ජිමින්ගෙයි මගෙයි රණ්ඩුවෙන් පස්සෙ මං කෙලින්ම ගියේ මගේ අපාර්ට්මන්ට් එකට....
තව එක දවසයි තියෙන්නෙ...
හෙට මගේ ඇග්රීමන්ට් එක ඉවර වෙනවා...
අනිද්දා ඉඳන් මට මගේ ඉස්සර ජීවිතේට යන්න පුලුවන් වෙයිද...?
මං මූණ දුන්න සේරම දේවල් මට අමතකම කරල දාන්න පුලුවන් වෙයිද...?
ඇයි මං ජිමින්ට ඒ වෙලාවෙ එහෙම කිව්වෙ...?
කොච්චර වුනත් එයාට කැමති වෙලා ඉන්න එක ගැන මට කවදාවත් පසු තැවෙන්න පුලුවන්ද...?
මං එහෙම කිව්ව වෙලාවෙ එයාගෙ මූණෙ තිබුනෙ කොච්චර දුකක්ද...
අයියෝ මං වගේ මෝඩයෙක්...
ඇයි මං එයාට කියන්න තියෙන ඒව ඇහුවෙ නැත්තෙ...
මට මාත් එක්කම ලොකු තරහක් දැනුනා...
ඔව්...
මං වගේ මෝඩයෙක් ජිමින්ට ලැබෙන්න ඕනි නෑ තමයි...
ඔයා ජිමින්ට සුදුසු නෑ සාරා...
එයාට ගැලපෙන කෙනා කවුරු වුනත් ඒ ඔයා නෙවෙයි...
±±±±±±±±±±±±±±±±±±±±±±±
මං අහස දිහා බලන් හිටියෙ අඩු තරමෙ ඒකෙන්වත් සැනසීමක් තියෙයි කියල හිතාගෙන....
ඒත් අද අහසත් හරිම අඳුරුයි....
අහසෙ හඳ තියා තරුවක්වත් තිබුනෙ නෑ....
මගේ ඔලුවට එකේක සිතුවිලි ආවෙ, ඒවා නිසා මගේ ඔලුව පුපුරලා යයි කියලා මට හිතෙද්දියි....
ගෙදරට ඇඳපු ඇඳුමට උඩින් ජැකට් එකක් දාගෙන පහල තිබුන කන්වීනියන්ස් ස්ටෝස් එකට ගියපු මම සෝජු බෝතල් දෙකක් ගෙනාවා....
ජීවිතේ පලවෙනි වතාවට මම ම හොඳ සිහියෙන් ඉඳගෙන සෝජු බෝතලේ කඩලා වීදුරුවට දා ගනිද්දි මගේ හොඳ සිහිය ගැන මටම සැකයක් ආවත්, මට ඊට වඩා කරන්න දෙයක් තිබුනෙ නෑ.....
මට ඕනි වුනේ කිසි දෙයක් නොහිතා ඉන්න....
ඔව්, කිසිම දෙයක්....
ටිකෙන් ටික සෝජු බෝතලේ ඉවර වීගෙන ආවත් මගේ ඔලුව පුරා දුවන සිතුවිලි නම් නවත්තගන්න ඒකට බැරි වුණා....
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...