9️⃣ වැනි සිහිනය 💚 _ 𝑻𝒉𝒆 𝑨𝒖𝒕𝒐𝒈𝒓𝒂𝒑𝒉

82 18 34
                                    

ටික වෙලාවකට පස්සෙ තේමින් ඔප්ප නැගිටල අපේ මෙම්බර්ස්ලගෙ ටේබල් එකට ගිහින් ජිමින් ළගින්ම වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා.

ඒ දෙන්න ඉතින් කොහොමත් යාලුවොනෙ....

අනික අනේ මංද මටනම් ඒ දෙන්නවම ගොඩාක් එක වගේ පේන්නෙ.

වැඩියත්ම අර ලස්සන අහිංසක හිනාව.

බලා හිටියත් බඩ පිරෙනවා.....

චිමියනම් ඉතින් ඔහොම හිනාවල් දාන්නෙ තෝරගත්ත සුලු පිරිසකටයි, කැමරාවටයි, ආමිලටයි විතරයි තමයි.

ඒත් අපරාදෙ කියන්න බෑ තේමින් ඔප්පගෙනම් හිනාව මූණන් එකයි කොයි වෙලේ බැලුවත්.....

අඩේ!!!

ජිමිනත් එක්ක කතා කරන ගමං එයා අපේ ටේබල් එක දිහාටත් අත දික් කරල මොනවද මංද ඇහුව නේද?

ඊළගට එයා නැගිටල නිකම් මේ පැත්තට එන්න වගේ ට්‍රයි එකක් දුන්නත් ජේකේ එයාගෙ අත අල්ලගෙන මට ඒ මේසෙට එන්න කියල අත වැනුවා.

මගේ ඔලුවෙ මල් හතක් පිපුණ ඒක දැක්කමනම්.....

මාත් ඉතින් ගියා උඩ පැනගෙන!

යූනා ඔන්නි නම් මාව යැව්වෙ මට ඇහැකුත් ගහලයි!

🕺 "අන්‍යාසෙයෝ, සාරා ෂී!"

👩‍⚕‍ "අන්‍යාසෙයෝ තේමින් ෂී! මං තේමින් ෂී ට ගොඩාක් ගොඩාක් ගොඩාක් කැමතියි!"

මං දඩ බඩ ගාල ඒකත් කියල දැම්මෙ නැත්තම් මට ඕක ජීවිත කාලෙටම කියා ගන්න බැරි වෙන බව දන්න නිසයි.

ඒ වුණාට ඒ වගේ දෙයක් එහෙම දැක්ක ගමන් එකපාරටම කියන්න හොඳ නැද්ද කොහෙද....

තේමින් ඔප්පගෙ ඇසුත් උඩ ගියා!

ඒ අස්සෙ ජන්ග්කුකා පෑගුව පෑගිල්ලක් මගෙ කකුල, මට තරු විසික් වෙන්න!

🐰 "අපිට මෙන්ටල් කෙයා කරනව කිව්වට මෙයාට තමා හොඳටම මැන්ටල් හ්‍යොන්. ඒ නිසා ගනන් ගන්න එපා!"

යා!!! මගෙ ඔප්ප ඉස්සරහ මගෙ නම්බුව පුදනකොටම කාපි යකා වගේ කෑව නේද මේ ඌරා! හිටපියකො තොටත් කවදහරි කෙල්ලෙක් සෙට් වීගෙන එද්දි මං ළඟ පාත හිටියොත් මං පෙන්නන්නම්කො මේ සාරායා කවුද කියල!

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now