2️⃣9️⃣ වැනි සිහිනය 💛_ 𝑻𝒉𝒆 𝒔𝒑𝒆𝒍𝒍..

81 14 15
                                    

මගේ හිස කෙස් අතරින් යන ඇඟිලි තුඩු වල ස්පර්ශය දැනිලා මං නැගිටිද්දි රූම් එක තිබ්බෙ වෙනද වගේම ළා අඳුරෙ. රූම් එකේ මං ගාවම එක්කෙනෙක් ඉන්නවා මට පෙනුනෙ ඒ අඳුර අතරින්මයි.

👩‍⚕‍ "ඩ්‍...ඩ්‍රීම් ෆෙයරි.....?"

මං හීනෙන් වගේ ඇහුවෙ වෙන හිතා ගන්න දෙයක් නැති තැනයි....

ඒත් ටිකෙන් ටික මගේ ඇස් අඳුරට හුරු වෙද්දි ඒ කෙනාට එහා පැත්තෙන් කාමරේ තවත් කෙනෙක් ඉන්නවත් මට පෙනුනා.

🐻 "සාරායා, ඔයා නැගිටලද?"

මං ගොඩක් බිව්ව කියල හිතුවට මට ඇත්තටම වැඩිය සෝජු පෙවිල නැති නිසාද, නැත්නම් මං දැං ඒවට පුරුදු වෙලා නිසාද, නැත්නම් ඇත්තටම ඒව වෙන ඒව තරම් සැර නැති නිසාද මං දන්නෙ නෑ... ඒත් ඒ වෙද්දි මං හිටියෙ නියම සිහියෙන්...

ඒනිසා මට ඒ කටහඬ අඳුන ගන්න එක අමාරු වුනේ නෑ.

👩‍⚕‍ "ටේයොනා...."

මං එහෙම කිව්වෙ ඇඳෙන් නැගිටින ගමන්මයි.

🐻 "ලයිට් එක ඔන් කරන්න ජන්ග්කුකා."

එයා එහෙම කිව්ව ගමන් කාමරයම විදුලි එලියෙන් පිරුණා.

මං ඉස්සරහ හිටියෙ ජේකේයි, ටේයොනුයි.

🐰 "දැන් ඔයාට හොඳයි ද සාරායා ?"

මං ගාවින් ඇඳේ වාඩි වෙලා මං දිහා බලාගෙන ජේකේ ඇහුවා.

👩‍⚕‍ "හ්ම්...අවුලක් නෑ. ඔලුව ටිකක් රිදෙනවා. එච්චරයි."

ටේබල් එක උඩ තුබුන වතුර බෝතලෙන් උගුරු දෙකක් බීලා, නිදිමත නැති කරගෙන ඒ දෙන්න දිහා බලන ගමන් මං එහෙම කිව්වෙ නලල අතගාන ගමන්මයි.

🐰 "තනියෙම අපාර්ට්මන්ට් එකේ ඉන්න ගමං ඔයා සෝජු බීල බීල, යුන්ගි හ්‍යොන්ට කෝල් කලා සාරායා. ඔයාට මතකද?"

ජේකේ මගේ දිහා විමසිල්ලෙන් බලලා අහද්දි මං කරපු කියපු දේවල් ටික ටික මට මතක් වේගෙන ආවා....

ආහ්! මේ සේරටම මුල අර පිස්සු තාරාවා තමා!

එයත් එක්ක එච්චරටම තරහා නොගියනම් මං මේ තරම් දෙයක් කරන්නෙ නෑනෙ!

👩‍⚕‍ "ඕ...මං හිතන්නෙ අද දවල් වුන දේවල් නිසා......"

මං කියන්න ගිය වාක්‍ය කියන්න ඉඩ නොදීම ටේයොන් කතා කරන්න පටන් ගත්තා.

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now