Part - 25

100 16 9
                                    

  ".................. අයියායි මායි මේ ගමන එන්නම ඕනි නෙ. මේක arrange කරපු නිසා අයියයි, ඔයාගෙ භාරකාරයා විදියට මමයි මේ ගමන යන්නේ. දරුවගෙ තාත්තා ඉන්දැද්දී ඔයාලගෙ අම්මව අරන් යන්න authority එකෙන් අවසර ලැබෙන්නෙ නෑනෙ මැණික. අනික අපිට ඔයාව තියන්න වෙන්නේ Disinfected room එකකනේ. ඉතින් අම්මට ඒ වගේ තැනක් එච්චර සුදුසු නෑ කියලා තේරෙනවනි. අම්මා දැන් වයස නිසා එයාට ඒ conditions දරාගන්න අමාරු වෙයි. ඉතින් ඒ නිසා එයා බැරිවෙලා වත් අසනීප වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා නි. අනික දැන් එහේ සීත කාලේ යන්නේ... තවත් අවුල් නි ඒක. අපි මේ ගැන කලිනුත් කතා කරානෙ තනූ.."


අනේ මම වැරදි දෙයක් අදහස් කළේ නෑ ශාන්. ඒ වුණාට මම oparations වලට හරි බයයි අනේ... 😣. අම්මා හිටියා නම් මොනවහරි කරලා හිත හදාගන්න තිබ්බා.
ඔයා දන්නවද පොඩිකාලේ එක පාරක් මගෙ අතක කම්බි කට්ටකින් තුවාලයක් හැදුණා. ඒකට මැහුම් දාන්න වුණා. ඒකට injection එක විදිනකොට මම අම්මව බදාගෙන hospital එක දෙවනක් කළා. අම්මව බදාගෙන හිටපු විදියට මගෙ නියපොතු වලින් එයාගෙ අතත් හීරිලා තිබ්බා. මමත් පස්සේ දන්නේ.. ඉතින් ඔන්න ඕකයි තත්ත්වෙ. ඉතින් මම කොහොමද ඒ විදියට.

(ඒ වෙලාවෙ ශාන් තනූගෙ කතාවට බාධා කරමින් මෙහෙම කිව්වා.)

ඔහෝ ! එහෙනම් මේ හූරන්න එක්කෙන්වද අරන් යන්න ඕනි. 😅. නෑ නෑ නෑ. අම්මෝ මීටපස්සෙ නම් අම්මව එවන්නෙ නෑ ඔය වගේ වැඩ වලට. මෙයා හදන්නෙ අම්මව හූරන්නනි. 😂. කමන්නෑ ඉතින්. ඔච්චරටම ඕනි නම් මාව හූරන්නකො. කොහොමත් ඉතින් පැටියා මගේ එකේ ඔයා මෙච්චර දුක් විඳිද්දී මටත් ඒ වගේ පොඩි දෙයක් වුණාට කමන්නෑ ඉතින්.

ඕං කිව්වා ඉතින්. 😒. අනේ ඇත්තමයි ශාන් හොඳේ. ඔයා හිතන් ඉන්නේ මම විතරක් ගෑණු කෙනෙක් විදියට බබෙක් බලාපොරොත්තු වෙනවා කියලද ඈහ්. අම්මලා තමා ළමයි හදන්නේ. That's girls power. 😌. පිරිමින්ට හැරෙන්නවත් බෑ හුම්ම් 😌. ඒ හින්දා ශක්තිමත් කාන්තා බලෑණිය ඒ වැඩේ කරයි. දැන් ඉතින් මට කියලා හූරවගන්න ඔච්චර ආස එකේ කෝ අත දෙන්නකො හූරලා පෙන්නන්න.


නෑ නෑ. අපෝ ඕන්නෑ. ඒක oparation එකේදි කරන්නකො. දැන් මම යන්නම් එහෙනම්. අම්මා කතා කරනවත් වගේ ඇහුණා..
ඕ.. අම්මේ මම එනවා.🥲

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now