2️⃣3️⃣ වැනි සිහිනය 💙_ 𝑻𝒉𝒆 𝒇𝒊𝒈𝒉𝒕

84 16 26
                                    

මම එදා උදේ නැගිට්ටෙ හිතේ එක තීරණයක් තියාගෙනයි....

ඉක්මනට නැගිටලා, මූණ කට සෝදගෙන මං ලෑස්ති වුනේ, උදේම ගියොත් මෙම්බර්ස්ල ටික ප්‍රැක්ටිස් වලට එන්න කලින් මට පීඩීනිම් මුණගැහිලා මේක ඉවරයක් කර ගන්න පුලුවන් නිසයි....

මොකද මොන තරම් තද තීරණයක හිටියත් එයාලගෙ මූණ දිහා බලාගෙන මම යනවා කියලා පීඩීනිම්ට කියන්න මට පුලුවන් කමක් තියෙනවද කියලා මට ම විශ්වාසයක් තිබුනෙ නෑ....

...........................................................................

මං පාන් පෙත්තක් කන ගමන් ෆෝන් එක නිකමට අතට අරන් ඉද්දියි දැක්කෙ ඒ වෙලාවෙ #1 ට්‍රෙන්ඩින් තිබ්බෙ මොකද්ද කියලා....

"KIM TAE HYUNG AND PARK JIMIN FIGHT OVER MIN SO HA"

ඒක දැක්ක විතරයි මට උන් හිටිතැනුත් අමතක වුණා....

මේ මොන විකාරයක් ද...?

ඇයි මේ දෙන්න සෝහාට ෆයිට් කරගන්නෙ....?

ඒ කියන්නෙ මං එදා දැක්ක දේ ඇත්තක් ද....?

ඒ ටොපික් එකට පහලින් තිබුන වීඩියෝ එක මම ක්ලික් කලේ වෙව්ලන ඇගිලි වලින්.....

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

වීඩියෝ එක පටන් ගත්තෙ ටේයොනුයි, සෝහායි ප්‍රැක්ටිස් රූම් එකේ ඉන්න දර්ශනයකින්....

ටේයොන් සෝහාගෙන් මොනවහරි තදින් අහනව වගෙයි පෙනුනෙ....

සෝහා ඒකට උත්තර දෙද්දි එයා ඔලුව වන වනා ටේයොන් කිව්ව දේට විරුද්ධ වෙනව කියල වීඩියෝ එකේ පැහැදිලිව පෙනුනා....

ඒත් ටේයොන් එයාගෙ විරුද්ධ බව නොසලකා ආයෙම එයාගෙන් මොනවා හරි දිගටම අහනවා....

ටික වෙලාවකට පස්සෙ බැරිම තැන වගේ සෝහා කාටහරි කෝල් එකක් ගන්න හැදුවා....

ටේයොනුත් ඒකට විරුද්ද නොවී බලන් හිටියා...

ටිකකින් ප්‍රැක්ටිස් රූම් එක ඇතුලට ආවෙ ජිමින්....

සෝහා එයා ළගට ගිහින් මොනාහරි කිව්වෙ කදුලුත් පිහිදදා ද කොහෙද...

එයා කියපු දේ ටික වෙලාවක් අහගෙන හිටපු ජිමින් ටේයොන් ළගට ගිහින් එයා එක්ක කතා කරන්න පටන් ගත්තා....

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now