3️⃣1️⃣ වැනි සිහිනය🧡_𝑻𝒉𝒆 𝒂𝒅𝒗𝒊𝒄𝒆

87 9 19
                                    

පීඩීනිම්ගෙ ඔෆර් එක ආයෙම අලුත් කලේ නම්ජුන් ඔප්පයි හෝබි ඔප්පයි ගිහින්...

මේ පාර ඉතින් මට ඒකට විරුද්ධ වෙන්න තරම් දෙයක් තිබුනෙ නෑනෙ...

ආයෙම හැමදේම නෝමල් වුනා...

හිනාවෙවී, කකාබිබී, විහිලු කරකර වෙනද වගේම කාලය ගෙවුනා...

ඒත්....

ජිමින් එක්ක තනිවුන හැම මොහොතකම හිනවෙවී හිටියට මට ඇතුලෙන් දැනුනෙ හිස් බවක්.....

මට හිතුනෙ ඒ හිනා පිරුන මූන දිහා බලන් මං හිනාවෙන එක වැරදී කියලයි....

අපි හැමෝම එක ටේබල් එකේ වඩි වෙලා ඉඳලා එයා පුටුවවෙන් නැගිටිද්දි අනිත් අයට හොරෙන් ඉක්මනට මං දිහා බැල්මක් දාද්දි හරි, මගේ ලගට ඇවිත් පුටු ඇන්ද උඩින් වාඩි වෙද්දි හරි, ඒ වගේ මොනවහරිම පුංචි ඉඟි බිඟියක් කලත් ඒකට ප්‍රතිචාර දක්වල ටික වෙලාවක් යද්දි මට දැනුනෙ මං මගේ හිතත් එක්කම වැරැද්දක් කරනව වගෙ....

ඒක මට තවත් දරාගෙන ඉන්න බැරි වුනා....

ඩ්‍රීම් ෆෙයරියා ගැන කවුරුවත් මොනවත්ම කතා කලේ නැතත් ඒ නම මතක් වෙන සැරයක් සැරයක් ගානෙ මට මතක් වුනේ ඒ අවසාන දවසෙ මට දැනුන උණුසුමත්, මං නොහිතාම වුනත් ඒකට අවනත් වුන හැටිත්....

ජිමින් කියන්නෙ ඩ්‍රීම් ෆෙයරි‍යා නම් එයා මේ වෙද්දිත් ඒක මට කියලා....

ඒක මට විශ්වාසයි...

ඒ කියන්නෙ ජිමින් නෙවෙයි මගෙ ඩ්‍රීම් ෆෙයරියා....

ඒ නිසාම ඩ්‍රීම් ෆෙයරි ගැන හිතන ගමන් ජිමින්ට කැමති වෙන එක ජිමින්ට කරන ද්‍රෝහිකමක් කියලයි මට හිතුනෙ....

±±±±±±±±±±±±±±±±±±±±±

ටිකෙන් ටික මං ජිමින්ව මග අරිද්දි එයා මුලින් ඒක නොතේරුනා වගේ හිටියත් පහුවෙන්න පහුවෙන්න නම් එයාත් ආයෙම එලිපිටම වගේ මාව මග අරින්න පටන් ගත්තා....

අනේ දෙවියනේ! ආයෙ මේ සෙල්ලම නම් එපා......

මං එහෙම හිතුවෙ එක දවසක් මහ රෑ මට නින්ද යන්නෙ නැති නිසා මං ඇහැරගෙන ඉද්දියි....

මං සෝෆා එක උඩට වෙලා කකුල් දෙකත් උඩට අරන් කල්පනා කර කර හිටියෙ මගෙ ඔලුව මේ සේරම නිසා පැටලෙනව වගේ තේරුන නිසා....

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now