3️⃣5️⃣ වැනි සිහිනය 💜_ 𝑩𝒆𝒔𝒕 𝒆𝒏𝒅𝒊𝒏𝒈

110 11 30
                                    

ඒ වෙලාවෙ එයා මාව අතඇරලා පැත්තකට යන්න හැදුවත් මං එයාව අතනොඇර බදාගෙනම හිටියා.

🐰 "සාරායා.....? වේ....? මට යන්න දෙන්න."

👩‍⚕‍ "අනි!"

🐰 "වේ? මොකද්ද වෙලා තියෙන්නෙ ඔයාට? අරහෙ ජිමිනි හ්‍යොනුයි අනිත් හ්‍යොන්ලයිත් ඇති."

👩‍⚕‍ "ඉතිං....?"

🐰 "ඉතිං කියන්නෙ මොකද්ද? ඒ ජිමිනි හ්‍යොන්. ඔයා ආදරේ කරන කෙනා... එයා එතන ඉද්දි ඔයා මාව බදාගෙන මොන එකක්ද කරන්නෙ?"

ජේකේගෙ කටහඬ ලාවට වගේ වෙව්ලනව මට දැනුනා....

👩‍⚕‍ "ඉතින්....?"

🐰 "අනි, නෝ මිච්චස්සෝ? හැමෝම මෙච්චර සතුටින් ඉන්නකොට මොනවද ඔයා මේ කියන විකාර?"

👩‍⚕‍ " මෙතන හැමෝම සතුටින් ද ඉන්නෙ ජේකේ? ඔයත්?"

🐰 "යා!සාරායා! මං කිව්ව දේ අහල ඔයාට මං ගැන දුක හිතිලා මට කැමති වෙන්න හිතුනා වගේ ස්වීට් ඩ්‍රාම ප්ලොට් එකක දෙබස් නම් කියන්න ලෑස්ති වෙන්න එපා සාරායා! මං මෙතන කොච්චර හිනා වෙලා හිටියත් මටත් ඉවසීමේ සීමවක් තියෙනවා!"

ඒ වෙලාවෙනම් එයාගෙ කටහඬේ තරහ හොඳටම පැහැදිලිව පෙනුනා.

👩‍⚕‍ "අනියො, කවුද කිව්වෙ මං ඔයාට කැමති කියල?"

🐰 "එහෙනම් ඔයා මොකටද මාව බදන් ඉන්නෙ...?"

👩‍⚕‍ "කුමාවෝ...! හැම තිස්සෙම මට ඕනි වෙලාවට මගෙ ළඟින් හිටියට ගොඩාක් කුමාවෝ...."

🐰 "අනි... මං එහෙම හිටියෙ නෑ..."

එයා හැදුවෙ එතනින් යන්නයි. ඒත් මං එයාව නවත්තගත්තා....

👩‍⚕‍ "එතකොට මේ මොකද්ද....?"

මං එහෙම ඇහුවෙ එයාගෙ අතේ මෙච්චර වෙලා ගුලි කරන් හිටිය කොලේ දිග ඇරල...

ඒ අකුරු....

මං කොයි තරම් ඒ අකුරු දිහා බලාගෙන මගෙ ඩ්‍රීම් ෆෙයරියා කවුද කියල කල්පනා කරල ඇති ද....

👩‍⚕‍ " මං එයාගෙ මූණ කවදාවත් දැකල නෑ තමයි.....ඒත් මං දුකින් ඉන්න වෙලාවට මට ඇත්තටම සැනසීමක් වුනේ මගෙ ඩ්‍රීම් ෆෙයරියා...."

"ජන්ග්කුකා ඔයා දන්නවද...?
ආදරේ තියෙන්නෙ කාටවත් පෙන්නන්නෙ නැතුව හිත ඇතුලෙ හංගන් ඉන්න නෙවෙයි......
කාගෙන්හරි ප්‍රතික්ෂේප වෙයි කියල බයේ කාටවත් ආදරෙයි කියල කියන්න ලැජ්ජ වෙන්න ඕනිත් නෑ......
ඒ වගේම ඇත්ත ආදරේ කියන්නෙ කාටවත් කැප කර කර යන්න පුලුවන් දේකටත් නෙවෙයි.....කැප කරනවා කියන්නෙ ඒක තමන්ට නැතුව වෙන කෙනෙක්ට සම්පූර්ණයෙන්ම දෙනව කියන එකනෙ.....
ඒ වුනාට අපි ඇත්තටම ආදරෙයි නම් ඒක ඉස්සෙල්ලම පුරවන්නෙ අපේ හදවතමයි....
ඒක පිටාර ගල ගල අපි වටේ ඉන්න හැමෝටම බෙදි බෙදී යනව මිසක් අපිව කවදාවත් දාල යන්නෙ නෑ......
ඒ නිසා මට ජිමිනිට වගේම ඔය හැමෝටමත් ආදරේ කරන්න පුලුවන්....
ඒ වගේම ඔයාටත් කවද හරි දවසක ඔයා හොයාගන්න කෙනාට මටයි, ජිමිනිටයි, ඔප්පල හැමෝටමයි ආදරේ කරන තරමටම ආදරේ කරන්න පුලුවන්..... අරස්සෝ....?"

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now