එදා මැච් එක ගොඩක් තරගකාරී වුනත් taeyuta දෙන්නා ගොඩක් ලොකු තරගයක් දුන්නා.well done කොල්ලනේ.Taeyong,yuta..ඔය දෙන්නා අද ගොඩක්ම හොදට සෙල්ලම් කරා.සමහර විට ඔය දෙන්නා නැත්තම් අද අපිට මැච් එක දිනන්න බැරි වෙන්නත් තිබ්බා.Mr.Kang taeyuta දෙන්නව ප්‍රශංසා කරා.
දැක්ක නේද ඔය දෙන්න එකතු වුනාම කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා.දැන්වත් ඔය ප්‍රශ්න අමතක කරලා yuta එක්ක යාලු වෙන්න.එයා ඔයා හිතන විදිහේ නරක කෙනෙක් නෙමෙයි ty.අනික ඔයා දන්නවද එදා ඔයාට තුවාල වුනාම ඔයාව hospital එක්කන් එන්න ආවේ yuta.එයා ඔයාට නපුරුකම් කරනවනම් එදා ඔයාට උදව් කරන්න එන්නෙ නැහැනේ.එදා හවස match එක ඉවර වෙලා ගෙදර එන ගමන් minju ,tyට කිව්වා.ty ඒ වෙලාවේ මුකුත් නොකිව්වත් ගෙදර ගියාට පස්සේ ඒ ගැන ගොඩක් කල්පනා කරා.සමහරවිට minju කියන දේ ඇත්ත වෙන්නත් පුලුවන්.okay.මන් එයාට තව චාන්ස් එකක් දෙනවා.ty හිතුවා.ඊලග දවසේ උදේ ඉදන්ම minju එයාගේ taeyuta friendship mission එක පටන් ගත්තා.කෝ yuta ,taeyong ඔය දෙන්නා අද ඔතනයි වාඩි වෙන්න ඕනි.minju library එකට ගිය වෙලාවෙදී taeyong,yuta දෙන්නව එක ලග වාඩි කරා. වෙනදට එක්කෙනෙක් ගිය පාරකවත් අනිත් කෙනා නොයන තරමට තරහෙන් හිටපු දෙන්නා අද කතා බහක් නොකරත් එක ළග වාඩිවෙලා හිටපු එක හරි ලොකු දෙයක් වුනා.
Minjuලා ඔක්කොමත් එක්ක interval එකේදී කැන්ටිමට යද්දිත් soyeon ,lucas දෙන්නා බර කතාවක.මේකයි බබා,අපි දැන් loversලා නිසා අපි අතරේ රහස් ඕනි නැහැ.ඔයාගේ දේවලුත් මට කියන්න.මන් මගේ ඔක්කොම රහස් ඔයාට කියන්නම්.ඕන දෙයක් අහන්න.lucas කිව්වා.හරි ඔයාට මෙච්චරකල් gfලා කීයක් හිටියද කියන්න?lucas කියලා කට ගන්නත් කලින් soyeon එහෙම අහපුවම lucas හොදටම බය වුනා.ඔයාට බය වෙන්න ඕනි දෙයක්ද දැන් කිව්වේ.මේව නිකන් දැනගන්න විතරයි.නැත්තම් මන් ඔයාව මරන් කන්නේ නැහැ.soyeon එහෙම කියපු පාර lucasගෙ හිතට සැනසීමක් දැනුනා.ඉන්න ගනන් කරන්න....1,2,3,5,7..ඔව් 7යි.lucas ගනන් කරා.7යිද ?එහෙනම් කමක් නැහැ.එහෙම කියලා soyeonට කට ගන්න හම්බුනේ නැහැ lucas මැද්දෙන් පැන්නා.අයියෝ මන් ඔය 7යි කිව්වේ මට අවුරුදු 17දී හිටපු gfලා ගාන.ඔය මොකක්ද ඔය.ඔය වගේ කී ගුනයක් එක්ක මන් යාලු වෙලා ති.....lucas වාක්‍ය සම්පූර්න කරන්න කලින් soyeonගේ ඇස් දෙක දැකලා බයවුනා.lucas ඔහේ..
Soyeon අපෙ ආච්චි කෝල් කරනවා.පොඩ්ඩක් ඉන්න මන් කෝල් කරලා එන්නම්.soyeonගෙන් මැරුම් කන්න කලින් lucas එතනින් පැන්නා.
මාත් මේ වගේ කෙනෙක් එක්කනේ යාලුවුනේ.මේ අපේ dkලා ඒකට .soyeon එහෙම කියද්දී umjiගේ මූන මැලවුනා.මේ එක කොල්ලෙක් තියන් ඉන්නව හොදද.එනව මෙතන අහිංසක කොල්ලො අල්ලගන්න.umji ,dkගේ අතින් අල්ලගෙන කිව්වා.අම්මෝ madam,මට ඔයාගෙ dkව එපා.ඔයාම තියාගන්න.soyeon විහිලු කරා.ඒ dk ඉක්මනට අපෙ umjiගෙන් අහන්න.ඔය දෙන්නා කොච්චර කල් ඔහොම ඉන්නද කල්පනාව.minjuත් විහිලු කරා.මෙයාලට ඔල්මාදේ.හොදටම ලැජ්ජ හිතුන umji නැගිටලා එතනින් ගියා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...