Chapter 25

261 50 0
                                        

අනිත් දවසේ උදේ ඉස්කෝලේ එන්න Minju කාර් එකෙන් බැහැලා ටික දුරක් එද්දිම එහා පැත්තේ ඉදන් ආපු කෙනෙක් minjuගේ අත අල්ල ගත්තා.ty..මෝඩයෝ කට්ටිය දකියි.minju එහෙම කිව්වත් ty ඒක ගානකටවත් ගන්නෙ නැතුව දිගටම minjuගේ අතින් අල්ලන් ඇවිද්දා.ඉතින් එයාලත් දැනගත්තුදෙන් ඔයා මගේ කියලා.taeyong හරි ආඩම්බරෙන් කිව්වා.දෙන්නත් එකට පන්තියට යන මග දිගට දෙන්නව දකින ගොඩක් අයට ගොඩක් පුදුම හිතුනා වෛරක්කාරයෝ දෙන්නෙක් loversලා වුන එකට.ඒ වගේම ඒ දෙන්නම matching කියලා ගොඩක් අය පිලිගත්තා.සිද්ධිය දැනගත්තු ගමන් dk ,yutaව හොයන්න ගත්තා.yutaට ඒ වෙද්දී හිටියේ library එකේ.උඹ අද වුන දේ දන්නවා නේද?dk ඇහුවා.ඒක වෙනවා කියලා මන් දන්නේ දැන් ටිකක් දවසක ඉදන් .yuta කිව්වා.මොනාද බන් මේ කියන්නේ.මට පැහැදිලි කරපන්කෝ.dk ඇහුවා.
එදා taeyongට හොදටම තුවාල වුන දවසේ මන් දැක්කා minju ,taeyong වෙනුවෙන් දුක් වුන විදිහ.Minju ,tyට කැමති නැත්තම් එහෙම හැසිරෙන්නේ නැහැ.මන් එදා තේරුම් ගත්තා minjuව මට අයිති නැති බව.Yuta ගානක් නැතුව වගේ එහෙම කියන්න උත්සාහ කරත් yutaගේ ඇස්වල ලොකු දුකක් හැංගිලා තියෙනවා කියලා dk දැක්කා.ගනන් ගන්නෙපා බන්.උඹට වෙන හොද කෙල්ලෙක් හම්බෙයි.ඔන්න බොරුනම් බලපන්.dk එහෙම කිව්වේ yutaගේ හිත හදන්න මොකක් කියන්නද කියලා හිතාගන්න බැරුව.

අද lucasට සතුටක් වගේම ලොකු දුකකුත් දැනුනා.lucasට සතුටු හිතෙන කාරනේ තමයි එයාගේ හොදම යාලුවට එයාගේ ආදරේ හම්බුන එක.ඒත් lucasට එදා soyeon කියපු දේ මතක් වෙද්දී දුක හිතුනා.
"Minju අර දෙන්නගෙන් එක්කෙනෙක්ට කැමති වුනාම ඔයාට taeyongට උපදෙස් ගන්න මාව හම්බෙන්න ඕනි නැහැනේ.එතකොට ඒකෙන් මන් නිදහස්."
Taeminju දෙන්නත් සෙට් වුන එකේ දැන් තමන්ට soyeonව හම්බෙන්න යන්න හේතුවක් නැති නිසයි lucas ගොඩක් අවුලෙන් හිටියේ.ඒක නිසා soyeonව හම්බ නොවී ඉන්න lucas තීරණය කරා.

අනිත් දවසේ ඉස්කෝලේ නිවාඩු දවසක් නිසා taeyong,minju දෙන්නත් එක්ක පොඩි date එකකට යන්න හිතුවා.මේ දෙන්නගේ පලවෙනි date එක.දෙන්නත්  එක්ක පලවෙනි date එකට යන්න කතා වුනේ park එකට.මේ මුලින්ම කතුරු ඔංචිල්ලාවෙ යන්ද ?
නැහැ නැහැ මුලින්ම වෙන එකක යන්.අර තියෙන්නේ merry go round.minju අහපු ගමන් බෑ කියපු taeyong හරි ආසාවෙන් minjuව merry go round එක ගාවට එක්කගෙන ගියා.taeyong මේකේ යන්නෙ පොඩි ලමයි නේ...minju කියල ඉවර කරන්නත් කලින් taeyong ගිහින් tickets ටුත් අරන් ඉවරයි.දෙන්නත් එක්ක ගොඩක් ආසාවෙන් merry go round එකේ ගියා කිව්වටත් වඩා taeyong පොඩි ලමයෙක් වගේ ගොඩක් ආසාවෙන් merry go round එකේ ගිහින් විනෝද වුනා කිව්වොත් හරි.ඊට පස්සෙ දෙන්නත් එක්ක තවත් ගොඩක් තැන් වලට ගිහින් විනෝද වුනා.ඒ වගේම minju කතුරු ඔංච්ල්ලාවේ යන්න කතා කරන හැම පාරකම taeyong මොකක් හරි බොරුවක් කියලා ඒක මග ඇරියා.taeyong අද මට මේකේ යන්නම ඕනි.මන් ගෙදරින් ආවෙත් මේකේ යනවා කියලා හිතාගෙනමයි.ගෙදර යන්න ටිකකට කලින් minju එහෙම කිව්වම taeyongට මේ පාරනම් minjuව මග අරින්න බැරිවුණා.taeyongගේ මූනත් හරියට මරන්න ගෙනියන හරක් පැටියෙක් වගේ.කතුරු ඔංචිල්ලාවට නැගලා විනාඩි දෙකක් ගියේ නැහැ taeyong මෙච්චරකල් තියන් ආපු පෞරුෂයත්වය කෑලි ගොඩකට කුඩුවුනා.ඔංච්ල්ලාව උඩ යද්දිම taeyong බයේ minjuගේ අත අල්ලගත්තා.මන් උස තැන් වලට බයයි.කතුරු ඔංචිල්ලාවල යන්න ඊටත් බයයි.taeyong බිම බලාගෙන හිමීට කිව්වා.ඉතින් මෝඩයෝ මට ඇයි කලින් කිව්වේ නැත්තේ?minju ඇහුවා.මට ලැජ්ජ හිතුන ඒ වගේ දෙයක් කියන්න.Taeyong බයේ ඇස් දෙක වහගන්න ගමන්ම එහෙම කිව්වා.මන් කියන්නද, ඔයා සතුටු හිතෙන මතකයක් ගැන හිතාගන්න.එතකොට ඕක මග ඇරෙයි.minju එහෙම කිව්වත් taeyongට බය වැඩිකමට මුකුත් හිතාගන්න බැරුව ඇස් දෙක වහන් ,තදින් minjuගේ අත අල්ලන් හිටියේ.ඔහොම ඉන්නකෝ ඔයාට ඕක අමතක කරවන්න.එහෙම කියපු minju එකපාරටම තමන්ව kiss කරනවා කියලා ඇස් වහන් හිටපු taeyongට තේරුනා.ඒ කිස් එක නිසා කතුරු ඔංචිල්ලාව බිමට පාත් කරනකන්ම taeyongට තේරුමක් නැහැ.ඔයාව කතුරු ඔංච්ල්ලාවේ එක්කන් ගිය එකට සොරි එක තමයි ඕක.ඔංච්ල්ලාවෙන් බහින ගමන් minju කිව්වා.කතුරු ඔංචිල්ලාව පදින්න ගිය එක හොද තීරණයක් කියලා taeyongට ඒ වෙලාවේ හිතුනා.අද ඉදන් අපි පුලුවන් හැම වෙලාවෙම කතුරු ඔංචිල්ලාවෙ යන්.😁taeyong ගෙදර යන ගමන් minjuට හරි සතුටින් තමන්ගෙ අදහස කිව්වා.ඔයාගෙ බලාපොරොත්තුව මොකක්ද කියලා මන් දන්නවා.ඒව හරියන්නෙ නැහැ.අනික ඔයත් එක්ක ඒකෙ යනවට වඩා හොදයි මොන්ටිසෝරි පොඩි ලමයෙක්ව එක්කන් යනවා.minju හිනාවෙවී කිව්වා.

එදා Vටනම් ටිකක් අමාරු දවසක්.දවසක් V,taeyong එක්ක කියපු company එකත් එක්ක තියෙන meeting එක තියෙන්නේ අද.සර් අන්න අර company එකේ Ceo බනිනවා සර් පරක්කුයි කියලා.Office එකට යද්දිම secretary කිව්වා.එයා මාර කෙනෙක්නේ.මන් විනාඩි දෙකක් පරක්කු එකට එයා මෙතන මැරෙන්න හදන්නේ.V වෙලාව බලලා එහෙම කියන ගමන්ම ඇතුලට ගියා.ඇතුලේ හිටපු කෙනාව අදුරගන්න Vට වැඩි වෙලාවක් ගියේ නැහැ.ඒ වෙන කවුරුවත් නෙමෙයි එදා supermarket එකේදී V පෝලිම් පැන්නා කියලා Vට කෑ ගහපු ගෑනු ලමයා.අපෝ මෙයත් මේකෙද වැඩ කරන්නේ.කෝ ඔයාගේ බොස්?බොසුත් මෙය වගේමයි.මෙයා පෝලිම් පනිනවා.බොස් පරක්කු වෙනවා.ඒ ගෑනු ලමයා එක දිගට කියන් ගියා.
සොරි madam,මන් හිතන්නේ madamට පොඩි වැරදීමක් වෙලා.මේ ඉන්නේ අපේ Ceo.Mr.Taehyun.Vගේ පිටිපස්සෙන් ආපු secretary එහෙම කිව්වේ නැත්තම් V එදා supermarket එකේදි වගේම කට පියාගෙන බැනුම් අහල යන්න තිබ්බා.මන් හිතන්නේ ඔයා මාව හම්බෙන හැම පාරකම මන් ගැන වැරදියටමයි image කරගන්නේ නේද.කමක් නැහැ අපි අද ඉදන් වැරදි වැටහීම් අඩු කරන් වැඩ කරමු.V හිනාවෙලා එහෙම කිව්වත් ඒ ගෑනු ලමයනම් ඒ කියපු දේ එච්චර ගනන් ගත්තේ නැහැ.අපි misunderstanding අඩු කරන් වැඩ කරන්නත් අපි තාම එකට වැඩ කරනවද කියල තීරණය කරේ නැහැනේ.මගේ uncle මට ඔයාලා එක්ක වැඩ කරන්න කියලා කිව්වත් දැන්නම් මන් ඒක කරනවද නැද්ද කියලනම් තව තව කල්පනා කරන්න වෙයි වගේ.හරි අපි එහෙනම් business එක ගැන කතා කරමුකෝ.මගෙ නම Joy.PRT company එකේ ceo.ඒ ගෑනු ලමයා එහෙම කිව්වා.

3 Seconds (Completed)Where stories live. Discover now