🐰msg ___ සාරායා, ඔයාගෙ පලවෙනි අවෝඩ් සෙරමොනි ආෆ්ට පාර්ටි එකනෙ අද. කට්ටියව පිස්සු වැටෙන්න ලස්සනට ඇඳන් එන්න ඕනි හරිද?___
අවෝඩ් සෙරමොනි එක දවසෙ උදේම ගෲප් චැට් එකේ මැසේජ් එක ජේකේගෙන්.
"බලන්නකො මං හැම ආර්ටිස්ට් කෙනෙක්ගෙම ඇස් කටේ හිටින්න ඇඳන් එන විදිය" කියල ඒකට රිප්ලයි කලත් මං ළඟ ඇත්තටම තිබුනෙ හොස්පිටල් එකේ ඔය වගේ ෆන්ෂන් වලට ඇඳපු ඇඳුම් දෙක තුනක් විතරයි.
👩⚕msg___ඒත් ඇත්තටම මං මොනාද ඕකට අඳින්න ඕනි?___
මං ඉතිං ආයෙම ටික වෙලාවකින් ලැජ්ජාව බල්ලට ගියාවෙ කියල ඇහුවෙ එයාලගෙන්මයි.
🐰msg ____හෙහේ! දැන් කවුද දන්නෑ කිව්වෙ ආර්ටිස්ට්ලගෙ ඇස් කටේ තියෙන්න ඇඳන් එනව කියලා!____
👩⚕msg ____යා!!! තමුසෙට ප්‍රැක්ටිස් නැද්ද මෙතන ගෲප් චැට් කරකර ඉන්නෙ! ____
🐰msg ____ඇයි දැන් මෙතන එක්කෙනෙක් වැලලෙන්න හදනවනෙ එයාට ඇඳන් එන්න එකක් නෑ කියල!____
👩⚕msg ____මං ඇහුවෙ තමුසෙලගෙන් නෙවී මගෙ ඔප්පලගෙන්!____
🐻msg ____අපෝ අන්න තමුසෙගෙ ආදරණීය ඔප්ප සෝෆාවකට වෙලා කටත් ඇරං නිදි!____
............................................................................
එයා එහෙම මගෙ ඔප්පා කිව්වෙ යුන්ගි ඔප්ප ගැනයි.
සති දෙක තුනක් යද්දි යුන්ගි ඔප්පයි ජින් ඔප්පයි එක්කත් මගෙ තිබුන දුරස් ගතිය ටික ටික නැති වේගෙන යනව කියල මට දැනුනත් ඒ දෙන්නම විසඳුමක් නැති ප්‍රශ්නවල ඉන්නව කියන එක මට රහසක් වුනේ නෑ.
ගෲප් එකේ හැමෝටම එකිනෙකාට අදාළ වුන පෞද්ගලික ප්‍රශ්න තියෙනව කියල ඒ වෙද්දිත් මට හොඳටම තේරිලයි තිබුනෙ. මං මුලින්ම ආව කාලෙ වගේ නිතරම එයාල රණ්ඩු නොවුනත්, පිටින් නොපෙන්නුවට එයාල අතරෙ තාමත් මොකක් හෝ බාදාවක් තියෙනව වගෙයි මට නම් පෙනුනෙ.
කොහොම වුනත් අනිත් අයට වඩා යුන්ගි ඔප්ප මට ගොඩක් සමීපයි වගේ තේරුන වෙලාවල් මට තිබුනා.
මං ආව මුල් දවස්වල ෆෝන් එකටම මූණ ඔබාගෙන හිටිය විතරක් වුනත් ටික දවසක් ආශ්‍රය කරද්දි මට තේරුනා එයා පිටින් පෙන්නුවෙ නැති වුනාට ගොඩක් සංවේදී කෙනෙක් කියල.
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...