3️⃣ වැනි සිහිනය 💜️_ 𝑻𝒉𝒆 𝒋𝒐𝒃

113 22 19
                                    

හයිබි එක ගොඩක් ලොකු එකක් වගේ මෝඩ කියමනක් කියලා කතාව පටන් ගන්න එක කිසි තේරුමක් නැති දෙයක් කියල මට හිතුනත් ඇත්තටම ඒක ඉතින් ලොකුම ලොකු බිල්ඩින් එකක තියන මහවිසාල කම්පනි එකක්.

මම ඒක ඇතුලට යන්න කලින් ටික වෙලාවක් එතන එලියෙ ඉදන් ඒක දිහා බලන් හිටියෙ මීට අවුරුදු දෙක තුනකට කලින් මට මේ චාන්ස් එක ලැබුනනම් මේක ඇතුලට යන්න මන් කොයි තරම් ආසාවෙන් ඉදී ද කියල මතක් වෙලා. ඒත් ඇත්තටම කිව්වොත් දැන් නම් මේක ඇතුලට යනවට වඩා මට මගෙ රිසර්ච් එක නිදහසේ කරගන්න ලැබෙනවනම් මගෙ හිතට ලොකු සතුටක් ලැබෙන බව මං දැනන් හිටියා. ඒත් ඉතින් ගත්ත තීරණය ගැන දැන් පසුතැවිලි වෙලා වැඩක් නෑනෙ. බැදගත්ත බෙරේ ගහපන් සාරායා කියල මටම කියා ගන්න ගමන් මම කම්පැනි එකේ රිසෙප්ෂ්න් ඩෙස්ක් එක ළඟට ඇවිදගෙන ගියේ වටපිටාව දිහාත් ඇස් දාගෙනයි.

👩‍⚕‍ " එක්ස්කියුස් මී"

👩‍⚖‍ " යර්ස් මැඩම්, මොකක්ද ඔබතුමියට වෙන්න ඕනි"

👩‍⚕‍ " මට මිස්ට බන්ග් ෂි හ්‍යුක් එක්ක මීටින් එකක් තියෙනව උදේ 9.30 ට"

👩‍⚖ "අහ් මැඩම් ඩොක්ටර් ලී යොන්ග් එවපු ඩොක්ටර් නේද...? මැඩම් තර්ඩ් ෆ්ලෝ එකට යන්න. පීඩි නිම් ගෙ සෙක්‍රටරි අපිට දැනුම් දීල තියන්නෙ මැඩම් ආව ගමන් කෙලින්ම එවන්න කියල."

මම රිසෙප්ෂ්නිස්ට් ට ස්තූති කරල පීඩි නිම් ගෙ ඔෆිස් එක හොයාගෙන ගියා. එතන හිටපු හැඩ වැඩ තියන සෙක්‍රටරි මාව කලින් අදුනන කෙනෙක් වගේ එකපාරටම හිනාවෙලා පිලිගත්තම මම මුලින් පුදුම වුනත් පස්සෙ මට තේරුනේ පහල රිසෙප්ෂ්න් ඩෙස්ක් එකෙන් උඩට මං ගැන පනිවිඩේ ලැබිල ඇති බව.

බන්ග් පීඩි නිම් ගෙ සෙක්‍රටරි, පීඩීනිම් ට මං ආව බව දැනුම් දුන්නට පස්සෙ මට ඇතුලට යන්න කියල සෙක්‍රටරි කිව්වා. මම හිමින් ඇතුලට අඩිය තිබ්බෙ හිතේ පොඩි චකිතයකුත් එක්ක නෙවෙයි කිව්වොත් ඒක බොරුවක්. ඇයි දෙයියනේ මේ ඉන්නෙ කොරියාවෙ විතරක් නෙවෙයි මුලු ලෝකෙම එන්ටර්ටේට්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලීඩිං ෆිගර් එකක්නෙ. කොහොම වුනත් මාත් මේ යන්නෙ එසේ මෙසේ කෙනෙක් විදියට නොවන බව ඔලුවට ආව නිසා මාත් ගට අරගෙන, ඔලුව කෙලින් තියාගෙන ඇතුලට ගියා ඉතිං.

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now