ශාන් - ඔහ්. මොකද වුණේ? ඇයි මේ ? 😲
මම තනූගෙ කාමරේට ගිහිල්ලා දොරට තට්ටු කරන්න හදනකොටම දිලී බයවෙලා වගේ ඒ වෙලාවෙම දොර ඇරපු එකට මටත් පුදුමයි. තනූට අමාරු වෙලා වත්ද ?
දිලී - ආහ්. නෑ. ලොකු දෙයක් නෙවෙයි. ඒත් තනූ හීනෙන් බයවෙලා නි. ඇහැරෙව්වට ඇහැරෙන්නෙත් නෑ..මම ඕගොල්ලන්ට කියන්න මේ එන්න හැදුවෙ. ටිකක් බලන්නකෝ. උණත් වැඩිවෙලා.
ශාන් - මොකක් ! ඉන්න බලන්න.
මම නිදාගෙන හිටපු තනූ ළඟට ගියා. එයාව වෙව්ලනවා කියලා දුර ඉඳලා බලන කෙනෙකුට වුණත් පේනවා. පොරෝනයත් තමන් දිහාට ගුලි කරගෙන, නළලත් රැලි කරගෙන හීනෙන් බයවෙලා මොනවද කියවනවා. මට එහා පැත්තේ දිලී හිටගෙන හිටියේ මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව.
ඒ අතර මට පැහැදිලිවම ඇහුණේ එක දෙයයි." අනේ මාව බේරගන්න. බේරගන්න. බේරගන්න. කවුරුහරි. නෑ. එයාට යන්න දෙන්න. "
මට මේක තවත් බලන් ඉන්න බෑ. මම ඉක්මනින්ම තනූව ඇහැරවන්න උත්සාහ කළා.. ඒ කරද්දිත් එයා මාව නැවත නැවත තල්ලු කරලා දැම්මේ. එහාට යන්න. මට ඉන්න දෙන්න. කියලා කියන ගමන්.
මම ගොඩක් වෙලා උත්සාහ කරල කොහොමහරි එයාව ඇහැරෙව්වා..
මේ සීතලේ වුණත් එයාව දාඩියෙන් තෙත් වෙලා තිබුණා. මොකද්ද මෙයා හීනෙන් මෙච්චරටම බයවෙන්න හේතුව.ශාන් - මොකද වුණේ. නැගිටින්න. ඔයා හීනයක් දැක්කේ. බයවෙන්න එපා. බලන්න දිලියි මායි දෙන්නම මෙතන ඉන්නවා. සන්සුන් වෙන්න.
තනූ - ඔ. ඔයාට. මුකුත් වුණේ නෑ නේද ? ඔයා හොඳින් නේද ?
( තනූ ඇස් දෙකත් ලොකු කරන් මගෙ මූණ අල්ලන ගමන් එහෙම ඇහුවෙ, හරියට නිකං මම ඇත්තටම එතන ඉන්නවද කියලා තහවුරු කරගන්න වගේ. )
ශාන් - අයියෝ. මට මුකුත් වුණේ නෑ. මම මේ හොඳට ඉන්නේ. ඔයාට මොකද වුණේ. ඔයා හීනෙන් මොනවද දැක්කේ. අපි හොඳටම බය වුණා.. ඔයා ඇහැරුණෙත් නෑනෙ.
තනූ - ආහ්. මම හීනයක් දැක්කා තමා. ඒත්. ඒක මතක් වෙන්නෙ නෑනෙ. ඇහැරුණ ගමන් අමතකයි. ආහ්..... මතක් වෙන්නෙම නෑනෙ...... මට මතක ඒක ගොඩක් නරක හීනයක් කියන එක විතරයි.
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺