ඩ්‍රීම් ෆෙයරි.....?
ඒ මොකෙද්ද ඒ....?
අනේ අනිච්චේ දෙන දෙයක් කාලා, රිසර්ච් එකක් කරගෙන යසට හිටපු මගේ ජීවිතේට මදි වෙලා තිබ්බෙ ෆෙයරි ටේල් එකක් විතරයිනෙ ඉතින්!
ආයිශ්!!! මට මොකටද මේ වගේ දේවල් එවන්නෙ කවුරුවත්? අනික නමක් ගමක් ඇතුවනම් තව කමකුත් නෑ!
මට හැදුවෙ ඒ මගුල දමල ගහල මං ළඟ තියෙන එකක් ඇඳන් යන්නයි.
මොකද කිව්වොත් මට පාර්ටි ඩ්‍රෙස් එකක් කවුරුහරි තෑග්ගක් විදියට දුන්න එක මට සතුටක් වුනත්, මේ විදියෙ නමක් ගමක් නැති දේවල් වලට නම් මගෙ හිතේ වැඩි කැමැත්තක් තිබුනෙ නෑ.
ඒත්......
ඇත්තටම කිව්වොත් ඒ ඩ්‍රෙස් එක අතඇරල යන්න බැරි තරමටම හරිම ලස්සනයි......
ඇරත් ඉතින් මේ තරම් වටින තෑග්ගක් දමල ගහල යන්න පුලුවන්ද හිතකින්!
ඒ නිසාම මං තවත් ටිකක් වෙලා ඒක අතේ තියාගෙන කල්පනා කලේ මේක මට එවන්න ඇත්තෙ කවුද කියලයි.
මේක එවල තියෙන්නෙ මං පාර්ටි එකට යනව කියල දන්න කෙනෙක්නෙ. ඒක දන්නෙ මෙම්බර්ස්ලයි සේයුන් ඔප්පයි, යූන ඔන්නියි, සේජින් ඔප්පයි, පීඩීනිම්යි ඔය වගේ ටික දෙනෙකුයි විතරයි.එතකොට ඒ අය අතරිනුත් මං වෙනුවෙන් ඔය වගේ ඩ්‍රෙස් එකක් අරන් දෙන්න පුලුවන් මෙම්බර්ස්ලගෙන් කෙනෙක්ට විතරයි කියල තේරුම් ගන්න තරම් බැරි කමක් මට තිබුනෙ නෑ.
කවුරු වුනත් මේක එව්ව කෙනා අත් අකුරු හිතාමතාම වෙනස් කරලයි තියන්නෙ.
ඒ කියන්නෙ මේක මට එව්ව කෙනා කවුද කියල මං දැනගන්නවට එයා කැමති නෑ.
මෙම්බර්ස්ල හැමෝම මේ දවස් ටිකට මාව එයාලගෙම නංගි කෙනෙක් වගේ දකින තරමට මාත් එක්ක ෆිට් වුනා. ඒ අය අතර පොඩි පොඩි ප්‍රශ්න තාමත් තිබුනට දැන් එයාල මං එද්දි හිටියට වඩා යාලු කමින් හිටියෙ.
ඉතින් මේ වෙලාවෙ මේ වගේ දෙයක් අල්ලන් අපේ යාලුකම නැති කරගන්නෙ මොකටද?
අනික එයාට ඕනි වෙන්න ඇත්තෙ කට්ටිය ඉස්සරහ කම්පනි එකේ නමත් මගේ නමත් ලැජ්ජ නොවී තියාගන්න වෙන්න ඇතිනෙ.
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...