එදා රෑ මට කම්පනි එකේ ටිකක් විතර රෑ වෙනකම් ඉන්න වුනේ ඊලග මාසෙ ශෙඩියුල් එකේ වෙනසක් වෙනව කියල සේයුන් ඔප්ප කිව්ව නිසා, ඒකට අනුව මගේ ශෙඩියුල් එකත් වෙනස් කරගන්න එයාට උදව් කරන්නයි....
ඒත් සේයුන් ඔප්පට වෙන වැඩක් වැටිලා තිබුන නිසා නොහිතපු විදියට රෑ වෙනකම් මට ඉන්න වුනා.
අපේ වැඩ සේරම ඉවර වෙද්දි මං වෙනදට ගෙදර යන වෙලාව ගොඩාක් පරක්කු වෙලා....
ඔහොම හිතහිතා ඉද්දියි හෙනහුරා කඩං පාත් වුනා වගේ අද ශෙඩියුල් එක වෙනස් කරපු එක ගැන මෙම්බර්ස්ලට කියන්න කියල සේයුන් ඔප්ප මට බාරදුන්නෙ....
දැන් ඉතින් ඒකත් කරපන්කො!
හැබැයි මගෙ හොඳ වෙලාව කියන්නෙ එලියට යන්න හදද්දිම මං දැක්කා කොරිඩෝ එකේ කොනට වෙන්න ටේයොන් වගේ කෙනෙක් ඉන්නව....
මං ඒ පැත්තට ගියේ ඒ එයානම් ඉක්මනටම එයාට මේක දීල ඉවරයක් කරගන්න පුලුවන් නිසයි.
එයා එතන හිටියෙ තනියම නෙවෙයි....
එයත් එක්ක සෝහාත් හිටියා....
ඒ දෙන්න මොනව හරි කතාවක් කර කර හිටියෙ...
ඒ දෙන්නට ඩ්‍රාම එක ගැන කතා කරන්න දේවල් ඇතිනෙ.... ඒවට මං බාදා කරන එක හොඳ නෑ කියල හිතුන නිසා ඒ දෙන්නගෙ කතාව ඉවර කරනකම් නෑහෙන දුරකට වෙලා ඉන්න මම තීරනේ කලා.
ඒත් මං අනිත් පැත්ත හැරිල යන්න හදද්දිම මං දැක්ක දේ නිසා මාව නිකම් කරකවල අතෑරිය වගේ වුනා.....
ඒ දෙන්න කිස් කලා...!
මේ වෙන්නෙ මොනවද, දැන් මං කරන්නෙ මොකද්ද කියල මෙලෝ කල්පනාවක් නැතුව මං ටික වෙලාවක් එහෙමම ගල් වෙලා හිටියා.
ආයෙම හරි සිහියට ආව මම ඉක්මනටම දුවල දුවල එතනින් එන්න හදද්දි මං දැක්කෙ ඊටත් වඩා මාව පිස්සු වට්ටන දෙයක්...
ජිමින් අපි ඉන්න පැත්තට එමින් හිටිය....
දෙවියනේ.....!
මං දැන් මොකද්ද කරන්න ඕනි....?
ජිමින් කෙලින්ම ඉස්සරහට එන්නෙ අඩු තරමෙ මගෙ මූණවත් බලන්නෙ නැතුව...
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...