ටේයොනුයි මායි මහ වැස්ස කඩා වැටෙද්දි පාක් එකේ ඉඳල ඩෝම් එකට දුවන් ආවෙ පුලුවන් තරම් හයියෙන්....
ඒත් පාක් එකේ ඉඳල ඩෝම් එකට එන ටිකට ස්විමින් පූල් එකක හත් ගව්වක් පීනුව වගේ අපි දෙන්නම හොඳටම තෙමිල හිටියෙ....
අපි ඩෝම් එකට අඩිය තියද්දි යුන්ගි ඔප්ප හිටියෙ දුම්මල වරම අතට අරන්.
🐱 "යා, ටේයොනා! සාරායා? කොහෙද මේ වැස්සෙ ගියේ?"
👩⚕ "ම්..ඔප්පා...අපි මේ...."
🐻 "අද මට කවුන්සිලින් හ්‍යොන්!"
මේ දවස්වල ඉතින් කෝකටත් තෛලෙ වුනේ කවුරුත් නොයන කවුන්සිලින්!
🐱 "කවුන්සිලින්....? මං කියන්නෑ. ඉස්සර හිටියෙ පොඩි උන් තුනයි. දැන් තවත් එකෙක් ඒකට එකතු වුනා."
යුන්ගි ඔප්ප කිව්වෙ මගෙ දිහාත් බලල ඔරවලයි.
🐱 "දැන් තමුන්ලට වයස කීයද කියල දන්නව නේද? පොඩි එවුන් වගේ වැස්සෙ නටන්න ගියේ ?"
අපෝ වැඩේ කාලා....!
ඕකනෙ ඉතින් මුං එක්ක බැරි!
මං වටේ කැරකිල බැලුවෙ ජන්ග්කුකා හොයා ගන්න....
ඔය ඉන්නෙ නහයත් උඩට ඇද ඇද නසරානි හිනාවක් දමාගෙන!
±±±±±±±±±±±±±±±±±
මේක වුනේ මෙහෙමයි....
අපි තුන් දෙනා ඔහේ වල්පල් කියෝ කියෝ ඉන්න වෙලාවක මේ දවස් ටික රේනි සීසන් එක නිසා වැස්සෙ ඇවිදින්න යමු කියන අයිඩියා එක ඉස්සරවෙලාම දැම්මෙ ජේකේ.
මායි තේහ්‍යොනුයිත් ඉතින් ඒකට එකපයින් එකඟ වුනා....
අද ළාවට වැස්සක් වැහැගෙන ආවත් ජේකේට ඊයෙ හවස ඉඳන් හොඳටම හෙම්බිරිස්සාව තිබුන නිසා මායි ටේයොනුයි කිව්ව අපි පස්සෙ දවසක යන් කියල....
එහෙම කිව්ව කියල ඉතින් අපි දෙන්න නම් නැවතුනේ නෑ.... අපි දෙන්න ඔන්න ඔහේ ගියා!
චූටි කාලෙ වැස්සෙ නැටුවට පස්සෙ මං නම් වැස්සෙ උඩ පැන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ... තේහ්‍යොනුත් එහෙමමයි මං හිතන්නෙ.... අපි දෙන්න උඩ පැන පැන කෑ ගගහ දැඟලුවෙ පොඩි උන් දෙන්නෙක් වගේ....
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...