"මැණික ! මැණික ! නැගිටින්න. අනේ දෙයියනේ 😭...."
මම කොහොමද දරාගන්නෙ වස්තුව. මට පිස්සු හැදෙයි අනේ නැගිටින්න please.
ඒ තිරිසනාම තමයි ඒ. ඔව් මම දන්නවා. කලින් දැකලා නොතිබුණත් මම දන්නවා ඒ ඌම තමයි කියලා. මගේ තනූගෙ ජීවිතේ අපායක් කරපු කාලකණ්ණියා.
අද ඌ මගේ අතටම අහු වුණත් මට කිසිම දෙයක් කරගන්න බැරි වුණේ තනූගෙ තත්ත්වෙ නිසා.
අතකින් වගේම කොණ්දෙනුත් ලේ වැගිරෙමින් සිහිනැතිවෙලා ඉඳපු තනූව දැක්කාම මගේ ඔළුව අවුල් වුණා. පලිගන්නවට වඩා මට මගෙ ආදරයෙයි, මගෙ පැටියගෙයි ජීවිත වටිනවා.
මම ගිහිල්ලා රෝහල් කාර්යමණ්ඩලයට ඌව භාරදුන්නෙ සිහිමඳ ගතියෙන්. වෙන කිසිම වචනයක් පිටකරගන්න බැරුව ගිය මගේ කටින් පිටවුණේ ;" මේ කාලකණ්ණි බල්ලව පොලිසියට දීපල්ලා "
කියන ටික විතරයි.
ඊටපස්සෙ මම වෛද්‍යවරයාව හොයාගෙන උන්මත්තකයෙක් වගේ දුවන්න පටන් ගත්තා.
තනූව පරීක්ෂා කරපු වෛද්‍යවරු ගොඩක් කලබල වෙලා හිටියේ. රාත්‍රි වැඩ මුරයේ යෙදිලා හිටපු හැම හෙද නිලධාරියෙක්ම පාහේ අසුරු සැණින් හදිසි ප්‍රතිකාර ඒකකයට රැස් වුණේ වෛද්‍යවරයාගේ දැනුම් දීම අනුව.
කිසිම විස්තරයක් පවා මට අහගන්න බැරුව ගියේ ඔවුන්ගේ තිබුණ කලබලය නිසා.
ඒත් මම විශ්වාස කරනවා ඔවුන් ඒ මොහොතේ කරන්න අත්‍යාවශ්‍යම දේ කරයි කියලා.
මට රෝග විනිශ්චය කියන්න ගතවෙන කාලය පවා තනූගෙ ජීවිතේට අනතුරක් නම් ඒ දේ නොකරන එක ගැන මම හිතින් ඔවුන්ට ස්තුති කළා. මමත් ඒ නිසා ඒ ගැන බල කරන්න ගියේ නැහැ.
.
.
.
.
.යම් සැත්කමකට සූදානම් වෙන බවක් පෙනෙන්න තිබුණා.හෙද නිලධාරීන් ඒ වෙනුවෙන් අවශ්‍ය සූදානම්කිරීම් කරන අතරතුර වෛද්‍යවරයා මා වෙත ආවා.
"පුතා , අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ. තනූගෙ කොඳුඇට පෙළේ බිඳිලා තිබුණ අස්ථි ටික කැඩිලා ගිහිල්ලා. එයා ලොකු අවදානමක ඉන්නෙ. එක පුංචි සෙලවීමකින් පවා එයාගෙයි දරුවගෙයි ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. දරුවගෙ බර නිසා අපිට එයාව රැකගන්න පුළුවන් වෙයිද කියන එක අවිනිශ්චිතයි. ඒ නිසා බබාගෙ යම් movement එකක් වෙන්න කලින් අපිට දරුවව ගන්න වෙනවා. ඊටපස්සෙ අපිට පුළුවන් තනුරි ගැන වැඩිදුර බලන්න. So, you have to agree son. බබාව තවදුරටත් තියාගෙන ඉන්න එක දෙන්නටම අනාරක්ෂිතයි. එයාව ගත්තොත්. Maybe......"
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺