මං ඩෝම් එකේ ප්‍රැක්ටිස් රූම් එකට එබුනෙ ප්‍රැක්ටිස් රූම් එක පැත්තෙන් සද්දයක් ඇහුන නිසා.....
මේ දවස් වල කොන්සර්ට් එක ලග ලගම එන නිසා දවසෙ පැය විසිහතරෙන් ඕනිම වෙලාවක ගියත් එක මෙම්බර් කෙනෙක් හරි ප්‍රැක්ටිස් රූම් එකේ හොයාගන්න පුලුවන්.
මං ඇත්තටම ඒකට එබුනෙ ජන්ග්කුකා ඒකෙ ඉදී කියන බලාපොරොත්තුවෙන්. මොකද එයාට එනර්ජි ඩ්‍රින්ක් විදියට රෑට නැතුවම බෑ කිව්ව අයිස් කොෆී ( බනානා මිල්ක් ෂේක් නෙවෙයි!) එක ඒවෙද්දිත් තිබුනෙ මගෙ අතේ නිසා.
ප්‍රැක්ටිස් රූම් එකේ දාල තිබ්බෙ එක ලයිට් එකක් විතරක් නිසා ඒක ඇතුල එච්චර හොඳට පෙනුනෙ නෑ.....
ඒත් ඒක ඇතුලෙ එක්කෙනෙක් දාඩිය දාගෙන ඩාන්ස් ප්‍රැක්ටිස් කරනව දැක්කම මං පුදුම වුනෙත් නෑ.
'වාව්! මාර ගති ඩාන්ස් එකක්නේ!' මන් හිත ඇතුලෙන් ඩාන්සර්ට ෆෑන් ගර්ලිං කරන ගමන් ඒ කවුද කියල අදුනගන්න ට්‍රයි එකක් දුන්නා.
'අනිවා ඒ ඩාන්ස් ලයින් එකේ කෙනෙක්. ඒක නම් ආයෙ දෙකක් නෑ.
වාව්! දාඩිය දාලා ටී ෂර්ට් එකත් ඇගටම ඇලිලා!!!
අහ්! කවද දකින්න හිතපු දේවල් ද මෙව්වා...!
මං බාගෙට කටත් ඇරගෙන ඩාන්සර් දිහා බලන් හිටියෙ ඩාන්ස් එකට වගේම ඉතින් ඒ සෙස්සි බොඩි එකටත් චූට්ටක් විතර වශී වෙලා කිව්වොත් බොරුවක් නෙවෙයි.
කියන්නත් ලැජ්ජයි මිත්‍රවරුනි, ඩාන්සර් ටික වෙලාවකට පස්සෙ ඩාන්ස් එක නවත්තලා මිරර් එකෙන් මං දිහා බලන් ඉන්න වුනාම තමයි, 'මේ මිරර් එකෙන් මට එයාව පේනව වගේම එයාටත් මේ කෙල හල හල ඉන්න මාව පේන්න ඕනි නේද' කියන සාමාන්‍ය දැනීම මට පහල වුනේ...!
මන් ඉතින් ලැජ්ජාව මකා ගන්නත් එක්කම ලාවට හිනා පාරක් දාලා, ජේකේ ගෙ එනර්ජි ඩ්‍රින්ක් එක ටේබල් එක උඩින් තියලා, ආයෙම ඩාන්සර් දිහාට යන ගමන් "ෂා! සුපිරි ඩාන්ස් එක" කිව්වෙ නම් හදවතින්මයි.
"😁 කම්සාහ්මිදා ඩොක්ටර්නිම්!"
ඩාන්සර් ටිකිරි හිනාවක් දාල මන් දිහාට හැරුනමයි ඒ කවුද කියල මන් අදුර ගත්තෙ....
ESTÁS LEYENDO
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanficසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...