කුරුණෑගල miracle එකේ හදිසි ප්රතිකාර අංශයේ කලබලයක්. තනූගෙ අම්මා, දිල්කි වගේම, ශානුත්, එයාගෙ දෙමව්පියනුත් කලබලෙන් ඔබමොබ ඇවිදින්නේ doctors ලගෙන් මේ වුණු දේ ගැන පැහැදිලි කරගන්නකම්.
දිලී shopping කරලා ඉවරවෙලා අම්මත් එක්ක ගෙදර ආවා විතරයි. එයාලා දැක්කේ තනූගෙ නිදන කාමරේම බිම වැටිලා හිටපු තනූව. මුළු ගෙදරම යකා නටපු පිට්ටනියක් වගේ. කාමරේ පුරාම විසිරිලා තිබුණ කැඩුණු වීදුරු බඩුවල ලේ තැවරිලා තිබුණේ, ඒ රුධිරය තවදුරටත් තනූගෙ ශරීරයට අයිති නොවන බව කියමින්. ඒ ලේවලින්ම පෙඟුණු තුවායෙන් තනුරිගෙ අත් පිටුපසට තියලා ගැටගහලා තිබුණා. කිසිම වස්ත්රයකින් ආවරණය නොවුණු තනුරිගෙ ශරීරය උඩු අතට හැරවුවාම දකින්න ලැබුණේ ලේ බැහැපු ඇස් තදින් පියවී තිබුණු බව. ඔළුවෙන් ගලාගිය ලේ කැටි වීමෙන් දණහිස ළඟට තිබුණු දිග කොණ්ඩය ගුලියක් විදියට එක් වෙලා තිබුණා. මොනදේ වුණත් තාමත් වේදනාවත් එක්ක සටන් කරමින් හිටපු තනූගේ හදවත ගැහෙනවා වගේම ලාවට සුසුම් පිටවන බවත් දකින්න ලැබුණා.
.
.
.
.
.
.
.
.
.
.
.වැලපීමෙන් ඵලක් නැති බව තේරුම්ගන්න නාලිනීට වැඩි වෙලා ගියේ නෑ. තමන්ගේ දුවට මොන දේ වුණත් ඒ ගැන හොයන එකයි, හඬාවැලපෙන එකයි පසුවට කල් තියලා නාලිනී දිල්කිත් එක්ක එකතුවෙලා ඉක්මනින්ම තනූව hospitalize කළා.
තනූව miracle එකට admit කළේ ශාන්ගෙ තාත්තගෙ ඉල්ලීම අනුව. ඒකේ owner පියල්ගෙ යාළුවෙක් වුණ එක තමයි ලොකුම හේතුව.
ශාන් hospital එකට දුවගෙන ආවෙම පිස්සෙක් වගේ. මෙච්චර වෙලා අඬපු නිසා දිල්කිගෙ ඇස් ඉදිමිලා තිබුණා. නාලිනී තමන්ගෙ හිත ශක්තිමත් කරගෙන නොහඬ හිටියත්, ඇතුළාන්තයෙන් හැමෝටම වඩා වේදනා වින්දේ එයා. තමුන්ගෙ දරුවට මෙහෙම දෙයක් වුණාම දරාගන්නෙ කොහොමද ?මේ අතරතුර තනූව examine කරපු doctor එළියට ආවේ තනූට වුණ දේ හැමෝටම පැහැදිලි කරන්න. මේ වෙනකොටත් තනූට ආපහු යන්තමට සිහිය ඇවිත් තිබුණත් එයා නැවතත් නින්දකට වැටුණේ රෝහලෙන් නින්ද යන්න එන්නත් කරලා තිබුණ නිසා.
ශාන්, දිලී සහ අම්මා නොඉවසිල්ලෙන් ප්රතිකාර කාමරය ඇතුළට ගියේ තනුරිව දකින්න. එයාගෙ තුවාල වලට බෙහෙත් දාලා තිබුණා. ගොඩක් තැන් වෙලලා තිබුණා වගේම එයාගෙ ඇඟට සම්බන්ධ කරල තිබුණු එක එක machines වල බීප් ශබ්දය කාමරයේ දෝංකාර දුන්නා. මෙච්චර වෙලා නාලිනී හිරකරගෙන තියාගෙන හිටපු හැඬීම විලාපයක් වෙන්න වැඩිවෙලා ගියේ නෑ. Oxygen mask එකකින් වුණත් අමාරුවෙන් හුස්ම ඉහළ පහළ අදින තනූගෙ දර්ශනය ඒකට හේතු වෙන්න ඇති.
තනූගෙ ශරීරයේ වෙලලා නොතිබුණු තැන් සුදුමැලි පැහැයෙන් පේන්න ගත්තේ මියගිය කෙනෙකුගේ වගේ. දණහිස ගාවට දිගට තිබුණු කොණ්ඩයේ තැනින් තැන හිසකෙස් අයින් කරලා මුඩු කරලා තිබුණේ ඔළුවේ තිබුණ තුවාලවලට ප්රතිකාර කරන්න.
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺