1️⃣ වැනි සිහිනය ♡︎_𝑻𝒉𝒆 𝒃𝒆𝒈𝒊𝒏𝒊𝒏𝒈

191 29 11
                                    

මේ මගේ පලවෙනි ෆෑන් ෆික් එකේ පලවෙනි එපිය!!!😁💖💖💖 අඩුපාඩු නම් ඇති. ඒත් ඉතින් මං මගෙ උපරිමෙන්ම මේක ලස්සනට ලියනවා....

මේක මේ කතාවෙ පෙර වදන කියල හිතා ගන්නකො. ඇත්තම කතාව දෙවෙනි එපියෙ ඉඳන් දෙන්නෙ ඉතිම්...හූම්!!!😁😁😁🤪

ඔන්න ඉතින් කියවන්නත් කලින්ම මගෙ රීඩර්නිම්ස්ලාට ගොඩාක් ගොඩාක් ගොඩාක් තැම්කූ වේවා!!❤️❤️❤️

මීට,
ඔයාලගෙම ඕතර්නිම්!❤️

•••••••°°°°°°°•••••••°°°°°°°•••••••°°°°°°°••••••••

🦄 "උරි ශාෂායා...දොයිමත නැද්ද ආ....?"

ගෙට ආව ගමන්ම තේ හ්‍යොන්ගෙ අතේ හිටපු පොඩි එකාගෙ අත අල්ලගෙන එයාව හුරතල් කරන ගමන් හෝසොක් හිනාවෙවී ඇහුවා.

🐳 "ගොඩ කාලෙකට පස්සෙ එයාගෙ අම්මා ගෙදර එන දවසෙ එයා කොහොමද නිදාගන්නෙ, නේද ශාෂායා?"

හෝසොක් එක්කම ගෙට ගොඩවුන
ජින් ඒකට උත්තර දුන්නෙ තේ හ්‍යොන්ගෙ අතින් පොඩ්ඩව වඩා ගන්න අතරෙයි.

🦄 "කෝ ජන්ග්කුකායි ජිමිනායි තාම බඩු අරන් ආවෙ නැද්ද? අපි මොනාහරි උයල තියන්න ඕනි නේද? හැමෝම ගෙදර ඉන්න දවසෙ ඕඩර් කරල කන්න ඕනි නෑනෙ"

🐻 "ඒ දෙන්න දැං එන ගමං කියලා ටිකකට කලින් ජන්ග්කුකා මට මැසේජ් කරල තිබුනා හ්‍යොන්."

🦄 "ආ...එහෙනම් වැඩිය පරක්කු නෑනෙ. අපිට උයන්න වෙලාව තියෙනවානෙ. ශාෂායා, අම්ම එක්කං එන්න එයාපෝට් යන්න ලෑස්ති වෙන්නෙ නැද්ද?"

කට්ටිය එන හඬ ඇහිලා නම්ජුන් සුගා එක්ක කිචන් එකේ ඉඳන් එලියට ආවා.

🐨 "අනි, හෝසොකා, අපි ඔය දෙන්න ආවම කියන්න හිටියෙ. එයාට කලිං ෆ්ලයිට් එකේ එන්න පුලුවන් වෙලා නිසා දැන් එයා ගෙදර එන ගමං ඉන්නෙ."

🦄 "වාව්! ඒ කියන්නෙ අපේ ශාෂායට අම්මව ඉක්මනටම බලන්න පුලුවන්නේ!"

🐳 "අම්මා නැති දවස් ටිකේ මේ සම්චොන්ල එක්ක ඉදලා උරි ශාෂායට එපා වුනේ නැද්ද ආ....? බලන්නකෝ ඉතිං මංවත් හිටියනම් ශාෂායාට පාලු නැතුව ඉන්න තිබුනානෙ." පොඩ්ඩව යාන්තමට කිති කවන අතරෙ ජින් ඇහුව දේට පොඩ්ඩ නම් කලේ කිචි බිචි ගගා හිනා වෙන එකයි.

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Место, где живут истории. Откройте их для себя