කල්ප මේ අඩියට වැටිලා තියෙන්නෙ එයාගෙ පොඩි කාලේ වුණ සිදුවීම් නිසා. කියන විදියට එයාගෙ අම්මා නැහැ. එක්කෝ නැතිවෙලා, නැත්නම් දාලා ගිහිල්ලා. ඒක එයාත් හරියට දන්නෙ නැති වුණාට අම්මා එයාවයි තාත්තාවයි දාලා ගිහිල්ලා කියලා හිතෙන්නෙ කල්පගෙ තාත්තගෙ හැසිරීම් රටාව නිසා. අම්මා ගැන මතක් කරන මොහොතට වගේම වෙන කාරණාවකට කේන්ති ගිහිල්ලා තිබුණත් කල්පට තරවටු කරලා තමන්ගෙ කේන්තිය නිවාගන්න තාත්තා පුරුදුවෙලා හිටියේ ඒ නිසා වෙන්න ඕනෙ. කල්ප නිතරම නිග්‍රහයට ලක් වෙලා තිබ්බෙ එයාත් අම්මා වගේමයි කියලා.
වැරදීමකින් දොරක් ටිකක් සද්දෙට වැහුණත්, ඉඳුල් භාජන හෝදන්න පරක්කු වුණත්, අඳින රෙදිවල පුංචි පැල්ලමක් තිබ්බත් ඒ වෙනුවෙන් කල්ප ලොකු ලොකු දඬුවම් විඳලා තිබුණා. ගොඩක් පොඩි කාලේ ඉඳලම ගෙදරදොර වැඩ කරන්නත් කල්පට සිද්ධ වෙලා. ඒ විතරක් නෙවෙයි තමන්ට හැදෙන අසනීපයකට, වෙන තුවාලෙකටත් බෙහෙත් වෙනුවට කල්පට ලැබුණේ බැනුම් වගේම ගුටි.
මේ නිසා කල්ප තේරෙන වයසට ආපු දා ඉඳලා තමන්ගෙ හිතේ අධිෂ්ඨානයක් ඇති කරගත්තා. තමන් තාත්තා කෙනෙක් වුණ දාට කවදාවත් දරුවට එහෙම සලකන්නෙ නෑ කියලා. ළමයව රජෙක් වගේ බලාගන්නව කියලත් ඔහු තමන්ටම පොරොන්දු දුන්නා. ඒත් දිගින් දිගටම ඒ මත්තෙම හිත යොදද්දී අන්තිමටම ඒ සුභ චේතනාව විකෘති වෙන්න ගත්තා. තමන් සිහියෙන් ඉන්න හැම වෙලාවකටම තාත්තා කෙනෙක් වුණාම දරුවට සලකන හැටි ගැන හිත හිත හිටියත්, තමන් කවදා පියෙක් වෙන්නද කියලා හිතද්දි එයාගෙ හිත නොඉවසිලිමත් වුණා. ඒක ඉවසගන්න බැරි තැන ඔහු ඒ වෙනුවෙන් ගණිකාවන් කරා යන්න ගත්තේ, අඩු වයසින්, රැකියාවක් නැති කෙනෙක් එක්ක විවාහවෙන්න කිසිම ගැහැණු කෙනෙක් සූදානම් වෙලා හිටපු නැති නිසා.
ඒත් සල්ලි වලට තමන්ව විකුණන අයගෙන් කල්පට කවදාවත් තමන්ගෙ වුවමනාව ඉෂ්ට කරගන්න වුණේ නැහැ. ඒ නිසා ඔහු තමන්ගෙ සිතුවිලි ශක්තිමත් කරගෙන යම්තරමකට ඉගෙනගත්තේ රැකියාවක් කරලා බිරිඳක් එක්ක සතුටින් ජීවිත් වෙන්න හිතාගෙන. ඒත් මොන දේකට හරි ඇබ්බැහි වුණොත් ඒ දේ නතර කරන්න ගොඩක් අමාරු වෙනවා. කල්ප ඉඩක් ලැබෙන හැම මොහොතකම වෙසඟනන් කරා ගියේ ඒ නිසා.
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺