එදා ඉස්කෝලේ වෙලාවෙම taeyong හිටියේ lucas එක්කවත් කිසි කතාවක් නැතුව.taeyongට ඔක්කොටම වඩා එපාවුනේ පන්තියේ ලමයි yuta ,minju යාලුද කියලා පන්තියේ වුන කසුකුසු ඇහිලා.
ඉස්කෝලේ ඉවර වෙලා ලමයි ගෙදර යද්දී lucas ,taeyongව අල්ල ගත්තා.මට උඹත් එක්ක කතා කරන්න ඕනි.
උඹට අහන්න ඕනි දෙයක් තියෙනවනම් පස්සේ අහපන්.මට ගෙදර යන්න ඕනි.taeyong එහෙම කියලා යන්න හැදුවත් lucas යන්න දෙන පාටක් නැහැ.ඒ වෙලාවේ පන්තියේ ඔක්කොම ලමයි ගිහින් හිටපු නිසා lucasට තවත් ලේසි වුනා.මට පස්සෙ අහන්න ඕනිනම් දැන් අහන්නේ නැහැනේ.මට ඇත්තම කියපන් උඹ Minjuට කැමතිද ?lucas ඇහුවා.
කැමතියි නෙමෙයි බන් මන් එයාට ආදරෙයි.උඹ දන්නවනේ මන් මීට කලින් කාටවත් ආදරේ කරලා නැහැනේ.අනික මන් දන්නේ රන්ඩු කරන්න විතරයි.මට කාටවත් ආදරේ කරන්න තේරෙන්නේ නැහැ.මන් මොනවද කරන්න ඕනි.taeyongගේ ඇස්වලින් කදුලු ආවා.
කවුද කියන්නේ බන් උඹට කාත් එක්කවත් සම්බන්ධකම් තියාගන්න බැහැ කියලා.උඹ පිට ඇවුන්ට නරක වෙන්නැති.ඒත් තමන්ගේ අයට කොච්චර ආදරේද කියලා අපි දන්නවනේ.බලපන් උඹ මගේ මල්ලිවම කොච්චර ආදරෙන් බලාගන්නවද.jaemin ටත් මම නෙවෙයි උඹයි අයියා.අනික V hyung.උඹලා දෙන්නා එකාට එකා පන ඇරලා.උඹට පුලුවන් බන් ආදරේ කරන්න.ගිහින් minjuට කියපන්.lucas ,taeyongගේ පිටට තට්ටු කරා.ඒත් මට බයයි බන් minju මට නෙමෙයි yutaට කැමති කියලා.මන් minjuට කොච්චර කරදර කරාද.taeyong කිව්වා.
ඒත් උඹ දැන් එහෙම නෑනේ.ඕවා ගැන හිතන්නෙපා.කෝ වරෙන් යන්න ගෙදර .lucas ,taeyongගේ කරට අත දාගෙන එක්කන් ගියා.Yuta ,Minjuව ගෙදරට ඇරලවලා ගියාට පස්සේ minju ෆෝන් එක බැලුවා.Umji,Soyeon දෙන්නගෙන් මිස් කෝල් 7යි.ඒ දෙන්නටත් හරියන්න Taeyongගෙන් මිස් කෝල් 15ක් තිබුනා.minju ආයි taeyongට කෝල් කරත් ඒ වෙලාවේ taeyongගේ ෆෝන් එක ඕෆ් කරලා නිසා minju නිකන් හිටියා.Umjiටයි Soyeonටයි කෝල් කරාමනම් ඒ දෙන්න අහපු ප්රශ්න වලින් බේරුනේ බොහොම අමාරුවෙන්.
අනිත් දවසේ ඉස්කෝලේ ආවම minju දෙතුන් පාරක් taeyong දිහා බලලා හිනා වුනත් taeyong හිනා වුනේ නැතිපාර minju ,taeyong ගාවට ගියා.minju එද්දිම taeyong ඩෙස් එකේ ඔලුව තියාගත්තා. මොකද මෝඩයෝ මන් හිනාවුනාම අහක බලාගන්නේ.minju ඇහුවත් taeyong ගෙන් උත්තරයක් නැහැ.ඔයා මාව ගනන් ගන්නේ නැද්ද ?minju ඇහුවා.ඉතින් ඔයා මාව ගනන් ගන්නෙ නැති නිසා මාත් එහෙම ඉන්න try කරනවා.එහෙම කියපු taeyong එයාගේ ෆෝන් එක අරන් minjuට ගත්තු කෝල්ස් පෙන්නුවා.හරි හරි අනේ සොරි.මන් ඊයේ ඉස්කෝලෙට එද්දී ෆෝන් එක silence දැම්මා.මට ගෙදරට ඇවිත් ෆෝන් එක බලනකන්ම මට මතක් වුනේ නැහැ ෆෝන් එක silence දැම්මා නේද කියලා.අනේ සොරි පැටියෝ.minju අන්තිමට කියපු පැටියෝ කියන වචනේ ඇහුන ගමන් taeyong ඔලුව ඉස්සුවා.හරි අදට ඔයාගේ සොරි එක බාරගන්නම්.taeyong එහෙම කියද්දී minju හිනාවුනා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...