අපි හැමෝම මේසෙ උඩ තිබුන ස්නැක්ස් කන අතරෙ එකේක ඒවා කතා කර කර හිටියා....
ඒ අතරෙ හෝබි ඔප්ප තමයි ඇත්ත කියන සෙල්ලම කරමුද කියල යෝජනා කලේ. අනිත් ඔප්පල හැමෝම ඒකට එක පයින් එකග වුනේ හරියට කලින් ප්ලෑන් කරන් හිටියා වගේ....
👩⚕ "ඒ මොකද්ද ඒ? මං එහෙම සෙල්ලමක් කවදාවත් අහල නෑනෙ?"
🐱 "ඒකෙදි කරන්නෙ කවුරුහරි කෙනෙක් බෝතලයක් කරකවනවා.... ඒ බෝතලේ කැරකිලා ඇවිත් ඔයාට පොයින්ට් වුනා කියන්නකො, එතකොට බෝතලේ කැරකුව කෙනා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහනවා... ඔයා අනිවාර්යයෙන් ඒකට ඇත්තම කියලා උත්තර දෙන්න ඕනි.... ඔයාට ඒකට උත්තර දෙන්න බැරිනම් ඒ වෙනුවට ඔයා සෝජු කෝප්පයක් බොන්න ඕනි.... එහෙමයි සෙල්ලම යන්නෙ."
🦄 "හරි එහෙනම් මම ඩ්‍රින්ක්ස් ගේන්නම්..."
👩⚕ "එතකොට මටත් බොන්න වෙනවද ඔප්පා....?"
🦄 "බය වෙන්නෙපා සාරායා, ඔයාට දෙන්නෙ ඔරේන්ජ් ජූස් එකක් විතරයි."
🐳 "හෙහේ! අම්මෝ ඔව්, එදා මතකනේ අපේ ඩොක්ටර්නිම්!!! ආයෙ නම් ඒ වගේ හදවතින්ම කියන වචන අහගන්න ඕනි නෑ අපට! නේද හෝපා!🤣🤣🤣"
👩⚕ "අයිගෝ! මේ හොඳ වෙලාවෙ ඕව මතක් කරන්නෙ මොකටද ඔප්පා!"
මං කිව්වෙ එදා පලවෙනි වතාවට සෝජු බීලා මට වුණ හරියක් මතක් වෙලා....
ඇත්තටම කිව්වොත් තාමත් මට ඒකෙ සමහර පාට් හරියටම මතක නෑ...
විශේෂයෙන් ම අරක...
මං ඒක හීනයක් කියල හිත හදාගෙනයි හිටියෙ මේ වෙනකොට. ඒත්, ආයෙ නම් මට ඒ සිද්දිය මතක් කරන්නවත් ඕනි නෑ.
............................................................................
හෝබි ඔප්පා එයාලට බොන්න සෝජු බෝතල් තුන හතරකුයි, බියර් බෝතලේකුයිත් අරන් එන ගමන් මට ඔරේන්ජ් ජූස් එකකුත් ගෙනාවා.
මුලින්ම බෝතලේ කරකවන්න ගත්තෙ හෝබි ඔප්පා....
බෝතලේ ගිහින් නැවතුනේ නම්ජුනි ඔප්ප ලග.
🐨 "ආ...හෝපා, මොනවද මගෙන් අහන්න තියෙන්නෙ?"
🦄 "අලුත් සින්දුව ඉවර වෙන්න ලගද නම්ජුනා?"
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...