4️⃣ වැනි සිහිනය💗_ 𝑻𝒉𝒆 𝒗𝒆𝒓𝒚 1𝒔𝒕 𝒎𝒆𝒆𝒕𝒊𝒏𝒈

107 23 27
                                    

සෙක්‍රටරි දොර ඇරල නම්ජුන් ට ඇතුලට එන්න ඉඩ සලස්වලා දුන්නා.

"වාහ්! මේ ඉන්නෙ ඇත්තටම මනුස්ස පරාණයක්ම ද...?"කියල මං කටත් ඇරං ටික වෙලාවක් බලං ඉදල කියල මට තේරුනේ පීඩීනිම් ටිකක් උස් හඩින් "සාරා ෂී" කියල දෙවෙනි පාරටත් කියනකොටයි.

👻 "අම්මෝ! ඒ දිලිසෙන ඇස් දෙක, ඒ හැන්ඩ්සම් මූණ, ඒ හතර රියන් බොඩි එක! ලෝක ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයාගෙ අතිශය විශ්වසවන්ත ගෝලය විදියට නෙවෙයි HYBI එකේ ක්ලීනිං සර්විස් එකට වුනත් ජොයින් වෙන්න තියනවනම් ඔයා ගිය ආත්මෙ රට බේරගත්ත කෙනෙක් වෙන්න ඕනි සාරායෝ..!!!"

මගේ ඔලුව ඇතුලෙ මෙච්චර කාලයක් නිදං හිටපු ඒ හාඩ්කෝර් ආමිවරිය එක පාරටම නැගිටල මහ හයියෙන් බෙරිහන් දෙද්දි මම පීඩීනිම් දිහා හැරිලා "දේ දේ" ගෑවෙ මහා යුද්ධයකට ගිහින් දිනල ආව රණශූරයෙක්ට වගේ ෆීලිං එකක් දැනෙන අතරෙමයි.

නම්ජුන් මගෙ දිහාට අත දික් කරගෙන ඉන්නව මං දැක්කෙ එතකොටයි. කොච්චර වුනත් මගෙ ප්‍රොෆෙෂනල් ස්ටේට් එකේ නාමෙන් මං වැඩි අවුලක් නොපෙන්නා නම්ජුන් එක්ක හෑන්ඩ්ෂේක් කලා.

👦 "එහෙනම් සාරා ෂී නම්ජුන් එක්ක කතා කරගන්නකෝ වැඩ කරගන්න පිලිවෙල. මේක මෙම්බර්ස්ලගෙ පෞද්ගලික මට්ටමටත් අදාල වෙන දෙයක් නිසා සාරා ෂී එක්ක වැඩ කරන පිලිවෙල ඔයාලම තීරණය කරගන්න එකයි මට ඕනි."

පීඩීනිම් ඒ අන්තිම වචන ටික කිව්වෙ නම්ජුන් ට යි.

නම්ජුන් පීඩීනිම් ට ඔලුව නවලා ආචාර කරල යන්න පිටත් වුනට පස්සෙ මාත් පීඩීනිම් ගෙන් සමුඅරගෙන නම්ජුන් පස්සෙන් ගියා.

හැබැයි ඒ වෙද්දිත් මට මගේ ජොබ් එකේදි වැඩ කරන්න වෙන්නෙ කොහොමද කියල හරියටම පැහැදිලි අදහසක් නම් තිබුනෙ නෑ.

සාමාන්‍යයෙන් නම් පේෂන්ට් කෙනෙක්ගෙ බාරකාරයා හරි යාලුවෙක් හරි කවුරු හරි අපට පේෂන්ට් ගැන විස්තරයක් කරනව. ඊළගට පේෂන්ට් කවුන්සිලින් එන දවසට අපි එයාගෙ ප්‍රශ්නෙ ගැන දල අදහසක් ඇතුවයි එයත් එක්ක කතා කරන්නෙ. බෙහෙත් ප්‍රෙස්ක්‍රයිබ් කරන්නෙ හරි දිගටම කවුන්සිලින් විතරක් කරනව හරි තීරණය කරල නියමිත දවසකට අපි එයාලව මුණ ගැහෙනවා. ඕකනෙ නෝමල් ප්‍රොසීඩියර් එක.

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now