8. Confession - part 2

179 20 9
                                    

ටිකක් වෙලා බලන් හිටියත් කවුරුත් දොර ගාවට ආපු නැති නිසාත්, ගේට්ටුව ළඟ හිටපු guards ලට අමතරව වෙන කාවවත් මම ආවට පස්සෙම නොදැකපු නිසාත්, doorbell එකක් පවා තිබුණෙ නැති නිසාත් මම ටිකක් උගුර පෑදුවේ කාටහරි එතකොට ඒක වත් ඇහෙයි කියලා හිතලා. මම ටිකක් වෙලා බලන් ඉඳලත් කවුරුත් පේන්න ආවෙ නැති නිසා ආයිත් gate එක ගාවට ගියේ security uncle ලගෙන් ඇයි ඒ කියලා දැනගන්න..
Guards ලා ඉන්න එක හරි. ඒත් මේ විදිහට ගෙවල් දොරවල් ඇරලා දාලා තියෙනවද. වෙන කොහෙන්හරි පැනලා හොර හතුරෙක් ආවොත් එහෙම. කිසි ගේමක් නැතුව ඇතුළටම ගිහිල්ලා ඕනි දෙයක් හොරකම් කරගෙන යන්න පුළුවන් නි. CCTV තිබුණට වැඩක් තියෙනවයැ මූණු cover කරන් ආවාම. මෙච්චර සල්ලිකාරයො වෙලත් අඩුගාණෙ maid කෙනෙක් වත් නැද්ද අෆ්ෆා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආ චූටි නෝනා. මොකෝ මේ ගියපු ගමන්ම ආපහු ආවෙ. බබා හිටියේ නැද්ද. අද වෙනදටත් කලින් ඉස්කෝලෙ ඇරිලා ආවා නි. කතා කරල බැලුවෙ නැද්ද චූටි නෝනා. බබා ගේ ඇතුළෙ ඇති.

එතන හිටපු ටිකක් වයසින් වැඩි guard කිව්වේ මම ආයිත් එනවා දැකලා. එයාට අවුරුදු 60 ක් 65 ක් විතර ඇති. මාව දැකලා එයා හරිම අවංක විදියට හිනාවුණා.අනේ අපේ සීයා හිටිය නම් එයත් මේ වයසෙ වගේ ඉන්න තිබුණා. ඒ වුණාට එයා කියපු දේ. 😂 බබා කිව්වෙ ශාන්ටද. බබාගෙ බබා වැඩ බලන්න තිබුණා සීයෙ  ඉස්කෝලෙයි , පංති යි ආවා නම්. ඒ ගැන මතක් වුණාම චූටි හිනාවකුත් මගෙ මූණට ආපු එකේ , ඒ හිනාව බොහොම අමාරුවෙන් හංගගෙන මම සීයගෙන් මෙහෙම ඇහුවා.

අනේ නෑනෙ සීයෙ. මම චුට්ටක් සද්ද කරල බැලුවා.. කවුරුත් හිටියේ නම් නෑ පේන්න. මෙහේ doorbell එකක් වත් නැත්තෙ ඇයි දන්නෑ නේද. චුට්ටක් ඇවිල්ලා බලන්නකො.

Bell එකක් නම් නෑ මිස්. දේව් මහත්තයයි, ලොකු මහත්තයගෙ යාළුවො කීපදෙනෙකුයි ඇරෙන්න මෙහෙට වැඩිය කවුරුත් එන්නෙ නෑනෙ..ඒ අය නම් ඉතින් කතා නොකරම ඇතුළට යන්න තරම් හිතවත් නි.. අනික කාන්ති මැඩම් ඉන්නව නි වෙනදට. අද මැඩම්ගෙ අම්මා සනීප නැතුව එයත් ගමේ ගිහිල්ලා. සුමනපාල, මිස්ව එක්කන් යන්නකො.

එහෙම කිව්වෙ එතන හිටපු අනිත් guard. බැලූ බැල්මට මැදිවියේ වගේ පෙණුනේ.
ටිකකින් මුලින්ම කතා කරපු සීයත් එක්ක මම ආයිත් ගේ ගාවට ගියා.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now