2️⃣ වැනි සිහිනය ♥︎ _ 𝑻𝒉𝒆 𝒓𝒆𝒂𝒍 𝒃𝒆𝒈𝒊𝒏𝒊𝒏𝒈

125 23 10
                                    

"සාරා ෂී, ඔයාව අපේ හොස්පිටල් එකෙන් පිට වැඩකට රෙකමන්ඩ් කරන්න මට ඕනි. මම හිතනව ඔයා මේකට කැමති වෙයි කියලා."

අපේ රෝහලේ ප්‍රධාන මනෝ චිකිත්සක වෛද්‍යවරයා ලී යොන්ග් ෂී ඕනිකමින් මගේ දිහා බලන් හිටියෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

"හොස්පිටල් එකෙන් එළියෙ කිව්වෙ මොකක් හරි වොලන්ටියර් වැඩක් ද සර්? මම එහෙම දේකට නම් ඇත්තටම ගොඩක් කැමතියි. ඒක මගෙ රිසර්ච් එකටත් හොඳ චාන්ස් එකක්නෙ..."

" ඒක ගැන කතා කරන්න තමයි මම ඔයාට කතා කලේ සාරා ෂී. මොකද මේ වැඩේට යනවනම් ඔයාගෙ රිසර්ච් එක ඔයාට ටික කාලෙකට නවත්තන්න වෙනවා."

යොන්ග් ෂී මගේ දිහා බොහොම බැරෑරුම් විදියට බලලා කියද්දි මට හිතට කලබලයක් දැනුනෙ නෑ කිව්වොත් ඒක බොරුවක්...

ඒත් මම ලාවට හිනාවක් දාලා එකත්පස්ව වාඩි වෙලා මෙහෙම කිව්වෙ මගේ හිතේ තිබුන කිසිම හැගීමක් පිටට නොපෙනෙන විදියටයි.

"සති දෙක තුනකට නම් මට පුලුවන් සර් "

මගේ දිහා ආයෙත් ටිකක් වෙලා බලන් ඉදිය යොන්ග් ෂී බෝම්බය අත ඇරියෙ එතකොටයි.

" ඇත්තම කිව්වොත් මාස හයක් අඩු තරමෙ මේ වෙනුවෙන් වෙන් කරන්න වෙනව සාරා ෂී !"

මනෝ වෛද්‍යවරියක් විදියට මම පුරුදු වෙලා හිටියෙ මගේ ෆේෂ්ල් එක්ස්ප්‍රෙශන්ස් අනිත් අය එක්ක කතා කරද්දි වැඩිය පිටතට නොපෙන්වා ඉන්න තමයි. ඒත් මේ පාර නම් මට මගේ මූණෙන් පෙන්නපු පුදුමය හංග ගන්න පුලුවන් වුනේ නෑ.

මගේ ප්‍රධානියා, දැනට ලෝකෙ ඉන්න මනෝ විද්‍යා රිසර්ච් කරන අංක එකේ වෛද්‍යවරු අතරින් එක්කෙනෙක් වෙන මගේ ගුරුතුමා, මේ රිසර්ච් එක නිසාම ආගන්තුක රටකට ඇවිත් ඉන්න මට කියනව, රිසර්ච් එක ටික කාලෙකට නවත්තන්න ලු...ටික කාලයක් කියන්නෙ සති දෙක තුනක්, අඩු තරමෙ එක මාසයක්වත් නෙවෙයි, එක දිගට මාස හයක්...මම යොන්ග් ෂී දිහා බලන් හිටියෙ මගේ කනේ දෝසයක්ද කියල ෂුවර් කර ගන්න බැරුවයි.

"මේක ඇත්තටම ගොඩක් බරපතළ ජොබ් එකක්. එයාල මටයි මේකට ඉන්වයිට් කලේ. ඒත් සාරා ෂී දන්නවනෙ යුන්ග්මියාගෙ ප්‍රශ්නෙ නිසා රටින් පිට ගොඩක් කල් ඉන්න මට බැරි බව..."

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now