2️⃣6️⃣ වැනි සිහිනය ❤️_ 𝑫𝒓𝒆𝒂𝒎 𝒅𝒓𝒆𝒂𝒎

88 14 20
                                    

මං එහෙම ඇඳට ඔලුව තියාගෙන අඬ අඬ ඉද්දි කවුදෝ මන්ද කෙනෙක් ඇවිත් මාව අත් දෙකට අරන් තුරුලු කරගන්නවා මට දැනුනා.....

එයා එක අතක් මගෙ ඔලුවට තියාගෙන හිටියෙ මට ඔලුව උස්සලා එයාගෙ මූණ බලන්න බැරි වෙන විදියටයි....

එයා මං අඬද්දි එක වචනයක්වත් කතා නොකලත් ඒ උණුසුම නිසා එයා කවුද කියල අඳුර ගන්න එක මට අමාරු වුනේ නෑ....

ඒ එදා ආෆ්ට පාර්ටි එක දවසෙ ආව කෙනා...!

මගෙ ඩ්‍රීම් ෆෙයරියා....!

මගෙ ඩ්‍රීම් ෆෙයරියෝ..., ඔයා කවුද කියන්න නම් මම දන්නෙ නෑ.... ඒත් මේ වෙලාවෙනම් මට තියෙන එකම සැනසීම ඔයා විතරයි....

ඒ නිසා ඒ කවුද කියල නොහිතාම මං එයාව බදාගෙන ජීවිත කාලෙටම කවදාවත් නොඇඩුව තරම් ඇඬුවෙ හිතේ තියෙන දුක සේරම කඳුලු වලින් හෝදන්න පුලුවන් වේවා කියල හිතාගෙනයි....

එයා මට අඬන්න එපා කිව්වෙවත්, මගෙ කදුලු පිහිදැම්මෙවත් නම් නෑ...

ඒත් එයා ටික ටික මාව තුරුලු කරගන්න එක වැඩි කලේ වචන දාහකින් වත් කියාගන්න බැරි හැඟීම් ගොඩක් මාව වටකරගන්න අතරෙයි....

👩‍⚕‍ "මට තේරෙන්නෙ නෑ ඇයි එයා මට එහෙම කතා කලේ කියලා.... මං හිතුවා වෙන කාට නැතත් එයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා... ඒත් ඇයි එයා මාව විශ්වාස කලේ නැත්තේ....? එයා මට ආදරේ නොකලට මට දුකක් නෑ, එයා මාව එයාගෙ යාලුවෙක් විදියට නොසැලකුවත් මට කමක් නෑ, ඒත් අඩු තරමෙ එයත් එක්ක මාස හයක් එකට වැඩ කරපු කෙනෙක් විදියටවත් එයාට මං ගැන හිතන්නෙ නැද්ද...? "

මං ඩ්‍රීම් ෆෙයරියාට තුරුලු වෙලා හිටියත් මගෙ ඔලුවෙ වැඩ කලේ ජිමින් ඒ වෙලාවෙ මට සලකපු විදිය විතරමයි....

මං ඒ විදියට ඇඬුම් අතරින්ම කිව්වම නම් මෙච්චර වෙලා මාව තුරුල් කරගෙන හිටපු එයාගෙ ඇඟේ මස්පිඩු පවා දරදඬු වෙන්න පටන් ගත්තා....

එයා මගෙ ඔලුව පහතට කරන් හිටපු අත අතෑරියෙ නැතත් මාව තුරුලු කරන් හිටපු අතනම් මගෙ ඇඟෙන් අයින් කලා කියල මට තේරුනා....

ඊට පස්සෙ මෙච්චර වෙලා මාත් එක්ක බිම ඉඳන් හිටපු එයා නැගිටලා මං ඉස්සරහ දණ ගහගෙන, මගෙ ඔලුව පාත් කරන් හිටපු අත අයින් කරල මගෙ ඇස් දෙකට තියල තද කරගත්තෙ මට කලුපාට ලෝකයක් ඇර වෙන කිසිම දෙයක් නොපෙනෙන විදියටයි....

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now