Part - 14

133 17 2
                                    

T - අම්මේ..... අපි එද්දි දවස් තුන හතරක් යයි. මොනාහරි ප්‍රශ්නයක් නම් ඉක්මනින්ම call එකක් දෙන්න හොඳේ. ලොකු හදිස්සියක් නම් දිලීගෙ තාත්තට හරි, විනුත් අයියට හරි call කරන්න. අනේ නැත්නම් ශාන්ලෑ දිහා හරි යමුකෝ. අපි දැන් කොහොමත් යනවා නි එහේ. අනික කාන්ති නැන්දත් ශාන් නැතුව පාලු හින්දා කැමතිනම් අම්මට එන්න කියලා කිව්වා. අනේ අම්මේ....

N - මොකද ළමයෝ මේ? මාස ගණන් university එකේ ඉන්නකොටවත් ඔච්චර ඒවා කිව්වෙ නෑනෙ පුතේ ඔයා. මේ දවස් තුන හතරකට විතරයි නි. ඕක මොකද්ද. මේ බිම්මල්වල වැඩ අතපසු වුණොත් ආයිත් ගොඩගන්න හම්බෙන්නෑ.

D - ඔව් ඉතින් ඔයාට කොයි වෙලාවෙ බැලුවත් බිම්මල්. බිම්මල්. 😒
මොකද්ද අම්මේ.... අනේ.........

N - අනේ පුතේ ඇයි මේ ඉතින්. සතුටු ගමනක් නි යන්නේ. ගිහිල්ලා විනෝදවෙලා එන්න. හැබැයි පරිස්සමෙන් ඔන්න. මතකනෙ වෙච්ච දේවල්.

T - හරි.  හරි. අනේ.... 😁 දැන් ඉතින් මාව බලාගන්න ඔය තව තුන්දෙනෙක්ම ඉන්නේ.

D - යැහෑ. යා............. වීරයා සැපත්වන වගා...යි. ( දිල්කි උඩපැනගෙන ආවේ spider-man මකුළුදැලෙන් එල්ලිලා ආවා වගේ )
බයවෙන්නෙපා අම්මේ. මම ඉන්නව නි. හැබැයි ඔන්න ඔයාගෙ දුවට කියන්න මගෙ ළඟින්ම ඉන්න කියලා. හුම්. 😌

N - ඔයා හින්දා තමා මම මේ බය නැතුව මෙයාව යවන්නේ. දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහිල්ලා එන්නනෝනි.

T - අයියෝ අම්මේ. එතකොට ඔයාගෙ වෙන්න බෑණා එන එකට ඔයාට ගාණක් වත් නැද්ද අනේ. එයාටත් පුළුවන් ඔයාගෙ දූව බලාගන්න මෙයා නැතුවට. 😏

N - හා. හා . දැන් ඒ පැහිච්චකම්වලින් වැඩක් නෑනෙ. ගිහිල්ලා එන්න. බුදුසරණයි.

D & T  - බුදුසරණයි.

.
.
.
.
.
.
.
.

( At shan's house )

D - ටෝ මොකද්ද ඒ කිව්වෙ. මාව දැන් ඕන්නැද්ද ඔහේට. මම තලායි තෝ එක්ක.

T - අනේ තුදූ.... විහිළුවක් වත් තේරෙන්නේ නෑනෙ ඔයාට. ඔය බෙරි මූණ වහගනිම්. අන්න van එක ආවා.

S - යමු නේද එහෙනම් . බඩු සේරම හරි නි. මුකුත් මතක නැති වුණානම් මෙහෙන් ගමු.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now