👧 "සාරායා, ඔයා මීට කලින් මොනවත් බීල නෑ කිව්ව නේද? ඔහොම එක පාරටම බොන එක නම් හොඳ නෑ කෙල්ලේ..."
යූනා ඔන්නි කිව්ව වෙලාවෙ තමයි මට මගෙ ඉස්සරහ තිබ්බ වයින්ද, විස්කිද, බියර්ද මොකද්ද මංද බෝතලේ දිහා බැලුනෙ....
දෙයියනේ!
එක බීම උගුරක්වත් බොන්නෙ නෑ කියල හිතන් ආපු මං කෝප්ප දෙක තුනක්ම ඇදල ඇරල නේද....?
හරි පුතේ කාපන් පොල් පරාල කිව්වලු!
ඒක තමයි ජිමින් ඇස් දෙකත් පීප්ප සයිස් කරන් මං දිහා බලන් හිටියෙ!
ඒත් දෙයියනේ කියල මට එහෙම 'මත් ගතියක්' කියල දෙයක්නම් තදට දැනුනෙ නෑ....
කෝකටත් කියල මම ටේබල් එකෙන් නැගිටලා කොරිඩෝ එක දිගේ ඇවිදන් ගියේ එතන තිබ්බ කචකච ගෑවිල්ලෙන් ඈත් වෙන්න හිතාගෙන.
මට මගේ ඔලුවෙ සිතුවිලි සේරම පැහැදිලි කර ගන්න ඕනි වුන නිසා මං ඇහිපිල්ලම් ගැහුවා....
ඒත් ඇත්තටම කිව්වොත් ඒකට ඇහිපිල්ලම් ගහන්න ඕනි නෑ....
ඔලුව ටිකක් වනලා කෙලින් ඇවිද්ද නම් හරි.....
ඒත් එතන පොඩි අවුලකට තිබ්බෙ මට කොයි තරම් කෙලින් ඇවිදින්න ඕනි වුනත් පාර කෙලින් තිබ්බෙ නැති එකයි!
.................................................................................................................
මං පුලුවන් තරම් කෙලින් ඉන්න ට්‍රයි කරන ගමන් ඇවිදිගෙන ගිහින් ලිෆ්ට් එකට නැග්ග.
ඒත් මං කොහෙද යන්න ඕනි...?
පහලට යනවද?
උඩහට යනවද?
මෙතන ඉන්නවට වඩා පහලට යන එක හොඳයි කියල හිතුන මම පහලට යන්න බට්න් එකක් ප්‍රෙස් කලා.
ටික වෙලාවකට පස්සෙ ලිෆ්ට් එක නැවතුනාම මං එලියට ගියේ හුලං ටිකක් වැදුනොත් මගෙ කැරකෙන වගේ ගතිය ටිකක්වත් අඩුවෙයි කියල හිතාගෙනයි.
මෙතන නම් නියමයි මොනා වුනත්.....
හොඳට හුලං වදිනවා....
අනික පේනමානෙ කවුරුවත් නෑ.
ෂුහ්...!
නිදහසේ ඉන්න පුලුවන් කාලෙකට පස්සෙ!
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...