Part - 13

133 14 2
                                    

අම්මෝ මම මාර විදිහට බය වෙලා හිටියේ. තනුරිට දවස් 2 ක් සිහිය නැතිවෙලා තිබුණා. වතාවක් දෙකක් සිහිය ඇවිල්ලා තිබුණට එයා කලබල කරපු නිසා නින්ද යන්න බේත් දුන්නා කියලා දැනගන්න ලැබුණා. ඊයේ තමා ටිකක් හොඳින් ඉඳලා තියෙන්නෙ. අම්මලා එක්ක කතාත් කරලනි. මමයි අද යන්නේ එයාව බලන්න. මොනවා වෙලාද දන්නෑ මේ ටිකටම. මාස 6 කට පස්සේ ඇත්තටම හම්බෙන්නේ. Video calls ගත්තට එයාගෙ ස්පර්ශයක් වත් නැතුව මම මේ මාස 6 ඉවසන් හිටියේ හරිම අමාරුවෙන්. ඒත් ඉතින් දැන් ඔය කරගෙන තියෙන්නෙ යස වැඩක්.

මම ඇතුළට යනකොටත් එයා නිදි. Ward එකේ කට්ටියත් පිරිලා ලෙඩ්ඩු බලන වෙලාව නිසා. මෙහෙමද ඇත්තටම රජයේ hospitals වල ලෙඩ්ඩු බලාගන්නේ. මම අදම තනූව private hospital එකකට මාරු කරනවා. ඇයි දෙයියනේ කිසිම සැලකිල්ලක් නෑ. ඔහේ තැනින් තැන ලෙඩ්ඩු දාලා.

හිත හිත මම එයා ළඟට කිට්ටු වුණා.

කකුලකුයි අතකුයි සම්පූර්ණයෙන් වගේ bandage කරලා. ඔළුවත් ඔතලා. ඒ විතරක් නෙවෙයි නළල වටේට හීරිම් පාරවල්. ඇස් යට වළවල් හාරලා වගේ ලේ බැහැලා. ඒ තොල් වේලිලා ගිහිල්ලා. Cannula එක එකම අතට ගහන්න සිද්ධ වෙච්ච නිසා මුලින් ගහලා තිබුණ තැන් හොඳටම රතු වෙලා. ඒත් ඊයෙ සුප් පොඩ්ඩක් බිව්වා කියලා දිල්කි කිව්වා නි. එහෙනම් ඇයි අදත් සේලයින් දෙන්නේ. සද්ද බද්ද අස්සේ වුණත් එයාට තදටම නින්ද ගිහිල්ලා නිසා මට තේරුණා එයා ඉන්නේ ගැඹුරු නින්දක කියලා. ඇහැරවන්න ලෝබ හිතුණත් ඇහැරවන්න ඕනි නෙ. මොනවහරි කන්න දෙන්න ඕනි එයාට.






S - මැණික, ඇහෙනව නේද? බලන්න 12 ත් පහුවෙලා. බලන්න මම මොනවද ඔයාට ගෙනාවෙ කියලා.

T - හ්ම්ම්.හ්ම්ම්...... 😴

S -කෝ නැගිටින්නකෝ. තනූ. හ්ම්. හ්ම්. නැගිටින්න නැගිටින්න.


T - ආහ්. ඔයා !😲
(තනූ ඇස් දෙක ලොකු කරගෙන එකපාරටම මගේ දිහා බලපු පාර ඔළුවත් ඉස්සුණා.)

S - හෝව්. හෝව්. ඔහොම පොඩ්ඩක් ඉන්න. යකෙක් නෙවෙයි ආවේ.
(මම එහෙම කියලා ඇඳේ වත්තමට කොට්ටයක් හේත්තු කළා.)

ආ ඔතනින් ඔළුව තියාගන්න. හිමීට.

T - හ්ම්ම්. ඒත්. 🤮




මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now