පළවෙනි කොන්සර්ට් එකෙන් පස්සෙ දිගටම වර්ල්ඩ් ටුවර් එක කන්ටිනිව් වුනා.
අර AIRPLANE Pt.2 එකේ කියනව වගේ
"We going from NewYork to Cali
London to Paris"වගේ ලෝකෙ වටේම යන එක තමා අපි කලේ.
ජීවිතේ පලවෙනි වතාවට වර්ල්ඩ් ටුවර් එකක් යන මට නම් ඒක ඉස්සර මං හිතුව වගේ ලස්සන අත්දැකීමක් නම් නොවන බව වැඩි කලක් නොගිහින්ම තේරුනා.
රටින් රටට ටයිම් චේන්ජ් වෙනව කියන එක ඇත්තටම පිස්සුවක්....
ටයිම් එක විතරක් නම් බැරිය... අර දින රේඛාවද මොකද්ද එකෙන් එහාට මෙහාට පනිද්දි එකේක රටවල දවසත් වෙනස්නෙ!
ගොඩක් වෙලාවට එක රටකින් රෑ නිදාගන්න වෙලාවට ෆ්ලයිට් එකට නැග්ග අපි ඊලඟ රටට යනකොට එහේ ටයිම් එකෙන් මහ දවල් එකයි දෙකයි.
ඒ වගේ වෙලාවට නින්ද කියන දේ අපි ගත්තෙ ඇඟට මහන්සි දැනෙද්දි මිසක් රෑ දවල් කාල වෙනස බලල නෙවෙයි...
±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±
මුල්ම කොන්සර්ට් එකේදි හිතේ පොඩි ගැස්මක් හැමෝගෙම තිබුන වුනත් ආමිලගෙ චියර් එක ඇහුන වෙලාවෙ ඉඳලම එයාල අපි හැමෝම දන්න අපේ BTSල ම වුනා.
පලවෙනි සති දෙක තුනේදි එයාලට කොන්සර්ට් වලින් පස්සෙ ෆිසිකල් ට්‍රීට්මන්ට් ගන්න වුනත්, ටික කාලයක් යද්දි ආයෙම එයාල ඒවට පුරුදු වුනා... ඒ සේරටමත් වඩා මට තිබුන ලොකුම සතුට වුනේ එයාලගෙ මෙන්ටල් හෙල්ත් එක බලා ඉද්දි වගේ අප් වෙන්න පටන් ගත්ත එකයි....
ඇත්තටම ආමිලට BTSල නැතුව බෑ වගේම BTSල ටත් ආමිල නැතුව බෑ කියන්නෙ බොරු නෙවෙයි....!
±±±±±±±±±±±±±
මේ විදියෙ ලයිව් කොන්සර්ට් කරනවට අමතරව ඒ සමහර කොන්සර්ට් ඒ වෙලාවෙම ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරන ඉවෙන්ට් දෙක තුනකුත් ඒ අතරෙ තිබුනා.
ඒකට ගොඩක් මහන්සි වෙලා, පීඩීනිම් එක්ක කතා කරල ඒ වැඩේ කරන්න පර්මිෂන් අරන් තිබුනෙ නම්ජුන් ඔප්පයි, ජින් ඔප්පයි.
ඒ දෙන්න ඒකට පර්මිෂන් ගන්න ඕනි කමට ස්ටාෆ් එකත් එක්ක පොඩි වලියකුත් දාගත්‍ත කියල මං පස්සෙ තමා දැනගත්තෙ....
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...