👩⚕ "ටේයොනා!"
මම අනිත් පැත්ත හැරිලා එයාගෙ මූණ බලන්න ට්‍රයි කලේ මට දැනුන දේ ඇත්තටම ඇත්තද කියල තහවුරු කර ගන්නයි....
ඒත් එයා එක පාරටම මගේ පිටිපස්සට ගිහින් තද කරල මාව අල්ලගත්තෙ මට පිටිපස්ස හැරිලා බලන්න බැරි වෙන විදියට...
👩⚕ "ටේයොනා..."
මම හිමීට එහෙම කියල මගේ අත් දෙකෙන් එයා මගේ දෙපැත්තෙන් තියාගෙන හිටපු අත් දෙක අල්ල ගත්තා....
එයා මාව තව තවත් තද කරල බදා ගත්තෙ කරගත්තෙ හරියට පොඩි එකෙක් වගේ....
🐻 "මට ගොඩක් මහන්සියි සාරායා... මේ හැම දේකටම පස්සෙ මට ගොඩක් මහන්සියි...."
එයා ගොඩක් ලොකු ප්‍රශ්නෙක හිටියත් ඒක මොකක්ද කියල මේ වෙලාවෙ අහන එක තේරුමක් නැති වැඩක් කියල මට තේරුනා.
ඒ නිසාම එයාට හේත්තු වෙලා එයාවත් අල්ලගෙන මං බැල්කනි එකෙන් පහල බලාගෙන හිටියෙ මට කියන්න දෙයක් තියනවනම් ඒක කියන්න එයා හිත හදා ගන්නකනුයි....
............................................................................
🐥 "ටේයොනා..., මට අද වුණ දේ ගැන ටිකක් කතා කරන්න ඕනි.... මං ඔතනට ආවට කමක් නෑ නේද...?"
අපේ පිටිපස්සෙන් ආව සද්දෙට අපි දෙන්නම ගැස්සිලා අනිත් පැත්ත හැරුනෙ කිසිදෙයක් හිතන්නත් කලින්....
ඒත් මං එතන ඉන්නව දැක්කම අපිටත් වැඩිය ගැස්සුනේ ජිමින්.
🐥 "ටේයොනා? වේ...? සාරායා? අනි, මියානේ ටේයොනා... මං... මං... ආ... පස්සෙ වෙලාවක එන්නම්. මං දැනන් හිටියෙ නෑ ඔය දෙන්නා...."
🐻 " ජිමිනා, අනී.. මේ..... මේ.... ඔයා මොනවත් වැරදියට හිතන්න එපා. මං මේ සාරායා එක්ක..."
👩⚕ "අහ්ම්...කවුන්සිලින්! අපි මේ එහෙම එකක්...."
මං හැදුවෙ අතැඹුලක් සේ බොරු කියල පෙනුනත්, ටේයොන්ගෙ 'අනී....මේ...අම්...අම්...' පැහැදිලි කිරීමට වඩා හොඳ මොකක්ම හරි කතාවක් ඇදබාල නම්බුව බේරගන්නයි....
🐻 "අනියො, කවුන්සිලින් නෙවෙයි ජිමිනා. ඒත් මේක උඹ හිතනව වගේ දේකුත් නෙවෙයි..."
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...