Present time :
එයාපෝට් එකේ ඉඳන් මං කෙලින්ම ආවෙ යුන්ගි ඔප්පගෙ ගෙදරට....
මං ඇමරිකා වලට ගිහින් හිටිය සතියෙ මගෙ පොඩ්ඩයි මගෙ හස්බණ්ඩයි හිටියෙ යුන්ගි ඔප්පගෙ ගෙදර නැවතිලා.
ඒ අතරෙ අනිත් ඔප්පල ටිකත් නිතරම වගේ එහේ ඇවිත් ගියා....
ජින් ඔප්පට විතරයි එන්න බැරි වුනේ...
ඒ එයා හිටියෙ ජැපෑන් බ්‍රාන්ච් එකේ බිස්නස් වැඩ වගයක හිරවෙලා නිසයි....ජැපෑන් බ්‍රාන්ච් එක රන් කලේ මගෙ හස්බණ්ඩයි ජින් ඔප්පයි... ඔම්මා නැති අතරෙ ශාෂා පැටියව බලාගන්න අප්පා ඉන්නම ඕනි කියපු ජින් ඔප්පා ජැපෑන් වැඩේට තනියම ගියා....
ඒ නිසයි ඔප්පට ආවෙ නැත්තෙ... එහෙම නැතිවුනා නම් ඔප්පත් ඉතින් මගෙ පොඩ්ඩා ළඟින් හෙල්ලෙන්නෙ නෑ කියලා මං හොඳටම දන්නවා....
±±±±±±±±±±±±±±
මං අපාර්ට්මන්ට් එකට යද්දි එයාගෙ සම්චොන්ල හය දෙනාවයි අප්පවයි වට කරගෙන පොඩි එකී හිනා වෙවී ඉන්නවා..
ඒක දැක්කම නම් එයාට දැන් එයාගෙ ඔම්මව අමතක වෙලාද දන්නෙත් නෑ කියල මට චූට්ටන් ඉරිසියාවකුත් ආවෙ නැතුවම නෙවෙයි...
මං හිටියෙ නැති සතියට එයා තව චූට්ටකුත් ලොකු වෙලාදත් මංද...
අනේ.. මගෙ පැටිය...
අපරාදෙ කියන්න බෑ පොඩි එකී මාව දැක්ක විතරයි කටත් මාලු පැටියෙක් වගේ උල් කරගෙන මං දිහාට අත දික කලා...
මං පොඩ්ඩිට අයිස්ක්‍රීම් එකක් දෙන්න හැදුවෙ...
(මේ මහ රෑ පොඩි එවුන්ට අයිස්ක්‍රීම් දෙනවද ගාල දැන් මගෙන් අහන්න එපා ඉතින්... එයාට තාම ඒව කන්න බෑ කියන එක වෙනම කතාවක්... එහෙමයි කියල ළමයින්ට කන දේවල් දෙන්නෙ කන්නම නෙවෙයිනෙ... එයාලට ඒව දෙන්නෙ බලබල ඉන්න...එයාත් මං වගේ අයිස්ක්‍රීම් වලට කැමති කරගන්නම්කො මං ලොකු වුනාම...)
ඒත් මං අයිස්ක්‍රීම් එක දෙද්දිම ටේයොනා අයිස්ක්‍රීම් එකක් ගෙනාව එකට කෑ ගහන්න පටන් ගත්තා...
මං ඒක ඇහුන්නෑ වගේ ආයෙම අයිස්ක්‍රීම් එක පොඩ්ඩ දිහාට දික් කලා... ඒ ගමන ජිමින් ශාෂායත් එයත් අම්ම වගේමයිද මොකද්ද එකක් කටත් උල් කරන් කිව්වා....
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...