ළමයි, ඔයාලා වගකීමෙන් හැසිරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ගෙ ඉල්ලීම හින්දාමයි මම සෙනසුරාදා දවසක අපේ පංතියේ ළමයි විතරක් අරන් මේ ගමන ආවෙ. මම කියන්න ඕනි නෑනෙ. මේ ලබන අවුරුද්දෙ විභාගෙ කරන්න ඉන්න ලොකු ළමයි නි. දැන් ඉතින් එහෙනම් ඔය ලෝකාන්තෙ ගාව ඉඳලා photos ගන්න ඕනි කිය කිය හිටපු අය photos ගන්න. පරිස්සමින් ළමයි හොඳේ. ඕගොල්ලන්ට ප්රශ්නයක් වුණොත් මටනෙ වගකීම ගන්න වෙන්නෙ.
එහෙම කියලා පංතිභාර මිස් ටිකකට එහාමෙහා වුණේ call එකක් ගන්න වෙන්නෝනි.
අපි මේ ගමන මිස්වත් එක්කන් සෙනසුරාදා දවසක ආවෙම අපිට photos ගන්නයි, colorkit එන්නයි ඕනි නිසා. නුවරඑළිය වගේ දිහාවක සුදු ගවුමක් විතරක් ඇඳගෙන, දෙන්නා දෙන්නා අත් අල්ලන්, මතක සටහනකට කියලා කිසිම photo එකක් වත් නොගෙන, පංති 2 ක විතර ළමයි එකම බස් එකේ තෙරපීගෙන එනවට වඩා මෙහෙම කොච්චර ශෝක්ද. අපි හැමෝම සුපිරියට විනෝද වුණේ පන්තියේ සොබාදහම් පිස්සා වෙච්ච චතුනිගෙ කයිවාරුවෙනුත් යමක් කමක් ඉගෙනගෙන. ඒ සීතල නිසා ඇඹරිලා තිබුණු ගස් වලට තමා මම වැඩිපුරම ආස කළේ.. හැමෝම කතා කරන්නෙ දුෂ්කර පළාත්වල වැවෙන පතොක් පැළ ගැන විතරක් වුණාට මේ යාළුවොත් ඒ වගේම දුෂ්කරතා වලට මූණ දීලත් ගහ වටේට කටු නැතුව ලස්සන පුංචි වැල්, මීවන, ලයිකන වගේ දේවල් දරාගෙන පරිසරයට සුන්දරත්වයකුත් සපයනවා. ඇත්තටම පාරාදීසයක් වගේ. ඒ චූටි චූටි කෘමි සත්තු, සිසිල් සුළඟ, සැරෙන් සැරේ ඇවිත් අපිට එබිකම් කරල යන මීදුම, ඒ අතරින් රන්වන් සළුවක් වගේ පෙරිලා එන හිරු එළිය, අපි දිහා බලලා ඒගොල්ලන්ට රහස් කියාගන්න වානර යාලුවො, ... මේ හැමදේම අපිට ගෙනාවේ හරිම සුන්දර අත්දැකීමක්.
පැය ගණනක ගමන් මහන්සිය එක නිමේෂයකින් නැතිවුණා. පන්තියේ ළමයි එක එක්කේනා එක්ක සතුටු සාමීචි කතා කරකර, සමහර අයව බොරුවට තරහා ගස්සලා, ඇතිවුණ ඒ සද්ද වලින් හැමතැනම ඉතිරිලා ගියා.
අතරින් පතර හිටපු විදේශිකයොත් හුඟක් සතුටින් හිටපු බව පෙණුනා.
මම දිලීගෙ අතිනුත් අල්ලන් ලෝකාන්ත ගැට්ට ළඟට ළං වුණා. ඒත් එක්කම මම දැක්කෙ ශානුත් ගැටියේ කෙළවරට කිට්ටුම වෙලා එක කකුළක් කෙළවරින් පිටටත් , අනිත් කකුල මෙහා පැත්තෙත් තියාගෙන photo එකක් ගහන්න try කරනවා.
මම රහසින් දිලීට කිව්වේ මමත් ඒ කිට්ටුවට ගිහිල්ලා ඉන්නම් දෙන්නවම cover වෙන විදියට photo එකක් ගන්න කියලා.
දිලී මට කුපාඩි හිනාවකුත් දාලා හා කියලා කිව්වාම මමත් සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ හිමීට ශාන් කිට්ටුවට ගියා.
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺