මේක අතරමැදින් දාන චූටි ඇඩ් එකක්...
මගෙන් රීඩර්නිම් කෙනෙක් ඇහුවා මොකද්ද මේ
"වැරදිලාවත් මාලුවගෙ ඇඟෙ මැක්කෙක් හිටියොත්"
කියන කතාවෙ තේරුම කියලා...
(කලින් එපියෙ එක තැනක එහෙම තියෙනවා.)ඒක කතාවක්...
මං ඒ කතාව ඔයාලට කියාදෙන්නම්....
ඒ කතාව දැනටමත් දන්නවනම් ඔයාල ඊලඟ එපියට යන්න හොඳේ...
මේ ඒ කතාව නොදන්නා අයගේ හිතසුව පිණිසයි!•••••••°°°°°°°°••••••••°°°°°°°°••••••••••°°°°°°°°
ඔන්න එකෝමත් එක කාලෙක, එකෝමත් එක රටක ළමයෙක් හිටියලු.
මේ ළමය ගැන එයාගෙ ගුරුතුමාට තිබුන ලොකුම ප්‍රශ්නෙ වුනේ එයා කොයි වෙලාවෙත් ඉස්සරහට ඇවිත් කතාවක් කරන්න කිව්වොත් කතා කලේම "මැක්කා" කියන මාතෘකාව ගැන විතරමයි කියන එකයි.
එයා කතාව කරන්නෙ මෙහෙමයි.
"මැක්කා කලු පාටයි. ඌ ලේ උරා බොන සතෙකි. මැක්කාට බොහෝ දුර පැනිය හැක. විවිධ ප්‍රමානයේ මැක්කෝ ඇත......"
මේ 'මැක්කා' ගැන කතාව හැමදාම අහන නිසා ඒක දැන් ගුරුතුමාට වගේම පන්තියෙ අනිත් ළමයින්ටත් හොඳටම එපා වෙලාලු තිබුනෙ.
ඉතින් එක දවසක් ගුරුතුමා මේ ළමයට කිව්වලු,
"පුතේ, මැක්කා ගැන පුතා හැමදාම කියනවනෙ. අද වෙන සතෙක් ගැන කියන්නකො...." කියලා.මොනව වුනත් මේ ළමය ගුරුවරයාට බොහොම කීකරුයිලු. ඉතින් එදා මේ ළමය කතාව කලේ 'මැක්කා' ගැන නෙවෙයි. 'බල්ලා' ගැන.
ඔන්න ඉතින් මේ ළමය මෙහෙම කතාව පටන් ගත්‍තා.
"බල්ලා කියන්නේ ගෙදර සුරතලයට ඇති කරන සතෙකි. උන් විවිධ වර්ණයන් ගෙන් සිටිති. "
ගුරුතුමත් අනිත් ළමයිනුත් බොහෝම සතුටෙන් ඔලුව වනනවලු. ඇයි ඉතින් හුඟ කාලෙකට පස්සෙ මේ මැක්කගෙ කතාව අහන්නෙ නැතුව නිදහසේ ඉන්න පුලුවන්නෙ.
ළමයත් ඉතින් කතාව කන්ටිනිව් කරනවා.
"බල්ලාගේ ඇඟේ විවිධාකාර පරපෝෂිතයන් සිටිති. ඒ අතරින් ප්‍රධාන වන්නේ මැක්කාය. මැක්කා කලු පාටයි. ඌ ලේ උරා බොන සතෙකි. මැක්කාට බොහෝ දුර පැනිය හැක........"
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...