2️⃣5️⃣ වැනි සිහිනය 🧡_𝑾𝒉𝒚...?

79 16 21
                                    

ඩෝම් එකට එනකම් අපි අතර කිසි කතාවක් වුනේ නෑ....

ඩෝම් එකට ආවට පස්සෙත් මට ඒ කාගෙවත් මූණ බලන්න හිතක් තිබ්බෙවත් නෑ.

🐳 "සාරායා, උඩට ගිහින් යුන්ගියගෙ රූම් එකෙන් වොෂ් එකක් දාගන්න. ඔයා අද රෑ අපිත් එක්ක මෙහේ ඉන්නවා!"

👩‍⚕‍ "අනියො ඔප්පා, මට අපාර්ට්මන්ට් එකට යන්න ඕනි"

🐳 "මගෙ යකා අවුස්සගන්න එපා සාරායා! ඔයා අද මෙහෙන් අඩියක් හෙලවන්නෙ නෑ."

ජින් ඔප්පා මටත් කඩා පැන්නා...

එයාට එච්චර යකා නැගල තියෙනවනම් දැක්කමයි මං.

ඒ නිසාම මං කිසි දෙයක් නොකියා යුන්ගි ඔප්පගෙ රූම් එකට ගිහින් වොෂ් එකක් දාලා, ලයිට් එකත් ඕෆ් කරගෙනම ඇඳට වැටුනා....

ඒත් ඇඳට ගියත් නින්දනම් මට පේන මානෙකටවත් ආවෙ නෑ...

මං කට්ටිය පහල එකේක ඒව කතා වෙන සද්දෙට කන් දීගෙන හිටියෙ හිතට එන දේවල් සේරම අමතක කරන්න උත්සාහ කරන අතරෙයි....

±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

🐳 "මට තේරෙන්නෙ නෑ ජිමිනාට මොනව වුනාද කියලා.… එයා ඒ විදියෙ ළමයෙක් නෙවෙයි, කිසි දෙයක් හොයලා බලන්නෙ නැතුව කාටවත් කඩා පනින්න තරම්…"

🦄 "එයා සෝහාෂීට ඒ තරම්ම ආදරෙයි කියන එකද ඒකෙ තේරුම...?"

🐱 "ජිමිනා සෝහාට නෙවෙයි, මොන ලෝකෙ ඉන්න කෙල්ලෙක්ට ආදරේ වුනත් මට කමක් නෑ. ඒත් මගේ නංගිට එහෙම කතා කරන්න අයිතියක් ඌට නෑ...
ආයිශ් ! චින්චා! උඹල දෙන්න මාව මොකට අල්ලගෙන හිටියද මංද.. ඇත්තමයි උඹල මට යන්න දුන්නනම්, පිට මිනිස්සු නෙවෙයි උගෙ අම්මයි තාත්තයි බලං හිටියත් කන පැලෙන්න ගහලයි මං පස්ස බලන්නෙ!"

අනිත් අය නම් ටිකක් සන්සුන් වෙලා වගේ පෙනුනත් යුන්ගි ඔප්පනම් තාමත් ගිනි ගත්ත ගමන්මයි....

🦄 "අපි ටිකක් බලමුකො සුගා හ්‍යොන්, මේකෙ හරිම වැරදි කාරායා හොයා ගත්තම සේරම හරිනෙ.... ඔය කිව්වට පීඩීනිම්නම් සාරායාව සැක කරන්නෙ නෑ. ඒ වෙලාවෙ එයාටත් වෙන කියන්න දෙයක් නෑනෙ. හැමෝම ඉස්සරහ සාරායට ෆේවර් කරන්න බැරි නිසයි එයා නම් එහෙම කියන්න ඇත්තෙ...."

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now