Chapter 28

224 48 4
                                    

අනිත් දවසේ උදේම lucas ඉස්කෝලෙට ආවේ soyeonව හම්බෙන්න හිතාගෙන.lucasට කාර් පාක් එක ගාවදිම minju ,umji දෙන්නව හම්බ වුනත් soyeon එතන පේන්න හිටියෙ නැහැ.කෝ soyeon ?lucas ඇහුවා.
අනේ මන්ද එයා අද හරිම අමුතුයි.අපි දෙන්නා කැන්ටිමට යන්න කතා කරත් ආවේ නැහැ අන්න clz එකට වෙලා ඉන්නවා.umji එහෙම කියපු ගමන් lucas clz room එක පැත්තට ගියා.

Soyeon පොඩ්ඩක් එලියට යන්කෝ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න.lucas ඇහුවා.
ඔයත් එක්ක මන් මොනව කතා කරන්නද.ගිහින් වැඩක් කරගන්න.soyeon ,lucasව ගානකට නොගෙන කිව්වා.
ඔයාට මාත් එක්ක කතා කරන්න දෙයක් නැති වුනාට මට තියෙනවා.ඔයා ඉක්මනට ආවෙ නැත්තම් මන් උස්සන් හරි යනවා.කෝ එනවද?lucas ඒ පාර ටිකක් තදින් ඇහුවා.හරි .ඔන්න යන්.soyeon එහෙම කියලා පන්තියෙන් එලියට ආවා.
මේකයි soyeon,ඊයෙ වුනේ වැරදි වැටහීමක්.අපේ මල්ලි තමයි මට ඔය blind date එක ලෑස්ති කරලා තියෙන්නේ.එතකන් මන් මුකුත් දන්නේ නැහැ.lucas කියාගෙන ගියා.
ඒත් ඔයා මොකටද මට මේව කියන්නේ.මට මේවල කිසිම අදාලත්වයක් නැහැ.soyeon කිව්වා.
ඔයාට අදාලත්වයක් නැති වුනාට ඔයා ගැන හැම දෙයක්ම මට අදාලයි.ඔයා වෙන boy කෙනෙක් එක්ක හිනා වුනත්,කාත් එක්ක හරි කතා කරත් මොනව කරත් ඒ ඔක්කොම  මට අදාලයි.මොකද මන් ඔයාට ආදරෙයි.I love you soyeon .lucas කිව්වා.
ඔයා මහ බූරුවෙක්.ඔයාට වගේ අයට කැමති වෙන කෙල්ලොත් පව්.soyeon කිව්වා.
It's  okay soyeon.මන් මේක one sided love එකක් කියලා හිතාගන්නම්.lucas එහෙම කිව්වේ හිතේ තියෙන දුක පෙන්නනේ නැතුව.
මෙච්චරකල් ඔයාව ආශ්‍රය කරපු මන් මහ මෝඩයෙක් අනේ.ඔයා කොයි වෙලාවකවත් මන් කියන්න හදන දේවල් හරියට තේරුම් ගන්නෙ නැහැ .ඔයාට මන් ඔයිට කලින් කිව්වම minju අර දෙන්නගෙන් කාත් එක්ක හරි යාලු වුනොත් ආයි මට කරදර කරන්න එපා කියලා.ඊට පස්සේ ඔයා මට ආයි කරදර කරන්න ආවෙ නැහැ.මන් හිතුවේ ඔයා මට කැමතිනම් බොරු හේතු හදන් හරි දිගටම ඇවිත් මට කරදර කරයි කියලා.ඒත් ඔයා ආයි මාව හම්බවෙන්න ආවෙ නැහැ.මන් තීරණය කරා ඔයා ගැන මගේ හිතේ මොනවහරි දෙයක් තිබුනනම් ඒ ඔක්කොම නැති කරගන්න.sry lucas.මන් යනවා.soyeon එහෙම කියලා එතනින් යන්න හදද්දීම lucas ,soyeonගේ අතින් ඇදල අරගෙන කිස් කරා.soyeon ඒත් lucasට මුකුත් කියන්න ගියේ නැහැ.ඔයාට හොදටම විශ්‍වාසද ඔයා දැන් මට ආදරේ කරන්නෙ නැහැ කියලා .කිස් එක ඉවරවුන ගමන් lucas, soyeonගේ ඇස් දිහා බලන ගමන් එහෙම ඇහුවා.හරි .ඔයා දිනුම්.soyeon ,lucas දිහා බලලා හිනාවෙන ගමන් කිව්වා.

3 Seconds (Completed)Where stories live. Discover now