔය දෙන්නටම තාම වැඩි වයසක් නැහැ.ඔයාල ගන්න ගොඩක් තීරණ වල හරි වැරැද්ද තේරෙන්නේ පස්සේ.ඔය දෙන්නා මේ වයසෙදී affair එකක් පටන් ගත්තම ඒක ඔය දෙන්නගේ studies වලටත් බාදාවක් වෙයි කියල මට හිතෙන්නේ.අපේ family එකේ ඔක්කොම doctorsලා .ඒත් minjuට doctor කෙනෙක් වෙන්න ඕනි වුනේ නැහැ. minjuට ඕනි වුනේ business management ගැන ඉගෙන ගන්න.ඒක නිසා අපිට අන්තිමේ එයාගෙ කැමත්තට ඉඩ දෙන්න වුනා.මන් එදා ඒ ගත්තු තීරනේ වැරදියි කියලා මට නොහිතෙන්න ඔය දෙන්නා වැඩ කරයි කියලා මට හිතෙනවා.taeyong ,ඔයා හොද ලමයෙක් කියලා මට පේනවා.ඒත් මන් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට මට මේකට එකපාරට කැමති වෙන්න බැහැ.මට මේක ගැන හිතන්න තව කල් ඕනි.හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මන් ඔයාලට හම්බෙන්න එපා කියන එක නෙමෙයි.ඔයාලා හම්බෙන්න ,කතා කරන්න.ඒත් ඔක්කෝටම වඩා studies වලට අවදානේ යොමු කරන්න.අනික තව දෙයක් තමයි මන් කොහොමත් කලින් ඉදන්ම හිතන් හිටියේ තව ටික කාලෙකින් minjuව studies වලට රට යවන්න.minjuගේ තාත්තා එහෙම කියපු ගමන් taeyong ,minju දෙන්නා හොදටම පුදුම වුනා.ඒත් තාත්තේ...minju කතා කරන්න ගියපු දේ minjuගේ තාත්තා නැවත්තුවා.මන් ඔයාගේ කැමත්තට ඉඩ දීලා ඔයාට business management ඉගෙන ගන්න දුන්නනේ දූ.ඔයා doctor කෙනෙක් නොවී business field එකේ යනවා කියලා අපේ නෑදෑයෝ ගොඩක් අපිට එක එක ඒව කියනවා.ඒක නිසා ඔයා එයාලගේ ලමයින්ට වඩා හොද තත්වෙක ඉන්නවා කියලා පෙන්නන්න ඕනි.ඒක නිසා මෙතනදී ඔයා මන් කියන දේත් අහන්න.ඔයාට අවුරුදු දෙක තුනකින් ආයි කොරියාවට එන්න පුලුවන්.එතකොට ඔය දෙන්නම ගොඩක් හොද තැන් වල ඉදියි.අනික එදාට ඔයාලා ගැන තීරණ ඔයාලටම ගන්න පුලුවන් .නිකන් ඔයාලා දෙන්නා එදාටත් ඔයාලා දෙන්නට ගැලපෙනවද වගේ තීරණ.taeyong ,මන් හිතනවා ඔයාටත් මන් කියන දේ තේරුම් ගන්න පුලුවන් කියලා?Minjuගේ තාත්තා Taeyongගෙන් ඇහුවා.
ඔව් අන්කල්.taeyongට අන්කල් කියන දේක එකග වෙනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.

3 Seconds (Completed)Where stories live. Discover now