එදා V ගෙදර ආවේ හොදටම අවුල් වෙලා.අද meeting එක එච්චර සාර්ථක වුනේ නැහැ.V අවුලෙන් හිටපු හේතුව taeyong දැනගත්තු ගමන් මුලින්ම taeyongට හොදටම හිනා.ඔයානම් හිනාවෙනවා.ඒ girl මට කියනවා අපි දැනට business partnersලා වෙමු.හැබැයි ඔයාලගේ company එකෙන් පොඩිහරි අවුලක් වුනොත් අපි මේ ඔක්කොම agreements cancel කරනවා කියලා.එයා මාර ස්ටික් කෙල්ලෙක්.V කිව්වා.hyung ,ඔයා ඔය කියන විදිහට එයා ඔයාට පාට් එක දානව නේද?මොකෝ කියන්නේ එයාට මොකක්හරි වැඩක් දෙමුද?taeyong හිනාවෙවී ඇහුවා.ඒයි පිස්සෝ.ඔයා ඔය ආපහු අර මැර වැඩ කරන්නද යන්නේ.V සීරියස් විදිහට taeyongගෙන් එහෙම ඇහුවේ මීට අවුරුදු 3කට විතර කලින් වුන දේ මතක් වෙලා.එතකොට Vට අවුරුදු 21ක් වගේ.මේ වගේ පොඩි එකෙක් කොහොමද ලොකු business එකක් පාලනය කරන්නේ ගගා එක businessman කෙනෙක් Vට අපහාස කරලා තියෙනවා දැකපු taeyong ,lucas එක්ක එකතු වෙලා ඒ මනුස්සයගේ හොර සම්බන්ධයක් එයාගේ wifeට අල්ලලා දුන්නේ Vට බැනපු එකට පලිය විදිහට.
පිස්සුද hyung,මන් දැන් කාටවත් කරදර කරන්න යන්නෙ නැහැ.මන් දැන් හොද ලමයෙක්.මන් ඔයාව අවුස්සන්නයි අරම ඇහුවේ.taeyong හරි ආඩම්බරෙන් කිව්වා.
අම්මෝ minju මේ ටික කාලෙට මෙයාව ගොඩක් වෙනස් කරලනේ.දැන් මෙයා කට්ටිය කියන දේත් අහනවා.V හිනාවෙවී කිව්වා.පහුවදා උදේ ඉස්කෝලේ පටන් ගන්න කලින් minju ,yuta එක්ක කතා කරන්න හිතන් yutaගේ ඩෙස් එක ගාවට ගියා.හේයි yuta,ඔයා මාත් එක්ක තරහද?minju ,yutaගේ එහාපුටුවේ වාඩිවෙලා එහෙම ඇහුවා.ඒ මොකටද මන් ඔයත් එක්ක තරහ වෙන්නේ.අනික මට ඔයත් එක්ක තරහ වෙන එක කරන්න බැරි දෙයක්.yuta බිම බලාගෙන කිව්වා.සොරි yuta මන් ඔයාගේ හිත කැඩුවට.ඔයා මගේ ගොඩාක්ම හොද යාලුවෙක්.ඔයා ඉස්සර මාත් එක්ක හිටිය වගේ දිගටම යාලුවෙක් විදිහට මාත් එක්ක ඉන්නවා නේද?minju අහින්සක විදිහට yutaගෙන් ඇහුවා.sure.අපි හොද යාලුවො වෙමු.මෙච්චර වෙලා බිමට මූන හරවන් හිටපු yuta ,minju දිහා බලලා හිනාවෙලා එහෙම කිව්වා.අන්න එහෙම ඉන්න.තව දෙයක්.ඔයාට කවදහරි ඔයාට ගොඩක් ආදරේ කරන girl කෙනෙක් හම්බෙනවමයි.මොකද ඔයා ගොඩක් හොද කෙනෙක්.තේරුනද ?minju ,yutaට කියලා එතනින් ගියා.
Minju ,yutaව හම්බෙලා කෙලින්ම ගියේ taeyongව හම්බෙන්න.taeyong ඔයා තරහ නැහැ නේද මන් yuta එක්ක කතා කරාට?minju ඇහුවා.ඔයා මටයි ආදරේ කරන්නෙ කියලා මන් දන්නවනේ.ඉතින් මට ඒ ගැන දුක් වෙන්න දෙයක් නැහැ.ඕන්නම් පෝඩ්ඩිත්තක් jealous හිතෙයි.taeyong හිනාවෙවී එහෙම කිව්වා.
අනේ මගේ හොද පැටියා.අර පෝඩ්ඩිත්තත් කොහොමහරි නැති කරගන්න.එහෙම කියන ගමන් minju ,taeyongගේ කොන්ඩෙ අවුල් කරා.අන්න මන් පැය ගානක් තිස්සේ මහන්සිවෙලා ලස්සනට හදන් ආපු කොන්ඩෙ අවුල් කරා.අසරණ මගේ කොන්ඩේ.taeyong නෝක්කාඩු කිව්වා.මේ Mr.Taeyong,දැන් මමයි ඔයාගේ girlfriend.ඔයාගේ කොන්ඩෙ වුනත් තියෙන්න ඕනි මට ඕනි විදිහට.ඒක නිසා වැඩිය කියවන් එන්න එපා.තේරුනාද?minju ,taeyongට තර්ජනය කරා.තේරුනා තේරුනා madam.ඔයා ඕනි දෙයක් කරන්න.මන් කිසිම දේකට මුකුත් කියන්නේ නැහැ.taeyong ,minju ඉස්සරහා පරාජය බාරගත්තා.Lucas නම් එදත් හිටියේ soyeon ගැන කල්පනා කර කර.soyeon ,umji දෙන්න එක්ක සමහර වෙලාවට dkත් ඉන්නවා දකින lucasට දරාගන්න බැරිවුනේ බැරිවෙලාවත් soyeon ,dkට කැමතිවත්ද හිත හිතා.අනික අද canteen එකේදී soyeon ,lucasව දැකලා ඔරවපු එක මතක් වුනාම lucasට තවත් දරාගන්න බැරිවුනා.lucas ඉස්සර හැමදාම වගේ රෑට night club ගියත් දැන් මාස ගානක ඉදන් අයියා වෙනස් වෙලා කියලා jaeminටත් තේරිලා තිබුනේ.ඒ විතරක් නෙමෙයි මේ දවස්වල අයියා ගොඩක් දුකින් ඉන්නේ කියලත් තේරුම් ගත්තු jaemin මේකට මොකක් හරි කරන්න ඕනි කියලා කල්පනා කරා.
අනිත් දවසේ ඉස්කෝලේ ඇරිලා yuta ගෙදර යනවත් එක්කම තාත්තත් ගෙදර ඇවිත් තිබුනා.පුතා ඔන්න ලෑස්ති වෙලා ඉන්න අපි අද මගේ යාලුවෙක්ව හම්බෙන්න යන්න ඕනි.Yutaගේ තාත්තා කිව්වා.ඔයිට කලිනුත් yuta තාත්තගේ යාලුවොන්ගේ ගෙවල්වල ගිහින් තිබුනත් මෙදා පාර තත්වේ ටිකක් වෙනස් කියලා yutaට දැනුනා.කට්ටියට Mr.Nakamotoගේ(yutaගේ තාත්තගේ) යාලුවගේ ගෙදරින් ලැබුනේ ලොකු පිලි ගැනීමක්.Hello Mr.Kim.මෙන්න මේ ඉන්නේ මගේ පුතා තමයි.Mr.Kimලගේ ගෙදරට ආපු ගමන් Yutaගේ තාත්තා Mr.kim ට yutaව අදුන්නලා දුන්නා.ඒත් එක්කම ඇතුලේ ඉදන් තවත් ගෑනු ලමයෙක් එලියට ආවා.මෙන්න මේ තමයි මගේ දුව Sowon.ඔයාලට ගොඩක් ලස්සන දුවෙක්නේ ඉන්නේ .yutaගේ කුඩම්මා sowonව වර්නනා කරා.ඊලගට කට්ටියත් එක්ක කෙලින්ම ගියේ කන්න.කාලා ඉවර වුන ගමන් Mr.kim කතාකරා.කාලත් ඉවර වුන එකේ අපි අද dinner එකේ වැදගත්කම කතාකරමු නේද?Mr.Nakamoto ,ඔයාම කියන්න බලන්න මෙයාල දෙන්නට මේ ගැන.
මේකයි ලමයි,අපි දෙගොල්ලෝ තීරණය කරා කවදහරි ඔය දෙන්නව marry කරවන්න.මන් හිතන්නේ ඔය දෙන්නටත් අකමැති වෙන්න හේතුවක් නැහැ මේකට.Mr.Nakamoto එහෙම කියද්දී Yuta,Sowon දෙන්නම හොදටම පුදුම වුනා.තාත්තේ ඒත්...yutaට කතා කරන්න හම්බුනේ නැහැ .Mr.Nakamoto ආයි කතා කරා.මන් දන්නවා පුතා ඔයා ඔය කියන්න යන්නේ ඔයාලා තාම ආශ්රය කරලවත් නැහැ කියලනේ.ඒකට කමක් නැහැ.ඔය දෙන්න කොහොමත් දැන්ම marry කරන්නේ නැහැනේ.ඔයාලට දැන අදුරගන්න තව ඕන තරම් කල් තියෙනවා.අනික Mr.Kim ,sowonවත් ඔයාලගේ scl එකටම දාන්න ඉන්නේ.එතකොට ඔය දෙන්නට තවත් හොදයි.yutaට කරගන්න දෙයක් නැතිවුනා.ගෙදර ආපු ගමන් yuta මේ ගැන කතා කරා.මන් ඔයාලට දැන්ම කිව්වා.මන් අර girlට කැමති නැහැ.ඔයාලගේ බලාපොරොත්තු කවදාවත් ඉශ්ට වෙන්නෙ නැහැ.
මොනවද මිනිහො තමුසෙ කියන්නේ .ඒ කොච්චර හොද family එකක්ද.තමුසේ thanx කරනවා තමුසෙගේ අම්මට .එයා තමයි Mrs.Kimව හම්බුන වෙලාවක එයත් එක්ක මේ ගැන කතා කරලා තිබුනේ.Mr.Nakamoto තරහෙන් කිව්වා.
ආ එහෙනම් ඔයයි මේ ඔක්කොම ගිනිගෙඩි ගෙනාවේ?මගේ ජීවිතේට මැදිහත් නොවී ඉන්න.yuta කුඩම්මට එහෙම තර්ජනය කරන් එතනින් ගියා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...