3️⃣0️⃣ වැනි සිහිනය 💚_ 𝑳𝒂𝒕𝒆

91 14 55
                                    

🐻 "ඉතිං ඒ වෙලාවට ඒ රූම් එකේ ඉන්නෙ තමුසෙ විතරක් නෙවෙයිනෙ!"

💃 "මොනවා! ඒ.....ඒ කිව්වෙ මොකද්ද...?"

🐻 "ඒ වෙලාවෙ අපේ ප්‍රැක්ටිස් රූම් එකේ හිටපු එකම කෙල්ල තමුසෙ විතරක්ම නෙවෙයි කියලයි මං කිව්වෙ..."

💃 "මොනවා!!! අනි, තමුසෙල හැමෝගෙම ඇස් පොට්ට වෙලාද? ඒ කෙල්ලගෙ මොනව දැකලද? අපිට වඩා කලුයිත් එක්ක! අනික ඩාන්ස් කරන්න, සින්දු කියන්නවත් පුලුවන්ද? අනික සේරටම වඩා එයා ෆොරීනර් කෙනෙක්!"

මගෙ කන් මටම අදහාගන්න බැරි වුනා...

ඒත් මං ජේකේයි ටේයොනුයි දිහා නොබලා වීඩියෝ එක දිහාම බලන් හිටියෙ, මං මේ බලන්නෙ ෆිල්ම් එකක් කියල මටම කියාගන්න අතරෙයි....

🐻 "තමුසෙගෙ වටේ කැරකෙන ලෝකෙ නෙවෙයි අපේ ලෝකෙ...."

දාර්ශනික කතාවක්!

🐻 "දැන් තමුසෙට ඇත්ත තේරුනානෙ. ඒ නිසා ආයෙම අපේ ජන්ග්කුකාට ඇල්ම බැල්ම දාන එක නවත්තනවා.... මං මේක කියන්නෙ තමුසෙගෙ හොඳට නෙවෙයි. ඒත් තමුසෙ ඔය විදියට තමන්ගෙම මල්ලි වගේ ඉන්න කොල්ලටත් අඟර දඟර පෙන්නනවා කියල දැන ගත්තොත් අර පබෝ ජිමිනියට මොනව හිතෙයිද කියලයි මං මෙහෙම කියන්නෙ.... ඌ මොනව දැකල තමුසෙට වහ වැටුනද කියන්න මං දන්නෙ නෑ. ඒත් මොනවම හරි කරලා මං ඌව තමුසෙගෙන් ගලව ගන්නකම්, තමුසෙගෙ නැටිලි නිසා උගෙ හිත රිදෙන්න දෙන්නෙ නෑ මම කීයටවත්...."

💃 "යා! කිම් ටේ හ්‍යුන් ෂී! තමුසෙ ඔය කාට කතා කරනව කියලද හිතන් ඉන්නෙ? ඔහොම ඉන්නවකො මං දැන්මම ජිමිනිට කෝල් එකක් අරං තමුසෙට පෙන්නන්නම් එයා දැන් තමුසෙලවද මාවද වැඩිපුරම විශ්වාස කරන්නෙ කියලා...."

🐻 "හරි ගන්නවා ඉතින් කෝල් එක. මටත් බලන්න ඕනි තමුසෙ මේ දවස් ටිකට කොච්චර ජිමිනාව බ්‍රේන් වොෂ් කරලද කියලා."

............................................................................

ඊට ටික වෙලාවකට පස්සෙ වීඩියෝ එකේ තිබුන විදියටම ජිමින් ප්‍රැක්ටිස් රූම් එකට ආවා.

🐥 "ඇයි සෝහායා ඔයා මේ වෙලාවෙ මට ප්‍රැක්ටිස් රූම් එකට කතා කලේ? ඔහ්! ටේයොනා! ඇයි මේ? මොකද්ද මෙතන වෙන්නෙ?"

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now